Showing posts with label කුෂාණි සඳරේඛා. Show all posts
Showing posts with label කුෂාණි සඳරේඛා. Show all posts

Tuesday, October 1, 2019

සිතිජය තාම ඈතයි


ආ හා ආ..  ආහා... ආ....
ආ හා ආ... හා... ආ....
නා.. හූ... ඕ....
ආ හා ආ... ආ....හා... ආ....

සිතිජය තාම ඈතයි රත්තරණේ
මගෙ ආදරය
ඔබට විඳගන්න පුළුවන් ද මන්දා
උණුහුස තාම නුහුරුයි ආදර ගැඹරේ
පිණිදිය සුවඳේ
නොපිපුණු කුසුමේ තනි යහනේ
තනි යහනේ (හේහේහේ...

නිරාමිස සිහිනේ සලෙලුන් දැවුණේ
මේ ආදරය
ඔබට විඳගන්න පුළුවන් ද මන්දා
නිම් ඉසව් ගාණේ
සොය සොයා සිහිනේ
මම හිස සිඹිමී මැදියම් රැයේ
උණුහුම තාම නුහුරු ද තනි යහනේ

ප්‍රේමය කිති කැවෙනා යාමයේ
අනුරාග නිම් තෙරේ
මගෙ ආදරේ ඔබට දැනෙනව ද මන්දා.... (ආ හා...
ආදරේ ..
ආදරේ ..

ගායනය - කුෂාණි සඳරේඛා
පද - උපුල් ශාන්ත සන්නස්ගල
සංගීතය - නවරත්න ගමගේ
2016 දී තිරගතවූ සින්ඩ්‍රෙල්ලා සිනමා සිත්තමේ ගීයකි.


Sithijaya Thaama Eatnai - Kushani Sandarekha

Monday, August 7, 2017

සරා සඳ හමුවේ

සරා සඳ හමුවේ
තරු පොකුරු හිනැහේ
මේ රාත්‍රිය වෙනදා වගේ
සුන්දරයි අම්මේ

ඒත් අද ඔබ කොහේ 
කොතැනක ගියා දැයි නොදැනේ
සෙනේබර අම්මේ

පිපී හිනැහෙන මල් සුවඳ තවරා
ඇල් පවන් රොද කවුළුවෙන් හැමුවා
ඒ සුවඳ තුළ ඔබෙ සුවඳ සඟවා
මෙහි එවන්නට ඇතැයි මට සිතුනා

විලේ දිය මත සුදු නෙළුම් පිපිලා
සඳ එළිය මැද නිසසලව දිලුණා
ඒ ‍නෙළුම තුළ ඔබෙ රුසිරු සඟවා
ඇති බවක් මට ඉබේටම දැනුණා

සරා සඳ හමුවේ
තරු පොකුරු හිනැහේ
මේ රාත්‍රිය වෙනදා වගේ
සුන්දරයි අම්මේ

ඒත් අද ඔබ කොහේ 
කොතැනක ගියා දැයි නොදැනේ

ගායනය - කුෂානි සඳරේඛා
පද - බණ්ඩාර ඇහැළියගොඩ

තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

Sunday, February 5, 2017

සිතිජය තාම ඈතයි


හා හා හහා... හඅආ...
.........
.........
.........
සිතිජය තාම ඈතයි රත්තරනේ
මගෙ ආදරය ඔබට විදගන්න පුළුවන්ද මන්දා
උණුහුම තාම නුහුරුයි ආදර ගැඹරේ
පිණි දිය සුව‍‍‍ඳේ
නොපිපුණ කුසුමේ තනි යහනේ
තනි යහනේ
හේ හේ හේ...

නිරාමිස සිහිනේ සලෙලුන් දෙවුරේ
මේ ආදරය ඔබට විදගන්න පුළුවන්ද මන්දා
නිම් ඉසව් ගානේ සොය සොයා සිහිනේ
මම හිස සිඹිමී මැදියම් රැයේ
උණුහුම තාම නුහුරුද තනි යහනේ ...

ප්‍රේමය කිතිකැවෙනා යාමයේ
අනුරාග නිම් තෙරේ
මගෙ ආදරේ ඔබට දැනෙනවද මන්දා
ආදරේ
ආදරේ

ගායනය - කුෂාණි සඳරේඛා
පද රචනය - උපුල් ශාන්ත සන්නස්ගල
සංගීතය - නවරත්න ගමගේ

(ඉහත ...... අකුරු      වලට නැඟිය නොහේ)