සඳයි තරුයි රැයයි හිරුයි මගේ මේ ලොවේ
මමයි ඔබයි අපේ සිතයි සදා වෙන්නොවේ
මඳ සිනහා රතු දෙතොලේ
මට නොපෙනී හද හැකිලේ ...//
සඳයි තරුයි රැයයි හිරුයි මගේ මේ ලොවේ
මමයි ඔබයි අපේ සිතයි සදා වෙන්නොවේ
මඳ සිනහා රතු දෙතොලේ
මට නොපෙනී හද හැකිලේ ...//
මා සොඳුරු මිහිරි සිහින ඔබ ගැන දුටිමී
ඒ සිහින සැබෑ ලොවේ මිය යනු දුටිමී
කොවුල් ගීත මගෙ සවණේ පිළිරැව් දුන්නා
අවුල් වී මගේ ගත සිත මට දුක දුන්නා
මඳ සිනහා රතු දෙතොලේ
මට නොපෙනී හද හැකිලේ ...//
සඳයි තරුයි රැයයි හිරුයි මගේ මේ ලොවේ
මමයි ඔබයි අපේ සිතයි සදා වෙන්නොවේ
මඳ සිනහා රතු දෙතොලේ
මට නොපෙනී හද හැකිලේ ...//
මා සොඳුරු මිහිරි සිහින ඔබ ගැන දුටිමී
ඒ සිහින සැබෑ ලොවේ මිය යනු දුටිමී
කොවුල් ගීත මගෙ සවණේ පිළිරැව් දුන්නා
අවුල් වී මගේ ගත සිත මට දුක දුන්නා
මඳ සිනහා රතු දෙතොලේ
මට නොපෙනී හද හැකිලේ ...//
සඳයි තරුයි රැයයි හිරුයි මගේ මේ ලොවේ
මමයි ඔබයි අපේ සිතයි සදා වෙන්නොවේ
මඳ සිනහා රතු දෙතොලේ
මට නොපෙනී හද හැකිලේ ...//
ගායනය - ගෝල්ඩන් චයිම්ස් ( අනිල් භාරතී සහ ලාංකිකා පෙරේරා)
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
1972 වසරේ නිකුත් කළ "The Dynamic New Sound of the Golden Chimes - Volume 2" EP තැටියට අඩංගු වූ ගීයකි.
(EP Sooriya / CHB 022)
පැරණි ගායනයක්
නව ගායනයක්
No comments:
Post a Comment