Showing posts with label ඔස්ටින් මුණසිංහ. Show all posts
Showing posts with label ඔස්ටින් මුණසිංහ. Show all posts

Saturday, October 16, 2021

දීකිරි දීකිරි ගෙනාව දීකිරි

දීකිරි

දීකිරි දීකිරි ගෙනාව දීකිරි
මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි.....//

පැටියා මෝරපු දෙණ ගෙන් ගත් කිරි
හොඳ හැටි උණු කොට හින්දාගත් කිරි
නැවුම් මුට්ටියේ වත්කළ මේ කිරි
පණමෙට ලාබයි මං දෙන මේ කිරි

දීකිරි දීකිරි ගෙනාව දීකිරි
මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි

කිරි විකුණාලා කාසි හොයන්නයි
අනාගතේ මාලිගා තනන්නයි
කුමාරයෙක් ගෙදරට කැන්දන්නයි

මුට්ටිය බිඳුනොත් ඔක්කොම ඉවරයි

දීකිරි දීකිරි ගෙනාව දීකිරි
මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි

හිස මගෙ දෙදරයි දෙපා රුදා දෙයි
රෑ වෙන්නට පෙර ගෙදරට යන්නයි
පණමේ කිරි ගෙන පිහිටක් වෙන්නයි

මගෙ මංගල්ලෙට ඔහෙලත් එන්නයි

දීකිරි දීකිරි ගෙනාව දීකිරි
මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි

පැටියා මෝරපු දෙණ ගෙන් ගත් කිරි
හොඳ හැටි උණු කොට හින්දාගත් කිරි
නැවුම් මුට්ටියේ වත්කළ මේ කිරි
පණමෙට ලාබයි මං දෙන මේ කිරි

දීකිරි දීකිරි ගෙනාව දීකිරි
මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි

ගායනය - අනුලා බුලත්සිංහල
සංගීතය - ඔස්ටින් මුණසිංහ
ගී පද - ලූෂන් බුලත්සිංහල
"රතු හැට්ටකාරී" වේදිකා නාට්‍ය යේ ගීයකි.



ලූෂන් බුලතසිංහලයන් මේ ගීය රචනයට පාදක කරගන්නේ පැරණි සැහැල්ලකි.

පණ්ඩිත එෆ්.එක්ස්.සී. නඩරාජා මහතාගේ ද්‍රවිඪ සැහැලි එකතුවේ එන සැහැල්ලක් මෙසේය. පහත දැක්වෙන්නේ දැනට ද මඩකලපුවේ ගම්බද දීකිරි වෙළෙන්දියන් විසින් ගැයෙන දීකිරි සැහැල්ලෙහි සිංහල පරිවර්තනයයි.

දීකිරි දීකිරි තියෙනවා දීකිරි
මිහිපිට මහිලාවනි හොඳ දීකිරි

ඊයෙම දොවලා ඊයෙම උණු කළ
බලන්න අම්මෙනි
මේවයි දීකිරි

මගෙ බස නිබොරුයි
ඇඹුල් රහක් කිසි නොසිතන් තිබෙතැයි

ගෙඩි නැගි කල මෙන්
හිස මගෙ දෙදරයි
මිල නම් අම්මෙනි හය පනමක් මයි
රෑ වෙන්නට පෙර
ගෙට යා යුතුමයි

දීකිරි දීකිරි තියෙනවා දීකිරි
මිහිපිට මහිලාවනි හොඳ දීකිරි

ලූෂන් බුලතසිංහල, "රතු හැට්ටකාරී" නාට්‍යයට දීකිරි දීකිරි ගීය ගෙතුවේ ඉහත සැහැල්ල අනුසාරයෙනි.

අනුලා බුලත්සිංහල මහත්මිය TVlanka රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින් මේ ගීය ගැයූ අයුරු




Sunday, March 7, 2021

මොංගෝලියානුවනී

හාහ හා හා හා...
හහ හාහහ හාහා හා...
හාහහ හාහහ හා...
හහ හාහහ හාහා හා... .....//

මොංගෝලියානුවනී කහවන් ආසියාවේ
කොකේසියානුවනී සුදුවන් යුරෝ දේසේ
නිග්‍රෝ වරුනී කළුවන් අප්‍රිකාවේ

උරය පලා සැතකින් බලන් රුහිරූ
එක රතු පැහැයෙන් ගලා හැළෙන අයුරූ

හාහ හා හා හා...
හහ හාහහ හාහා හා...
හාහහ හාහහ හා...
හහ හාහහ හාහා හා...

සිංහල ජනයිනි රුහුණු මායා පිහිටි රටේ
දමිළ ජනයිනි යාපා පටුනේ මඩකලපුවෙ තිරිකුණාමලේ
මුස්ලිම් ජනයිනි බේරුවල හම්බන්තොට තිහාරියේ

උරය පලා සැතකින් බලන් රුහිරූ
එක රතු පැහැයෙන් ගලා හැළෙන අයුරූ

හාහ හා හා හා...
හහ හාහහ හාහා හා...
හාහහ හාහහ හා...
හහ හාහහ හාහා හා...

බොදුනුවනී දන් පින් හී යෙදෙන පන්සලේ
කිතුණුවනී යදින යාතිකා දෙව්මැදුරේ
මුස්ලිමුනී කියන කුරාණය පල්ලියේ

උරය පලා සැතකින් බලන් රුහිරූ
එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරූ

හාහ හා හා හා...
හහ හාහහ හාහා හා...
හාහහ හාහහ හා...
හහ හාහහ හාහා හා...

බමුණනි වරෝ වෙල්ලාවට
පූන නූලෙන් දිය ලණු බැඳගෙන
බමුණනි වරෝ වෙල්ලාවට
පූන නූලෙන් දිය ලණු බැඳගෙන
රජකයිනි ගනිව් සිහසුන
වෙල්ලා හැලියෙන් සෝදා අත පය
රජකයිනි ගනිව් සිහසුන
වෙල්ලා හැලියෙන් සෝදා අත පය
සිහල ගිනි දණ්ඩේ
දමිළ වෙඩි උණ්ඩේ
ගෝත්‍ර වාදී ඉලක්ක වලකා සිහලුනේ යමවු යාපා පටුනට
දමිළයිනි වරෝ රුහුණට

උරය පලා සැතකින් බලන් රුහිරූ
එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරූ

හාහ හා හා හා...
හහ හාහහ හාහා හා...
හාහහ හාහහ හා...
හහ හාහහ හාහා හා... .....//

ගායනය - ආචාර්ය නන්දා මාලිනී ඇතුළු පිරිස
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය - ඔස්ටින් මුණසිංහ

1987 දී හමාගිය "පවන" නල සැරයෙන් ....
කුණාටුවක් ද, ටොනාඩෝවක් ද... නොදනිමි.
යට ගැසූ... මිහිදන් කළ...
එද, අදත් විලාප නඟන ...
ලක් මවගේ වැලපුම් හඬේ දෝංකාරයයි.

Tuesday, March 19, 2019

රට රට රාජ්ජේ

රට රට රාජ්ජේ දීපංකරේහී
රෑට අනේ හිත දනවා
නැවු නැඟ ආවෙමි ඉහිලුම් නොදී මට
නුඹ ආලෙන් සිහිවෙනවා

අපට මේ හැටි මොකද ලෙන්ගතු
ඒකද ගම ආවේ
නැතුවද ඒ රට ලන්දූ සිනාවෙන්
ආල වදන් කීවේ

මද්දහනේ සිට ගිණි කාස්ටකේ නොවැ
ආදර හීතල නෑ ඒ රටේ
ඒ දුක් තැවුල් මං කාට කියන්නද
දින ගැණ ගැණ මං උන්නා ඔහේ

කීවොත් ඔයා පවු සිද්ධවේ අපි කොහේද සිහිවෙන්නේ
සාජ්ජ දාගෙන උන්නු හැටි එහෙ කාටද හංගන්නේ

රට රට රාජ්ජේ දීපංකරේහී
රෑට අනේ හිත දනවා
නැවු නැඟ ආවෙමි ඉහිලුම් නොදී මට
නුඹ ආලෙන් සිහිවෙනවා

අපට මේ හැටි මොකද ලෙන්ගතු
ඒකද ගම ආවේ
නැතුවද ඒ රට ලන්දූ සිනාවෙන්
ආල වදන් කීවේ

කාසි පනම් හෙම හරි හම්බ කරගෙන
රත්තරනේ ආවෙ නුඹ හින්ද නේ
පෑල දොරින් යන හද ආලෙ නෑ අපෙ
හිත උහුලාගෙන අපි උන්න නේ

ගම්මැද්දෙ කී ඔය කයි කතන්දර නෑ ඔයා දන්නේ
මා දමා රට රාජ්ජෙහී තව ආයේ නෑ යන්නේ

රට රට රාජ්ජේ දීපංකරේහී
රෑට අනේ හිත දනවා
නැවු නැඟ ආවෙමි ඉහිලුම් නොදී මට
නුඹ ආලෙන් සිහිවෙනවා

අපට මේ හැටි මොකද ලෙන්ගතු
ඒකද ගම ආවේ
නැතුවද ඒ රට ලන්දූ සිනාවෙන්
ආල වදන් කීවේ

ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ මාලිනී බුලත්සිංහල
පද - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - ඔස්ටින් මුණසිංහ

Thursday, January 5, 2017

අයියණ්ඩියෙ පොඩි දා සිට

අයියණ්ඩියෙ පොඩි දා සිට අපි දෙන්නා
එක වහලක් යට වැළි කෙළිමින් උන්නා
එක කුස උන් සුවඳින් සෙනෙහස වැඩුණා
කිරි එරුණා සේ නුඹ මා වෙත බැඳුණා

නුඹ පසු බැස්සේ මට ජය ගෙන දෙන්නයි
දර දිය ඇද්දේ මට බත සපයන්නයි
කුසගිනි දැරුවේ මා කුස පුරවන්නයි
වැරහැලි ඇන්දේ මට පිරුවට දෙන්නයි

අයියණ්ඩියෙ පොඩි දා සිට අපි දෙන්නා
එක වහලක් යට වැළි කෙළිමින් උන්නා
එක කුස උන් සුවඳින් සෙනෙහස වැඩුණා
කිරි එරුණා සේ නුඹ මා වෙත බැඳුණා

සොයුරන් ඇත ලොව මව්වරු පියවරු වන්
දුක සඅප හමුවේ බිතු සිතුවම් රූ මෙන්
පෙම් කවි ගොතනා කිවියරුනේ සුපසන්
සොහොයුරු පෙම ගැන නව කව් ගී පවසන්

ගායනය - විශාරද නන්දා මාලිනී
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - ඔස්ටින් මුණසිංහ


බෝ මැඩ වගුරන

බෝ මැඩ වගුරන
කිරි කළ දහසින්
වැලි මළුවේ කිරි දියර ගලා යයි
ඉන් එක කිරි කඳුළක් පින්වතුනේ
කිරට අඬන මගෙ බිළිඳුට දුන මැන

පූජාසනයේ කුහුඹු පිරිස මැද
පිළුණු වෙමින් යයි සුරස බොජුන් ...//
අහරට යදිනා පැල්පත් යායට
ඉන් බත් පිඬුවක් වීසි කරණු මැන

ගිනි මද්දහනේ දැවී නිවී යයි
අගිල් කපුරු දුම් සුවඳ ගිතෙල් ...//
දවනා මුදලින් පින්වත් ජනයිනි
දැවෙනා මිනිසෙකු සුවපත් කළ මැන

බෝ මැඩ වගුරන
කිරි කළ දහසින්
වැලි මළුවේ කිරි දියර ගලා යයි
ඉන් එක කිරි කඳුළක් පින්වතුනේ
කිරට අඬන මගෙ බිළිඳුට දුන මැන

ගායනය - විශාරද නන්දා මාලිනී
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - ඔස්ටින් මුණසිංහ

මංගලම් යයි

මංගලම් යයි කියන්න මුමුණා
ඔබ‍ගෙන් ‍වෙන්වී යන්න කලින්
‍පෝරු මස්ත‍කේ ඔහු පුද ‍දෙන්නම්
දූවිලි තැවරුණු මිලින ම‍ලේ

‍දෙවියකි ඔහු හදවත ඇති කම්පා
ඔබ වන් ‍නොමිනිස් ‍කෙ‍නෙකු ‍නො‍වේ
සුපිපුණු මල් මැද මිලින වු මා දුටු
ගුණ‍යෙන් පිරිපුන් ‍‍කෙ‍නෙකි ‍ලො‍වේ

ඔබ දෑ‍තේ තව දිය ‍දෝතකි මා
‍නොනැවත පහළට ගලන ගඟේ
මට දුන් දුක අන් ළඳකට ‍නොම ‍දෙන්
ඔහු වන් ‍දෙවියන් සුලබ ‍නො‍වේ

මංගලම් යයි කියන්න මුමුණා
ඔබ‍ගෙන් ‍වෙන්වී යන්න කලින්
‍පෝරු මස්ත‍කේ ඔහු පුද ‍දෙන්නම්
දූවිලි තැවරුණු මිලින ම‍ලේ ...//

ගායනය - විශාරද නන්දා මාලිනී
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න

තනුව - ඔස්ටින් මුණසිංහ

හතර වටින් කළු කෙරුවත්

හතර වටින් කළු කෙරුවත්
වැහි වැටුණේ නෑ යාළූ
පඳුරු ලලා ගස වැඩුණත්
මල් පිපුණේ නෑ යාළූ
මල් පිපුණේ නෑ යාළූ

පිරිමදිමින් සුකොමළ අත්
දෙඩූ කතා කවි සිරිමත් ...//
ගම් දොර ගිං ගං තෙර කිරළ කැලේ තව රැඳුනත්
මිහිරි හීන ගඟේ ගිහිං
කොක්කුත් නෑ ගඟට උඩින්
කොක්කුත් නෑ ගඟට උඩින්

හතර වටින් කළු කෙරුවත්
වැහි වැටුණේ නෑ යාළූ
පඳුරු ලලා ගස වැඩුණත්
මල් පිපුණේ නෑ යාළූ
මල් පිපුණේ නෑ යාළූ

ඉරත් හඳත් වලාකුළුත්
ඇළත් දොළත් ගසුත් වැලුත් ...//
හොරැහින් හරි තරහින් ඔබට රවනවා තවමත්
ඔබ ඉඳිතොත් අද යහතින්
තරහක් නෑ තුන් හිතකින්
තරහක් නෑ තුන් හිතකින්

හතර වටින් කළු කෙරුවත්
වැහි වැටුණේ නෑ යාළූ
පඳුරු ලලා ගස වැඩුණත්
මල් පිපුණේ නෑ යාළූ
මල් පිපුණේ නෑ

මල් පිපුණේ නෑ යාළූ
මල් පිපුණේ නෑ ..///

ගායනය - විශාරද නන්දා මාලිනී
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - ඔස්ටින් මුණසිංහ

හිතුමතේට දීග ගිය දුවේ

හිතුමතේට දීග ගිය දුවේ
නුඹෙ දුවත් හිතුමතේට දීග ගිය දිනේ
පියාණනුත් මමත් මෙදා විඳින දුක දැනේ //

ඇස් දෙක වන් පුංචි දුවේ
නුඹ නැති ගෙය ගෙයක් නොවේ

ගෙයි ඇවිළූ පහන නිවේ
පපුවේ ගිනි පුළිඟු දැවේ ..//

හිතුමතේට දීග ගිය දුවේ
නුඹෙ දුවත් හිතුමතේට දීග ගිය දිනේ
පියාණනුත් මමත් මෙදා විඳින දුක දැනේ //

යෞවනයේ හීන ලොවේ
හීන සැබෑ ලොවෙහි නොවේ

නිදුකින් හිමි සඳ සමගින්
මෙවන් දුකක් නොලැබ ඉඳින් ...//

හිතුමතේට දීග ගිය දුවේ
නුඹෙ දුවත් හිතුමතේට දීග ගිය දිනේ
පියාණනුත් මමත් මෙදා විඳින දුක දැනේ //

ගායනය - විශාරද නන්දා මාලිනී
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - ඔස්ටින් මුණසිංහ

ආලය වන් මනරම්


ආලය වන් මනරම් කවිකම් දෙන
සිතුමිණ කොද විස්කම්
හදවත් වී සමහම් නෙ ගැයුම් කර
සිඳ බිඳලයි බව ගිම් ...//

පැණසර මහ බෝසතුන්
විරතට පැමිණ නොමින්
පබවත වෙත බැඳෙමින්
පුද දුන් උණු කඳුළින්
ආලය නම් මනුදම්  අදහම් නිති
එතැනය සබය සුදම්

ආලය වන් මනරම් කවිකම් දෙන
සිතුමිණ කොද විස්කම්
හදවත් වී සමහම් නෙ ගැයුම් කර
සිඳ බිඳලයි බව ගිම්

සහළඟුරෙන් දැවෙමින්
පවසට පැන් වෙනුයෙන්
උරය පලා සතොසින්
පුද දුන් සිය රුහිරෙන්
ආලය නම් මනුදම් සුරකිම් නිති
එතැනය සුර ලොව නම්

ආලය වන් මනරම් කවිකම් දෙන
සිතුමිණ කොද විස්කම්
හදවත් වී සමහම් නෙ ගැයුම් කර
සිඳ බිඳලයි බව ගිම්

ගායනය - විශාරද නන්දා මාලිනී
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - ඔස්ටින් මුණසිංහ

Wednesday, December 28, 2016

දම් පාටින් ළා සඳ බැස යනවා

දම් පාටින් ළා සඳ බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව හොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි
නොදොඩා ඉන්නේ ඇයි

දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා
වෙන්වී යන මොහොතක් නෑඟෙයි
දෑසට ළංව තවත් මේ මොහොතේ
ගොළු වී ඉන්නෙමි මං
ගොළු වී ඉන්නෙමි මං

සෙවණැළි නොමැකේ නම්
එළිය කළු නොවේ නම් ...//
බිත්ති පුරා ඔබෙ ‍සෙවණැළි ඇන්දේ
තනිය මකා ගන්නයි
එනතුරු
සොයා මගේ සෙනෙහස මතුදා

දම් පාටින් ළා සඳ බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව හොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි
නොදොඩා ඉන්නේ ඇයි

දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා
වෙන්වී යන මොහොතක් නොහැඟේ
දෑසට ළංව තවත් මේ මොහොතේ
ගොළු වී ඉන්නෙමි මං
ගොළු වී ඉන්නෙමි මං

රෑ කල දිගු වේ නම්
ළා සඳ නොමැකේ නම් ...//
නෙළුම් පතක රැඳි
පිනි බිඳුවක් සේ
ළමැද තලා යහනේ ඉන්නම්
පමා වෙලා හිරු නැඟෙන තුරා

දම් පාටින් ළා සඳ බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව හොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි
නොදොඩා ඉන්නේ ඇයි

දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා
වෙන්වී යන මොහොතක් නොහැඟේ
දෑසට ළංව තවත් මේ මොහොතේ
ගොළු වී ඉන්නෙමි මං
ගොළු වී ඉන්නෙමි මං

ගායනය - විශාරද ගුණදාස කපුගේ සහ විශාරද මාලිනී බුලත්සිංහල
පද රචනය - ලූෂන් බුලත්සිංහල
තනුව - ඔස්ටින් මුණසිංහ


මෙම ගීය මුලින් ගායනා කළේ ඔස්ටින් මුණසිංහ තම ගුවන් විදුලි සරල ගී වැඩසටහනකටයි. ඒ අනුලා බුලත්සිංහල සමගිනි. එදින එහි නාදශික්ෂක වූයේ ගුණදාස කපුගේයි. ඔස්ටින් පසුකලෙක කපුගේ ගේ ඉල්ලීම පරිදි ඔහුට මෙම ගීය ගයන්නට අවසර දුනි.

Wednesday, September 14, 2016

රට රට රාජ්ජේ

රට රට රාජ්ජේ දීපංකරේහී
රෑට අනේ හිත දනවා
නැව් නැඟ ආවෙමි ඉහිලුම් නොදී
මට නුඹ ආලෙන් සිහිවෙනවා

අපට මේ හැටි මොකද ලෙන්ගතු
ඒකද ගම ආවේ
නැතුවද ඒ රට ළන්දු සිනාවෙන්
ආල වදන් කීවේ

මද්දහනේ හිඳ ගිනි කාස්ටකේ නොවැ
ආදර සීතල නෑ ඒ රටේ
ඒ දුක් තැවුල් මම කාට කියන්නද
දින ගැන ගැන මම උන්නා ඔහේ

කිව්වොත් ඔයා පව් සිද්දවෙයි
අපි කොහේද සිහිවෙන්නේ
සාජ්ජේ දාගෙන උන්නු හැටි එහි
කාටද හංගන්නේ

රට රට රාජ්ජේ දීපංකරේහී
රෑට අනේ හිත දනවා
නැව් නැඟ ආවෙමි ඉහිලුම් නොදී
මට නුඹ ආලෙන් සිහිවෙනවා

අපට මේ හැටි මොකද ලෙන්ගතු
ඒකද ගම ආවේ
නැතුවද ඒ රට ළන්දු සිනාවෙන්
ආල වදන් කීවේ

කාසි පනම් හෙම හරි හම්බ කරගෙන
රත්තරනේ ආවේ නුඹ හින්දනේ
පෑල දොරින් යන අද ආලේ නෑ අපෙ
හිත උහුලා ගෙන අපි උන්නානේ

ගම් මැද්දෙ කිව් ඔය කයි කතන්දර
නෑ ඔයා දන්නේ
මා දමා රට රාජ්ජේ හී තව ආයේ නෑ යන්නේ

රට රට රාජ්ජේ දීපංකරේහී
රෑට අනේ හිත දනවා
නැව් නැඟ ආවෙමි ඉහිලුම් නොදී
මට නුඹ ආලෙන් සිහිවෙනවා

අපට මේ හැටි මොකද ලෙන්ගතු
ඒකද ගම ආවේ
නැතුවද ඒ රට ළන්දු සිනාවෙන්
ආල වදන් කීවේ

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - ඔස්ටින් මුණසිංහ

Friday, March 27, 2015

මත වර වරනිඳුන්ට

මත වර වරනිඳුන්ට
මන බැඳි සකිසඳුන්ට
හද ‍කොඳවිල පි‍පෙන්න
‍මේ කවි ලියුම ‍දෙන්න
ඇත් කුණ්ඩ‍ලේ ඉන්න
ගෝමර තනි ඇතින්න
රන් යහනක නිදන්න
දින ගණිතැයි කියන්න ...//

සම‍නොළ නගින රෑට
බක්මහ පෝය දාට
නෝන‍ගෙ අම්බලමට මං එනවා කියන්න
නෝන‍ගෙ අම්බලමට මං එනවා කියන්න
එන කිරි ‍කෝඩුලාට පඬුරක්‍ ‍වෙන් කරන්න
එන කිරි ‍කෝඩුලාට පඬුරක්‍ ‍වෙන් කරන්න

මත වර වරනිඳුන්ට
මන බැඳි සකිසඳුන්ට
හද ‍කොඳවිල පි‍පෙන්න
‍මේ කවි ලියුම ‍දෙන්න
ඇත් කුණ්ඩ‍ලේ ඉන්න
ගෝමර තනි ඇතින්න
රන් යහනක නිදන්න
දින ගණිතැයි කියන්න

මුල්කිරිගල පාමුල
අප්පච්චි‍ගෙ සීපද
ඇහිලා එක හී‍නෙක දුක හිතුනා කියන්න
ඇහිලා එක හී‍නෙක දුක හිතුනා කියන්න
උන්දැට පිං‍ දෙවන්න සිරිපා වන්දවන්න
උන්දැට පිං‍ දෙවන්න සිරිපා වන්දවන්න

මත වර වරනිඳුන්ට
මන බැඳි සකිසඳුන්ට
හද ‍කොඳවිල පි‍පෙන්න
‍මේ කවි ලියුම ‍දෙන්න
ඇත් කුණ්ඩ‍ලේ ඉන්න
ගෝමර තනි ඇතින්න
රන් යහනක නිදන්න
දින ගණිතැයි කියන්න ...//

ගායනය - රත්නා ලාලනී
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව - ඔස්ටින් මුණසිංහ

Sunday, December 1, 2013

පුන් සඳ රෑට ඇවිදින්

පුන් සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ
රන්කෙඳි සේම රන්වන් ඉරිඟු ඉඹිනවද
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ
රන්කඳ තාම පැල් රකිනවාදෝ නිදි නැතිද

නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට
පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට

පුන් සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ
රන්කෙඳි සේම රන්වන් ඉරිඟු ඉඹිනවද
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ
රන්කඳ තාම පැල් රකිනවාදෝ නිදි නැතිද

රන් කඳ සේම පින්සර මාගෙ ඇතු නිදන
රන්මල් යාන හීනෙන් දකින පින පමන
තුන්පත් රෑන වේදෝ කෝම අප දෙදෙන
රන්කැටි පුතුට ඉඩ මදිවාද මගෙ යහන

පුන් සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ
රන්කෙඳි සේම රන්වන් ඉරිඟු ඉඹිනවද
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ
රන්කඳ තාම පැල් රකිනවාදෝ නිදි නැතිද

ගායනය - නිරෝෂා විරාජිනී
පද - රත්න විජේසිංහ
තනුව - ඔස්ටින් මුණසිංහ