Showing posts with label අරුණ ගුණවර්ධන. Show all posts
Showing posts with label අරුණ ගුණවර්ධන. Show all posts

Sunday, March 15, 2015

හන්තාන සිහිනේ

බලා වැළපෙමි
නෙළාගනු බැරි
හන්තාන සිහිනේ
දරා නෙත් අග
දොවා සිත් මල
ගොතනු මැන ළඳුනේ
සංසාර සිහිනේ

වැහි පබළු යට
රඟමඬල මැද
ඔබේ දෑතේ තුරුළු වෙන්නට
බිසෝ හැර ගිය
ලසෝ රඟහළ
අමාවක අඳුරේ
නො එනු මැන ළඳුනේ

බලා වැළපෙමි
නෙලාගනු බැරි
හන්තාන සිහිනේ

වඩින තුරු සඳ
දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
සොඳුරු මේ සඳ දියේ එන්නම්
හිඳිනු මැන සොඳුරේ
හන්තාන අරණේ

ම්ම්ම් ම් ම් ම්
ම්ම්ම් ම් ම් ම්

හන්තාන සිහිනේ

ම්ම්ම් ම් ම් ම්

ගායනය - උමාරියා සිංහවංශ සමග පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - ජානක සිරිවර්ධන
තනුව හා සංගීතය - අරුණ ගුණවර්ධන

Sunday, December 1, 2013

හද පෙළන්න

හද පෙළන්න පෙළන්න පෙළන්න
මට දැණුනා ඉඟියක් කළින්ම
ඔබ කියන්න පෙර තව හිතන්න
ආදරයට නැවතුම තබන්න ...//
පෙළන්න හදවත පෙළන්න

අප හමුවූ තැන තැන දකින්න
තව දවසක්වත් යමු හිඳින්න
ආදරයේ උණුසුම විඳින්න
හැකිදැයි තව සැරයක් බලන්න

හද පෙළන්න පෙළන්න පෙළන්න
මට දැණුනා ඉඟියක් කළින්ම
ඔබ කියන්න පෙර තව හිතන්න
ආදරයට නැවතුම තබන්න
පෙළන්න හදවත පෙළන්න

මගෙ දෙනෙතේ කඳුළක් දකින්න
බැරි බව දන්නේ නම් හිඳින්න
අපි අපගේ ගැළපුම් සොයන්න
ඉඩදෙමු කාලයටත් බලන්න

හද පෙළන්න පෙළන්න පෙළන්න
මට දැණුනා ඉඟියක් කළින්ම
ඔබ කියන්න පෙර තව හිතන්න
ආදරයට නැවතුම තබන්න ...//
පෙළන්න හදවත පෙළන්න
පෙළන්න
පෙළන්න

ගායනය - නිරෝෂා විරාජිනී
පද - ධනුෂ්ක ප්‍රනාන්දු
තනුව - අරුණ ගුණවර්ධන