Showing posts with label රෝහණ දන්දෙණිය. Show all posts
Showing posts with label රෝහණ දන්දෙණිය. Show all posts

Saturday, June 6, 2015

රත්නවල්ලි පරපුරට උරුම

රත්නවල්ලි පරපුරට උරුම වුණ
පින්න මලක් වැනි පිපුණු කැලේ
ගිගිරි සළා එන රුවේ අසිරි දැක
සතුටු සිනා රැළි මෝදු කෙරේ ..//

ඇඟිලි තුඩේ තඹ තැටිය වගේ
කලදවස නුඹේ රවුමට කැ‍රකේ ..//
අත්ල බලා මතු දවස කියන කල
මතු දවසක් ගැන නැද්ද සිතේ

රත්නවල්ලි පරපුරට උරුම වුණ
පින්න මලක් වැනි පිපුණු කැලේ
ගිගිරි සළා එන රුවේ අසිරි දැක
සතුටු සිනා රැළි මෝදු කෙරේ

ගව්වෙන් ගව්වට ගිමන නිවා යන
බරක් හිතේ නැති ගාඩි රැහේ ..//
තහංචි සිඳ බිඳ නිදහස් ගමනක
එන්න හිතයි මට සුහුරු ලියේ

රත්නවල්ලි පරපුරට උරුම වුණ
පින්න මලක් වැනි පිපුණු කැලේ
ගිගිරි සළා එන රුවේ අසිරි දැක
සතුටු සිනා රැළි මෝදු කෙරේ ..//

ගායනය - ජානක වික්‍රමසිංහ
පද රචනය - රෝහණ දන්දෙණිය
තනුව හා සංගීතය - උපාලි ජයලත්

Wednesday, May 13, 2015

අනේ හාන්දුන්නේ

අනේ හාන්දුන්නේ
දුක කියා පාන්නට දොර පිල අසලින් ඉන්නේ
ගාඩි ඇත්ති මං
පින්කඳ මට අවසර දෙන්නේ
අනේ හාන්දුන්නේ

වැරිසල් ඉනකඩ ඉන වට තඹ තැටි අත රැඳෙනා //
හෙළනා සුසුමින් පණ ලැබ රවුමට කරකැවෙනා

අනේ හාන්දුන්නේ
දුක කියා පාන්නට දොර පිල අසලින් ඉන්නේ
ගාඩි ඇත්ති මං
පින්කඳ මට අවසර දෙන්නේ
අනේ හාන්දුන්නේ

වේවැල් පතුරට හීරෙණ ඇඟිලි තුඩින් මැවෙනා //
ජීවිතයෙන් රටා අරන් වට්ටි පෙට්ටි වියනා

අනේ හාන්දුන්නේ
දුක කියා පාන්නට දොර පිල අසලින් ඉන්නේ
ගාඩි ඇත්ති මං
පින්කඳ මට අවසර දෙන්නේ
අනේ හාන්දුන්නේ

ගායනය - නි‍රෝෂා විරාජිනී
පද රචනය - රෝහණ දන්දෙණිය
තනුව - තිස්සසිරි පෙරේරා