ප්‍රේමයේ ඉඩෝර ඉමට වැහි වලාකුළක් //
රැගෙන පැමිණි පෙම්වත
ඔබ කවුද
ඔබ කවුද මට කියන්
වසන්තයන් දැක නැති මම ගිම්හානයක්
රම්‍ය වූ සුරම්‍ය වූ ගෙවන ප්‍රේමයක්
මම ප්‍රේම වැස්ස වස්සවනා ගිම්හානයක්
ප්‍රේමයේ ඉඩෝර ඉමට වැහි වලාකුළක් //
රැගෙන පැමිණි පෙම්වත
ඔබ කවුද
ඔබ කවුද මට කියන්
අකුණු සමග හාද නොවී පුරන් වූ කෙතක්
වියළුනු හද අස්වද්දන වැහි වලාකුළක්
ඔබ ඉඩෝරයට හාද වෙච්ච වැහි වලාකුළක්
ප්‍රේමයේ ඉඩෝර ඉමට වැහි වලාකුළක් //
රැගෙන පැමිණි පෙම්වත
ඔබ කවුද
ඔබ කවුද මට කියන්
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - ඒ.බී. ලලිත් ද සිල්වා
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

No comments:
Post a Comment