Showing posts with label මීගොඩ විල්සන්. Show all posts
Showing posts with label මීගොඩ විල්සන්. Show all posts

Tuesday, December 17, 2013

පාවේ වලා

පාවේ වලා
ඈත කඳු බලා
පෑ ආදරේ අමා
මා හද මවා
මා හද මවා ...//

කඳුළැල්ලෙන් හසරැල්ලෙන් සිහින මැවෙනවා
ජීවිතයේ මිහිරි සුවේ මහද නැගෙනවා
ආලෝකෙ විහිදා සංකා නැසේ
සුසුම් රැල් මැකේ
නුවන් දිය සිඳේ
පහන් පෙම දිනේ

පාවේ වලා
ඈත කඳු බලා
පෑ ආදරේ අමා
මා හද මවා
මා හද මවා

හාදව පෙම් බැන්ද රුවින් පාළුව මැකුණා
ආදර ලොව අන්ධ නොවේ දෙහදක නැගෙනා
දෑසේ මැවේ ආදරේ මල් හිනා
තුටින් පිරි ලොවේ
සහන් එළි නැඟේ
පහන් පෙම දිනේ

පාවේ වලා
ඈත කඳු බලා
පෑ ආදරේ අමා
මා හද මවා
මා හද මවා

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද - මීගොඩ විල්සන්
තනුව - මර්වින් පෙරේරා

Sunday, December 1, 2013

සෝක සැනසුම් වේදනාවන්


සෝක සැනසුම් වේදනාවන්
ආදරේ පුරවා ගෙනා
ඈගෙ නිලුපුල් දෑසෙ කඳූලැල්
ජීවිතේ මතු වාසනා
ජීවිතේ මතු වාසනා …//

වීණාවේ තත් මැද ගී ගයන්නේ
ඈ සෙනේ හද මිහිර මවා
රන්කේලි බඳිමින් මග සරසන්නේ
ජීවන ගමනේ පිහිට පතා…//

සෝක සැනසුම් වේදනාවන්
ආදරේ පුරවා ගෙනා
ඈගේ නිලුපුල් දෑසේ කඳූලැල්
ජීවිතේ මතු වාසනා
ජීවිතේ මතු වාසනා

මා සිහින විමානේ පැතුම් තටාකේ
ආදර කුසුමන් පිපී තියේ…//
සැනසීම හෝ වැනසීම ඔබගේ
ඔය නිල් දෑසේ රැඳී තියේ

සෝක සැනසුම් වේදනාවන්
ආදරේ පුරවා ගෙනා
ඈගේ නිලුපුල් දෑසේ කඳූලැල්
ජීවිතේ මතු වාසනා
ජීවිතේ මතු වාසනා…//

ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය: මීගොඩ විල්සන්
තනුව: මර්වින් පෙරේරා