Thursday, December 29, 2016

ආන් නඟේ සල් අත්තේ පාන්කිරිත්තා

ආන් නඟේ සල් අත්තේ පාන්කිරිත්තා
මේං බලාපන් හනිකට අඬා පනින්නා
හිතම අමුතු වුණා නඟේ ඌ තනි හින්දා
නඟේ ඌ තනි හින්දා

අයියණ්ඩී ඉගිලුණා ද පාන්කිරිත්තා
ආන් ඉතිං සල් මල උඩ බඹර පොඩිත්තා
අමුතු වුණේ හිත අහවල් දේටද මන්දා
අහවල් දේටද මන්දා

රෑන් හැදී ඇළ ඉවුරේ කොක්කු නැඟෙන්නේ
රටා පුරණ සෙවණැළි පෙළ සිහියෙ ඇඳෙන්නේ
හීන් නඟා හෙට මං යන පාර බලන්නා
ඉර දෙවියෝ ඉර සේවෙට ඒවිද මන්දා

ආන් නඟේ සල් අත්තේ පාන්කිරිත්තා
පාන්කිරිත්තා

මිදුල පුරා ඔළිඳ වැලේ ඇට ඉහිරෙණවා
කඳුළු බිංදු වෙනුවට මං ඔළිඳ ගණිනවා
කොළොම්පුරේ හැන්දෑවට ඉර රට යනවා
නුඹ සිහිවී හිත එතකොට ගම රට යනවා

ආන් නඟේ සල් අත්තේ පාන්කිරිත්තා
මේං බලාපන් හනිකට අඬා පනින්නා
හිතම අමුතු වුණා නඟේ ඌ තනි හින්දා
නඟේ ඌ තනි හින්දා

අයියණ්ඩී ඉගිලුණා ද පාන්කිරිත්තා
ආන් ඉතිං සල් මල උඩ බඹර පොඩිත්තා
අමුතු වුණේ හිත අහවල් දේටද මන්දා
අහවල් දේටද මන්දා

ගායනය - විශාරද ගුණදාස කපුගේ සහ විශාරද මාලිනී බුලත්සිංහල
පද රචනය - ලූෂන් බුලත්සිංහල
තනුව - විශාරද ගුණදාස කපුගේ

No comments: