Showing posts with label නාගොල්ලාගම නිමල් ආනන්ද. Show all posts
Showing posts with label නාගොල්ලාගම නිමල් ආනන්ද. Show all posts

Tuesday, December 27, 2016

අයියණ්‌ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ

අයියණ්‌ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
ගිනි ඇවිලුණා කැණිමඩලට අප නිවසේ
එක පත අනා එකටම කෑ පෙර දවසේ
මං අමතකද නුඹ රජ වු අද දවසේ

අම්මා එක්‌ක දබරව පැන ගිය වැත්තේ
ළැම දා ගියා බත හිරවුණි කුස ගින්නේ
දෑසේ කඳුළු වැහිපොද ලෙස වෑහෙන්නේ
වී පැලකට ඇයි නුඹ විරසක වෙන්නේ

ඉරට සැපක්‌ දෝ නියගය දළු ලෑම
සදට සැපක්‌ දෝ ගනඳුර පිදීම
නුඹට සැපක්‌ දෝ අපි තනිකර යෑම
මහපොළවකට නඩු හබ ඇයි ගතු කීම

අයියණ්‌ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
ගිනි ඇවිලුණා කැණිමඩලට අප නිවසේ
එක පත අනා එකටම කෑ පෙර දවසේ
මං අමතකද නුඹ රජ වු අද දවසේ

ගායනය - ගුණදාස කපුගේ
පද රචනය - නාගොල්ලාගම නිමල් ආනන්ද
තනුව - ගුණදාස කපුගේ