ඉවුරු තලා ගංගා බැස යනවා
මහද සලා ඔබ ඉවතට යනවා ..//
මන්දර පවුවේ හිම පිය සේ
චන්දන අරණේ මද සිසිලේ ...//
සුව නොලබා ගියේ දෝ කෙසේ
ඉවුරු තලා ගංගා බැස යනවා
මහද සලා ඔබ ඉවතට යනවා
කඩුපුල් නෙළලා පිණි ඉසලා
රන් හුය පටලා අමුණාලා ...//
සිටියෙමි මා ඔබ එන තුරා
ඉවුරු තලා ගංගා බැස යනවා
මහද තලා ඔබ ඉවතට යනවා ..//
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - පැට්‍රික් දෙනිපිටිය
1975 දී "ෂන්ස්" ලේබලයෙන් නිකුත් වූ "රන්මසු" තැටියට අඩංගු වූ ගීයකි.
තැටි අංකය Shans - 1101
මුල් ගීය
පසු කලෙක කළ ගායනයක්
2 comments:
තැටි ලේබලය ශාන්ස් නෙමෙයි ෂන්ස්(සංගීතඥ ෂන්මුගම් ට අයත් තැටි ලේබලයකි) නේද?
ස්තුතියි. නිවැරදි කරන ලදී.
Post a Comment