Showing posts with label සෝමපාල රත්නායක. Show all posts
Showing posts with label සෝමපාල රත්නායක. Show all posts

Saturday, April 6, 2019

ඔබ වෙනුවෙන් මා

ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
යළි ඔබ සවනේ නොරැඳී නොගැටී
සුළඟේ මිලින වුණාවේ

දවනු දැනේ සිසි කිරණ පවා
සිසිල නොදේ මඳ පවන පවා ...//
ඔබ මුව පියුමේ
තොල් පෙති අතරේ
ඔහුගේ නම රැඳුණාවේ

ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
යළි ඔබ සවනේ නොරැඳී නොගැටී
සුළඟේ මිලින වුණාවේ

සුවඳ දැනේ ඔබෙ උදය හවා
කඳුළු නැඟේ නෙත රැයද දිවා ...//
ඔබ මුව පියුමේ
තොල් පෙති අතරේ
ඔහුගේ නම රැඳුණාවේ‍

ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
යළි ඔබ සවනේ නොරැඳී නොගැටී
සුළඟේ මිලින වුණාවේ
සුළඟේ මිලින වුණාවේ
සුළඟේ මිලින වුණාවේ
සුළඟේ මිලින වුණාවේ

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - සෝමපාල රත්නායක

1975 දී "ශාන්ස්" ලේබලයෙන් නිකුත් වූ "රන්මසු" තැටියට අඩංගු වූ ගීයකි.
තැටි අංකය Shans - 1101

සඳ උතුරා ගංගාවේ

සඳ උතුරා ගංගාවේ
ඔබෙ රුව දෝ මැවුනේ

ඇය නිදනා කුටිය කරා හමන මඳනලේ
මා තනිවී මේ ඔරුවේ ගෙවන තනි රැයේ
පවන ඇගේ හද නොසලා සවණලූ මැනේ

දෙගොඩ තලා යන වතුරේ එගොඩ පෙනි පෙනී
ඇය නොලබා සිතිනි ලබා සිහින මැවි මැවී
ගඟ මැද්දේ තනි ඔරුවේ අද ද රැය ගෙවේ

සඳ උතුරා ගංගාවේ
ඔබෙ රුව දෝ මැවුනේ ...//

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද - බණ්ඩාර කේ. විජේතුංග
තනුව - සෝමපාල රත්නායක
1975 දී "ශාන්ස්" ලේබලයෙන් නිකුත් වූ "රන්මසු" තැටියට අඩංගු වූ ගීයකි.
තැටි අංකය Shans - 1101

මුල් ගීය

පසු කලෙක කළ ගායනයක්

Sunday, December 30, 2018

ලොව දකින්නට



 ලොව දකින්නට තිබුණි දෑසක්
ලොව දිනන්නට තිබුණි දෑතක්
අහිමි වෙයි ඒ දෙනෙත් අද සිට
අහිමි වෙයි ඒ දෑත් අද සිට ....//

ඉතිරි වී ඇත තවත් මොහොතක්
මිහිරි ස්වප්නය බිඳින මොහොතක්
මෙතැන් සිට මා ඔබට හිමි නැත
මෙතැන් සිට ඔබ මට ද හිමි නැත

ලොව දකින්නට තිබුණි දෑසක්
ලොව දිනන්නට තිබුණි දෑතක්
අහිමි වෙයි ඒ දෙනෙත් අද සිට
අහිමි වෙයි ඒ දෑත් අද සිට

නොදන්නෙමු අපි අපේ හිත ගැන
එහෙත් කඳුළින් ලියමි අද දින
ඔබට මා මෙන් මට ද ඔබ මෙන්
වෙනත් කිසිවකු හමු නොවන බව

ලොව දකින්නට තිබුණි දෑසක්
ලොව දිනන්නට තිබුණි දෑතක්
අහිමි වෙයි ඒ දෙනෙත් අද සිට
අහිමි වෙයි ඒ දෑත් අද සිට

ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා
පද - දයා ද අල්විස්
තනුව සහ සංගීතය - සෝමපාල රත්නායක

Wednesday, January 25, 2017

උස්සන අත උස්සාපන්

උස්සන අත උස්සාපන්
ඒ අයිතිය උන්ට ඇතී
හොඳ දේකට උස්සන අත
ඉඹ ගන්නට අපි කැමතී
හැබැයි කැත දේකට උස්සන අත (හැහ් හැහ් හැහ් හා)
කැත දේකට උස්සන අත
එහෙම අයිති උන්ට නැතී
කැත දේකට උස්සන අත
වට්ටන එක මට අයිතී
මල්ලි හිත හොඳ පිල රජ වෙන කල (හහ් හා)
පොඩි මිනිහට එයි හොඳ කල .....//

විල්දුද උඩ කකුල තියන් යන මිනිහට අපි කැමතී
ඒත් විල්දුද උඩ යන හුඟවුන්
අපි යනවට නැහැ කැමතී
ඒ හින්දම අපි යන මඟ උන් හැම උල් කටු තියතී
කටු ගහනා එහෙම කකුල් විසි කිරීම මට අයිතී
මල්ලි හිත හොඳ පිල රජ වෙන කල (හහ් හා)
පොඩි මිනිහට එයි හොඳ කල

උස්සන අත උස්සාපන්
ඒ අයිතිය උන්ට ඇතී
හොඳ දේකට උස්සන අත
ඉඹ ගන්නට අපි කැමතී
හැබැයි කැත දේකට උස්සන අත (හැහ් හැහ් හැහ් හා)
කැත දේකට උස්සන අත
එහෙම අයිති උන්ට නැතී
කැත දේකට උස්සන අත
වට්ටන එක මට අයිතී
මල්ලි හිත හොඳ පිල රජ වෙන කල (හහ් හා)
පොඩි මිනිහට එයි හොඳ කල

ගායනය - ග්‍රේෂන් ආනන්ද සහ ෆ්‍රෙඩී සිල්වා
පද - සෝමපාල ලීලානන්ද   
තනුව හා සංගීතය - සෝමපාල රත්නායක

1991 දී තිරගතවූ 'පාරාදීසේ' චිත්‍රපටියේ ගීයකි.

පායන සඳ කිරණේ

පායන සඳ කිරණේ
සිහිල පතාගෙන
පායන තරු රෑණේ
රැජිණිය වාගේ
පහන්තරුව වේවී ඔබ මට
පහන්තරුව වේවී

පායන හිරු කිරණේ
පහස පතාගෙන ...//
පූදින මල් පළඳා
ගෙන එන පහන් කන්ද වේවී

පුර සෙන්පති විසිරින් සිරිදේ
තුරු හිස් අමිල මලෙන් පුද දේ
ප්‍රේමය මේ යැයි සසර සරා එන
පෙම් යුවලක් වේවා
ඔබ මා පෙම් යුවලක් වේවා

පහන් තරුව වේවී ඔබ මට
පහන් තරුව වේවී

පායන සඳ කිරණේ
සිහිල පතාගෙන
පායන තරු රෑණේ
රැජිණිය වාගේ
පහන්තරුව වේවී ඔබ මට
පහන්තරුව වේවී

මිහිරෙන් මිහිරකි මී විසිරී
සුවඳින් සුවඳකි ගී මිහිරී
ප්‍රේමය මේ යැයි ලොවට කියා දෙන
පෙම් යුවලක් වේවා
ඔබ මා පෙම් යුවලක් වේවා

පහන් කන්ද වේවී
ඔබ මට පහන් කන්ද වේවී

පායන හිරු කිරණේ
පහස පතාගෙන ...//
පූදින මල් පළඳා
ගෙන එන පහන් කන්ද වේවී

පායන සඳ කිරණේ
සිහිල පතාගෙන
පායන තරු රෑණේ
රැජිණිය වාගේ
පහන්තරුව වේවී ඔබ මට
පහන්තරුව වේවී

ගායනය - ග්‍රේෂන් ආනන්ද සහ ලතා වල්පොල
පද - සෝමපාල ලීලානන්ද
තනුව හා සංගීතය - සෝමපාල රත්නායක

1991 දී තිරගතවූ 'පාරාදීසේ' චිත්‍රපටියේ ගීයකි.

පාන්දර ජාමේ කුකුළො හඬන්නා

පාන්දර ජාමේ කුකුළො හඬන්නා
ඉඟි බිඟි ගැණු ළමෝ බැල්ම හෙළන්නා
මන්දහාස ඔය දෑසේ උකුලු මුකුලු දාලා
නින්දක් නේන රෑ පානේ අපට අඟර පාලා
සංකාවෝ සින්දාවී ගැණු ළමෝ මේ ..//

රප්ප පපා පපරං පපා රපපා රපපා
රපා පපා රපරං පපා රපපා පපපා

අනේ රජෝ හංග ගෙනා කුමාරිකාවී
හෙට හැංගි හොරා ඔන්න අපේ ගෙදරට ඒවී
අනේ රජෝ හංගා ගෙනා කුමාරිකාවී
හෙට හැංගි හොරා ඔන්න අපේ ගෙදරට ඒවී

අපි ඇද්ද ලණුව දැම්ම කොඩිය ගිය ගිය පැත්තේ
ඔය අපට උඩින් කවුද ගිහිං ජය අරගත්තේ (අහ)

මේව අහල පණ පලයං ලබන පෙරේදා

හෝයි
පාන්දර ජාමේ (හොහෝ)
කුකුළො හඬන්නා (හහා)
ඉඟි බිඟි ගැණු ළමෝ බැල්ම හෙළන්නා

මූදු හතින් ඉගිල්ලිලා මේ අපි එන්නේ
මකර කටින් රිංග යන්න නෑ බයවෙන්නේ

ඒ...
මූදු හතින් ඉගිල්ලිලා මේ අපි එන්නේ
මකර කටින් රිංග යන්න නෑ බයවෙන්නේ

උලේ පිලේ කොහෙත් අපට වෙනසක් නෑ නෑ
මේ උලේ පිලේ කොහෙත් අපට වෙනසක් නෑ නෑ

මේව අහල පණ පලයං ලබන පෙරේදා

හේයි

පාන්දර ජාමේ කුකුළො හඬන්නා
ඉඟි බිඟි ගැණු ළමෝ බැල්ම හෙළන්නා
මන්දහාස ඔය දෑසේ උකුලු මුකුලු දාලා
නින්දක් නේන රෑ පානේ අපට අඟර පාලා
සංකාවෝ සින්දාවී ගැණු ළමෝ මේ

රප්ප පපා පපරං පපා රපපා රපපා
රප පප රප රප පප පප රපප් පපප් රපප් රපප් පා

ලොවේ ඉන්න තුරු පමණයි මේ ගී සින්දූ
සදා රැඳෙයි ලොවේ යාළු මිතුරුකම් හද බැන්දූ

ලොවේ ඉන්න තුරු පමණයි මේ ගී සින්දූ
සදා රැඳෙයි ලොවේ යාළු මිතුරුකම් හද බැන්දූ

මේ ලෝකේ අම්බලමේ මිනිසුන් වූ දා
කොයි කවුරුත් එක වාගෙයි මෙතෙන්ට ආ දා

මේව අහල පණ පලයං ලබන පෙරේදා

හෝයි
හොහෝ (හහ් හහ් හා )
ඔහොහො ඔහොහො (ÿæ Ÿÿ..)
ඔහොහෝ... ( ÿæහ් .. ÿæහ් ..)
(ÿæ §µ£ Ÿÿ ... €Æ.. ÿæ §µ£ Ÿÿ ... €Æ..)
ඔහොහෝ..

ගායනය - එච්.ආර්. ජෝතිපාල සහ ඩෙස්මන්ඩ් රුද්‍රිගෝ
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව හා සංගීතය - සෝමපාල රත්නායක
1991 දී තිරගතවූ “පාරාදීසේ’ චිත්‍රපටියේ ගීයකි.

මේ ගීය ඇතුළත් චිත්‍රපටිය තිරගත වන විට එච්.ආර්. ජෝතිපාල අපෙන් සමුගෙන ගොස් ය.
“පාරාදීසේ’ චිත්‍රපටිය සඳහාම නිර්මාණය වූ ගීයක් ද කියන්නට නොදනී.