Showing posts with label ට්‍රිලීෂියා ගුණවර්ධන. Show all posts
Showing posts with label ට්‍රිලීෂියා ගුණවර්ධන. Show all posts

Sunday, January 13, 2019

සුරතල් නංගියෙ


සුරතල් නංගියෙ අපෙ අම්මා
ඇඟ ලේ කැටි කිරි කර නම්මා
පොඩි අවධියෙ අපහට පෙව් හින්දා
අම්මට මම වැන්දා

අයියා කීවා මට හරි නෑ
තාත්තා අම්මට වැඩිය අගෙයි
නිතරම අප ගැන වෙහෙසෙන හින්දා
පියාට මම වැන්දා

නංගී එය හිතුවොත් වැරදී
එතකොට නංගිට පවු සිදුවෙයි
ඔබ පොඩි කාලේ හුරතල් බල බල
අම්මා දුක් වින්දා

තාත්තා මුදලුත් දෙන්නේය
දුන්නම අයියත් ගන්නේය
මදිවී තව ඉල්ලන්නෙත් අයියයි
බැන්නෙත් අද අයියයි

දොදොල් කියා මොනවා දුන්නත්
මෝඩියෙ කොපමණ උඩ පැන්නත්
අම්මා පියාට වැඩිය හොඳයි මට
නංගියෙ ඔබ බැන්නත්

නැටුම් බලන්නට එදා ගොසින්
මිනිස්සු අතරේ හිටිය නිසා
මාව වඩාගෙන පෙන්නුවෙ අයියේ
තාත්තා නොවෙද මගේ

නංගිගෙ තාත්තා කළුම කළුයි
අපෙ අම්මා නම් සුදුම සුදුයි
එබැවින් අම්මා පියාට වැඩියෙන්
සුදු පාටින් ඉහළයි


අයියේ සුදු නම් ලස්සණ ද?

පොල් බෑයත් හරි සුදු නේද
එහෙනම් අයියට සැමටම වැඩියෙන්
ලස්සණ පොල් බෑයයි

නංගී හොඳ නෑ දඟ කෙල්ල
කොයි දේකටවත් නැහැ මෙල්ල
අම්මා ඔබ හට ලෙඩ සෑදුන විට
කඳුළු සලා හැඬුවා

ඔය වචනය අයියේ හරියෑ
අඬන්න නම් කාටත් බැරියෑ
දවසක් අයියත් දොර ළඟ වැටිලා
හූ තිය තිය ඇඬුවේ

අපි මෙය දැන් බේරා ගනිමු
සිරි අයියාගෙන් ගොස් අසමූ
අම්මද තාත්තද හොඳ කියලා
එතකොට සිරි අයිය කියයි

ඔව් ඔව් මම ඒකට කැමතී
සිරි අයියල මේවා දනිතී
යමු යමු අයියේ යමු යමු අයියේ
සිරි අයියා ළඟටා

සිරි අයියේ කරුණක් අසමී
අම්මද තාත්තද වැඩිය අගේ
කරුණාවෙන් සිරි අයියා අපහට ‍
බේරා දෙනවාද?

අම්ම හොඳයි කිවුවත් වැරදී (හී)
තාත්ත හොඳයි කීවත් වැරදී (හූ)
එබැවින් නංගියෙ මල්ලියෙ පවසමි
දෙන්නම හොඳය කියා

ගායනය - විජය සමග ට්‍රිලීෂියා ගුණවර්ධන
පද රචනය - යූ.ඒ.එස්. පෙරේරා (සිරි අයියා)

තනුව - අඥාතයි