Friday, December 30, 2016
සෝබාව දේ
සෝබාව දේ
මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු මග පියකරුවු
සුසුදු වලා කැරලි පළසකි මේ මග දිග ඇතුරූ
අහස සූරන මැදුරු
පාර දෙපැත්තේ
සොඳුරු සල් පිල් මැද දෙව්ලොව නැති සැප විකුණන්නේ
නුවරු රිසි රිසි දේ ගෙන මසුරන් තඹයට දෙන්නේ
නිබඳ සිත ළතැවෙන්නේ
සෝබාව දේ
මෙපුර සිරි විසිතුරු බලනු මිතුර
මග පියකරුවු
සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතුරු
අහස සූරන මැදුරු
ජේත්තුකාර ලියන් ගත විලවුන් මුහුණ සිඹින්නා
සාටක දුහුල ඉරන් නාරිලතා මල් පූදින්නා
දෑසින් අමතන බස් වැසුණු දොරක් විවර කරන්නේ
එළිපිට ඇති අවකෙළි කිසිවෙකු මැසිවිලි නොකියන්නේ
සෝබාව දේ
මෙපුර සිරි විසිතුරු බලනු මිතුර
මග පියකරුවු
සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතුරු
අහස සූරන මැදුරු
සැණකෙලි පුරා හඳේ නිකිනි අවන්හල් පීබිදෙන්නා
ඇසුවන් දුක් සින්දන ගී සින්දු සවන පිනන්නා ...//
සත හට සෙත සලසා අතකින් මධු විත පුරවන්නේ
සවුදිය පුරන ළඳක් රකුසු නෙතක් පාළු කපන්නේ
සෝබාව දේ
මෙපුර සිරි විසිතුරු බලනු මිතුර
මග පියකරුවු
සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතුරු
අහස සූරන මැදුරු
සෝබාව දේ
ගායනය - යූ. ආරියවිමල් සමග රොඩ්නි වර්ණකුල
පද රචනය - ලූෂන් බුලත්සිංහල
තනුව හා සංගීතය - ගුණදාස කපුගේ
"තාරාවෝ ඉගිලෙති" වේදිකා නාට්‍ය යේ ගීයකි.
Labels:
ගාමිණී සමරකෝන්,
ගුණදාස කපුගේ,
යූ. ආරියවිමල්,
ලූෂන් බුලත්සිංහල
Subscribe to:
Post Comments (Atom)
1 comment:
මෙහි ගායනය , යූ ආරියවිමල් සහ රොඩ්නී වර්ණකුල ලෙස නිවැරදි විය යුතුයි ... ගාමිනී සමරකෝන් රගපෑමෙන් දායක වූවාට , ගායනය රොඩ්නි ගේ....
Post a Comment