Showing posts with label යූ. ආරියවිමල්. Show all posts
Showing posts with label යූ. ආරියවිමල්. Show all posts

Saturday, December 31, 2016

බෑ බෑ ගෙදර යන්න බෑ

බෑ බෑ ගෙදර යන්න බෑ //

ගෙදර යන්නෙ නෑ
මං ගෙදර යන්නෙ නෑ... //

පය ඔසවාගන්න බැහැ මගේ
සියොලඟින්ම බැඳ දමා තිබේ ...//
සිර මැදිරිය හැරලුවත් මෙසේ
මේ සිරකරු යන්නෙ නෑ කපේ
මේ සිරකරු යන්නෙ නෑ කපේ

ඉගිල යන්න ඇයි බැරී //
ඉගිල යන්න ඇයි බැරි මගෙ තාරාවෝ //

බෑ බෑ ගෙදර යන්න බෑ //

ගෙදර යන්නෙ නෑ
මං ගෙදර යන්නෙ නෑ... //

කූඩුවෙ දොර හැර දැම්මා මා
අහසෙ තියෙයි ඔබ හට සීමා ...//
විසල් ලොවට මග ඉඩ දෙන් මා
ඉතින් ඉගිලියන් තාරාවා //

බෑ බෑ ගෙදර යන්න බෑ //

ගෙදර යන්නෙ නෑ
මං ගෙදර යන්නෙ නෑ... //

දිය පීනා එයි තාරාවා
ඉගිලී පල කලු තාරාවා ...//

බෑ බෑ බෑ බෑ

දිය පීනා එයි තාරාවා..
ඉගිලී පල කලු තාරාවා ...//

ගායනය - යූ. ආරියවිමල් සහ අනුලා බුලත්සිංහල
පද රචනය - ලූෂන් බුලත්සිංහල
තනුව හා සංගීතය - විශාරද ගුණදාස කපුගේ
තාරාවෝ ඉගිලෙති නාට්‍ය යේ ගීයකි.

Friday, December 30, 2016

සෝබාව දේ


සෝබාව දේ
මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු මග පියකරුවු
සුසුදු වලා කැරලි පළසකි මේ මග දිග ඇතුරූ
අහස සූරන මැදුරු

පාර දෙපැත්තේ
සොඳුරු සල් පිල් මැද දෙව්ලොව නැති සැප විකුණන්නේ
නුවරු රිසි රිසි දේ ගෙන මසුරන් තඹයට දෙන්නේ
නිබඳ සිත ළතැවෙන්නේ

සෝබාව දේ
මෙපුර සිරි විසිතුරු බලනු මිතුර
මග පියකරුවු
සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතුරු
අහස සූරන මැදුරු

ජේත්තුකාර ලියන් ගත විලවුන් මුහුණ සිඹින්නා
සාටක දුහුල ඉරන් නාරිලතා මල් පූදින්නා

දෑසින් අමතන බස්  වැසුණු දොරක් විවර කරන්නේ
එළිපිට ඇති අවකෙළි  කිසිවෙකු  මැසිවිලි නොකියන්නේ

සෝබාව දේ
මෙපුර සිරි විසිතුරු බලනු මිතුර
මග පියකරුවු
සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතුරු
අහස සූරන මැදුරු

සැණකෙලි පුරා හඳේ නිකිනි අවන්හල් පීබිදෙන්නා
ඇසුවන් දුක් සින්දන ගී සින්දු සවන පිනන්නා ...//
සත හට සෙත සලසා අතකින් මධු විත පුරවන්නේ
සවුදිය පුරන ළඳක් රකුසු නෙතක්  පාළු කපන්නේ

සෝබාව දේ
මෙපුර සිරි විසිතුරු බලනු මිතුර
මග පියකරුවු
සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතුරු
අහස සූරන මැදුරු
සෝබාව දේ

ගායනය - යූ. ආරියවිමල් සමග රොඩ්නි වර්ණකුල
පද රචනය - ලූෂන් බුලත්සිංහල
තනුව හා සංගීතය - ගුණදාස කපුගේ

"තාරාවෝ ඉගිලෙති" වේදිකා නාට්‍ය යේ ගීයකි.