Showing posts with label ලාංකිකා පෙරේරා. Show all posts
Showing posts with label ලාංකිකා පෙරේරා. Show all posts

Monday, April 1, 2019

සඳයි තරුයි රැයයි හිරුයි

සඳයි තරුයි රැයයි හිරුයි මගේ මේ ලොවේ
මමයි ඔබයි අපේ සිතයි සදා වෙන්නොවේ

මඳ සිනහා රතු දෙතොලේ
මට නොපෙනී හද හැකිලේ ...//

සඳයි තරුයි රැයයි හිරුයි මගේ මේ ලොවේ
මමයි ඔබයි අපේ සිතයි සදා වෙන්නොවේ

මඳ සිනහා රතු දෙතොලේ
මට නොපෙනී හද හැකිලේ ...//

මා සොඳුරු මිහිරි සිහින ඔබ ගැන දුටිමී
ඒ සිහින සැබෑ ලොවේ මිය යනු දුටිමී
කොවුල් ගීත මගෙ සවණේ පිළිරැව් දුන්නා
අවුල් වී මගේ ගත සිත මට දුක දුන්නා

මඳ සිනහා රතු දෙතොලේ
මට නොපෙනී හද හැකිලේ ...//

සඳයි තරුයි රැයයි හිරුයි මගේ මේ ලොවේ
මමයි ඔබයි අපේ සිතයි සදා වෙන්නොවේ

මඳ සිනහා රතු දෙතොලේ
මට නොපෙනී හද හැකිලේ ...//

මා සොඳුරු මිහිරි සිහින ඔබ ගැන දුටිමී
ඒ සිහින සැබෑ ලොවේ මිය යනු දුටිමී
කොවුල් ගීත මගෙ සවණේ පිළිරැව් දුන්නා
අවුල් වී මගේ ගත සිත මට දුක දුන්නා

මඳ සිනහා රතු දෙතොලේ
මට නොපෙනී හද හැකිලේ ...//

සඳයි තරුයි රැයයි හිරුයි මගේ මේ ලොවේ
මමයි ඔබයි අපේ සිතයි සදා වෙන්නොවේ

මඳ සිනහා රතු දෙතොලේ
මට නොපෙනී හද හැකිලේ ...//

ගායනය - ගෝල්ඩන් චයිම්ස් ( අනිල් භාරතී සහ ලාංකිකා පෙරේරා)
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
1972 වසරේ නිකුත් කළ "The Dynamic New Sound of the Golden Chimes - Volume 2" EP තැටියට අඩංගු වූ ගීයකි.
(EP Sooriya / CHB 022)

පැරණි ගායනයක්


නව ගායනයක්

Sunday, March 31, 2019

මලයි වැලයි එක වාගේ

මලයි වැලයි එක වාගේ
ඔබයි ප්‍රියේ නෙත මාගේ

සිනා කැළුම් (හා හහ හා හා)
මට ඈගේ (හා හහ හා ) ...//

සාගරයේ මුතු හා සමගින්
ආදරයේ දෙවොලට කැපවී

සීතල සෙවණේ (ආ....
මගෙ හද නිවුණේ (ආ....
ඔබ ගැන සිතුවිලි මතුවීලා

මලයි වැලයි එක වාගේ
ඔබයි ප්‍රියේ නෙත මාගේ

සිනා කැළුම් (හා හහ හා හා)
මට ඈගේ (හා හහ හා ) ...//

සිහින ලොවක් මැද තනි වෙන්න
මට ආසයි ඔබෙ අත ගෙන යන්න

මා සතු මිහිරේ (ආ....
සැනසුම ඔබවේ (ආ....
ඔබ මා පණ සේ රැක ගන්න

මලයි වැලයි එක වාගේ
ඔබයි ප්‍රියේ නෙත මාගේ

සිනා කැළුම් (හා හහ හා හා)
මට ඈගේ (හා හහ හා ) ...//

පළිඟු මිණි තලා කඳු මත්තේ
පුලින තැනිතලා වන පෙත්තේ

මා සැරි සරමී (ආ....
ඔබ ගැන සිතමී (ආ....
ඒ ගැන පමණයි සිත ඇත්තේ

මලයි වැලයි එක වාගේ
ඔබයි ප්‍රියේ නෙත මාගේ

සිනා කැළුම් (හා හහ හා හා)
මට ඈගේ (හා හහ හා ) ...//

මලයි වැලයි එක වාගේ
ඔබයි ප්රියේ නෙත මාගේ ....///

ගායනය - ගෝල්ඩන් චයිම්ස් (ක්ලැරන්ස් විජේවර්ධන සහ ලාංකිකා පෙරේරා)
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
1971 වසරේ නිකුත් කළ "මාගේ වියෝවෙන්" තැටියට ඇතුළත් වූ ගීයකි.

Friday, March 29, 2019

කිමද නාවේ


කිමද නාවේ ඇයි නාවේ තරහ වී
කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
පෙර නූයේ ඇයි වූයේ අද වගේ
කිමද නාවේ ඇයි නාවේ අද ඔයා

හැමදාම බලා සිටියා
මගෙ කවුළුව ළඟට වෙලා ..//
කවදාවත්
නෑ වූයේ මේ වාගේ

කිමද නාවේ ඇයි නාවේ තරහ වී
කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
පෙර නූයේ ඇයි වූයේ අද වගේ
කිමද නාවේ ඇයි නාවේ අද ඔයා

මගෙ පැල්පත අද පාළුයි
නිහඬයි අඳුරයි ඇත්තේ ....//
කවදාවත්
නෑ වූයේ මේ වාගේ

කිමද නාවේ ඇයි නාවේ තරහ වී
කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
පෙර නූයේ ඇයි වූයේ අද වගේ
කිමද නාවේ ඇයි නාවේ අද ඔයා

ගායනය - ගෝල්ඩන් චයිම්ස් (ක්ලැරන්ස් විජේවර්ධන සහ ලාංකිකා පෙරේරා)
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන


1970 වසරේ ක්ලැරන්ස් මූන්ස්ටෝන් කණ්ඩායම හැර ගොස් ගෝල්ඩන් චයිම්ස් කණ්ඩායම නිර්මාණය කළේය. කිමද නාවේගීය, 1971 ජනවාරියේ නිකුත් කළ ඔවුන්ගේ The Dynamic New Sound of the Golden Chimes ඇල්බමයට ඇතුළත්වූ ගීයකි.