Showing posts with label ඒ.බී. ලලිත් ද සිල්වා. Show all posts
Showing posts with label ඒ.බී. ලලිත් ද සිල්වා. Show all posts

Wednesday, September 14, 2016

ආදරයත් මුහුද වගේ

ආදරයත් මුහුද වගේ ...

ආදරයත් මුහුද වගේ
රළුයි හරි හැඩයි
තනි සිතින් ආදරය කරන්නට
ඉතින් අවසරයි

කවදාවත් මා නොලබන
ඔබේ සෙනෙහසයි මුහුදයි
දෙකම එක වගෙයි
තනි හදින් ආදරය කරන්නට
ඉතින් අවසරයි

ආදරයත් මුහුද වගේ
රළ හරි හැඩයි
තනි සිතින් ආදරය කරන්නට
ඉතින් අවසරයි

ආදරයට ආදරයක්
නොලැබීම දුක තමයි
ඒ දුක විඳින්න හිත තනියම
හුරුවෙලා වගෙයි
දුර ඈතින් ඔබ විඳිනෙමි
සිත් මුහුද හිරිකඩයි

රළ නඟණු එපා
ඒ හිරිකඩ මහද හැඩි කරයි
ආදරයත් මුහුද වගේ ...

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - ඒ.බී. ලලිත් ද සිල්වා
තනුව - එඩ්වඩ් ජයකොඩි

Thursday, June 4, 2015

ප්‍රේමයේ ඉඩෝර ඉමට

ප්‍රේමයේ ඉඩෝර ඉමට වැහි වලාකුළක් //
රැගෙන පැමිණි පෙම්වත
ඔබ කවුද
ඔබ කවුද මට කියන්

වසන්තයන් දැක නැති මම ගිම්හානයක්
රම්‍ය වූ සුරම්‍ය වූ ගෙවන ප්‍රේමයක්
මම ප්‍රේම වැස්ස වස්සවනා ගිම්හානයක්

ප්‍රේමයේ ඉඩෝර ඉමට වැහි වලාකුළක් //
රැගෙන පැමිණි පෙම්වත
ඔබ කවුද
ඔබ කවුද මට කියන්

අකුණු සමග හාද නොවී පුරන් වූ කෙතක්
වියළුනු හද අස්වද්දන වැහි වලාකුළක්
ඔබ ඉඩෝරයට හාද වෙච්ච වැහි වලාකුළක්

ප්‍රේමයේ ඉඩෝර ඉමට වැහි වලාකුළක් //
රැගෙන පැමිණි පෙම්වත
ඔබ කවුද
ඔබ කවුද මට කියන්

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - ඒ.බී. ලලිත් ද සිල්වා
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ