Showing posts with label ලංකා චන්ද්‍ර ආරියරත්න. Show all posts
Showing posts with label ලංකා චන්ද්‍ර ආරියරත්න. Show all posts

Thursday, June 25, 2020

එකමත් එක රටක ඔන්න

කමත් එක රටක ඔන්න ඉස්සර කාලේ
මස් කන්නට බොහොම කැමති බල්ලෙක් හිටියා

එක දවසක් මේ බල්ලා මස් කඩයක් ළඟින් යද්දි
මසුත් සමග මස් කටුවක් අහුලා ගත්තා

මස් කටුවත් කටින් අරං සන්තෝසෙන් උඩ පැන පැන
ගෙදර ගිහිං කන්න හිතා දුවන්න ගත්තා

බල්ල ගෙදර යන පාරේ දියපාරෙන් එගොඩ වෙන්න
දමා තිබුණ ඒදණ්ඩෙන් යන්නට තිබුණා

ඒදණ්ඩෙන් යන අතරෙදි නිකමට මෙන් බිම බැලුවම
මස් කටුවක් කටින් ගත්ත බල්ලෙකු පෙනුණා

ඒ බල්ලා බය ගන්වා ඒ මස් කටුව ද ගන්නට
හිතා ගත්තු මේ බල්ලා බුඃ බුඃ ගෑවා

කටේ තිබුණ මස් කටුවද ජබොස් ගාලා දියට වැටුණි
දියේ පෙනුණෙ සෙවණැල්ලයි බල්ල රැවටුණා

තමන්ට තිබියදිත් එකක් අනුන්ගෙ ඒවා ගන්නට
ගියොත් කාට වුවත් වන්නෙ
ඔන්න ඔය ටිකයි

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - ලංකා චන්ද්‍ර ආරියරත්න
තනුව - ආනන්ද ජයසිංහ