සඳ උතුරා ගංගාවේ
ඔබෙ රුව දෝ මැවුනේ
ඇය නිදනා කුටිය කරා හමන මඳනලේ
මා තනිවී මේ ඔරුවේ ගෙවන තනි රැයේ
පවන ඇගේ හද නොසලා සවණලූ මැනේ
දෙගොඩ තලා යන වතුරේ එගොඩ පෙනි පෙනී
ඇය නොලබා සිතිනි ලබා සිහින මැවි මැවී
ගඟ මැද්දේ තනි ඔරුවේ අද ද රැය ගෙවේ
සඳ උතුරා ගංගාවේ
ඔබෙ රුව දෝ මැවුනේ ...//
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද - බණ්ඩාර කේ. විජේතුංග
තනුව - සෝමපාල රත්නායක
1975 දී "ශාන්ස්" ලේබලයෙන් නිකුත් වූ "රන්මසු" තැටියට අඩංගු වූ ගීයකි.
තැටි අංකය Shans - 1101
මුල් ගීය
පසු කලෙක කළ ගායනයක්
No comments:
Post a Comment