දුකක් නොරැඳෙන හෙටක් වෙණුවෙන්
සුසුම් සුභ පැතුමන්
ඔබට සුභ දවසක් ...//
පැනින් නහවා
ඇඟිලි ගෙල වට රනින් තැලි පළඳා
සසර ඉම තෙක් එක්ව ඉන්නට
ආදරෙන් කොඳුරා
අතින් අත බැඳුනා
ආයුබෝවන් පෙම්බරාණනි ඔබට සුභ දවසක්
දුකක් නොරැඳෙන හෙටක් වෙණුවෙන්
සුසුම් සුභ පැතුමන්
ඔබට සුභ දවසක්
හාදු තැවරූ රෝස කම්මුල්
රළු අතින් පිසවා
දෙතොල ඉකිලන
සුසුම් කැඳවන
රුදුරු බස් බණවා
නෙතු කඳුළු පුරවා
ඔබෙන් රිදවුණු නෙතින් ගිලිහුණු
කඳුළු පැන් කළසක්
යහන පාමුල විහිදුවා යමි
ඔබට සුභ දවසක්
ඔබට සුභ දවසක්
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - ශාන්ත කුමාර විතාන
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ