Saturday, July 4, 2020
පෙම්වතුන්ට සරණේ
Friday, July 3, 2020
අනංගයා මං අනංගයා
Tuesday, January 15, 2019
හිනැහේවී බෝනික්කා
1958 දී තිරගතවූ Ghar Sansar චිත්‍රපටියට ආශා බෝස්ලේ ගැයූ Sapno ki dor bandhi නම් ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
Saturday, January 12, 2019
අඟුරුයි කන්නේ
Saturday, March 21, 2015
හා මල් පිපෙන්නෙ
"Luna Mezzo Mare," ඉතාලි ගීයේ තනුවට නිර්මානය වූවකි.
ඉතාලි ගීයේ පද
මේ තනුවේ උප්පත්තිය 1835 තරම් ඈත දී සිදුවූවකි.
Paolo Citorello සිසිලියානු නාවිකයෙකි. තම මුහුදු ගමන් වලදී මව් බිමේ ජන ගී නිතර ගයමින් විනෝද වූවෙකි. නවසිය විසි ගණන් වල අග භාගයේ එක් මුහුදු ගමනක් නිමා කර ඔහු මව් බිමට එන්නේ ගී නිර්මානයක් ද සමගින්ය. ඒ "Luna Mezzo Mare" නම් ගීයයි. විවාහ වීමට සිතා සිට්න තරුණියක හා ඇගේ මව අතර වන සංවාදයක් මේ ඉතාලියානු ගීයට පාදක වී ඇත.
ජනප්‍රිය ගීතයක් බවට පත්වන මේ ගීයේ තැටියක් 1927 සැප්තැම්බරයේ අමෙරිකාවේ දී නිකුත් වෙයි. එම තැටියේ Paolo Citorello ගේ නම සඳහන් වන්නේ “Citarella” ලෙසිණි. ගීය හඳුන්වා දී තිබුණේ “Luna Mezzomare” යනුවෙනි.
කෙසේ වුවත් මේ ගීය ඉතාලියානු ජන ගී නාද රටා මුසුව විකසනය වූවකි.
පසු කලෙක මේ ගීය වඩාත් ජනප්‍රිය වන්නේ අමෙරිකාවේ වාසය කළ ඉතාලියානු ජාතිකයෙකු වූ "Lou Monte" නමිණි.
එම ගීය යුරෝපයේ "Lazy Mary" ලෙස ප්‍රකටය. Lou Monte මේ ගීය ප්‍රථම වරට නිකුත් කළේ 1956 දීයි.
1957 දිනෙක අපේ ගුවන් විදුලියේ තැටි ගබඩාවේ වූ මේ ගීය ක්‍රිස්ටෝෆර් පෝල් ට ශ්‍රවණය කරන්නට ලැබුණේ ආරියසේන මිල්ලවිතානාච්චි නම් ගුවන් විදුලි ශිල්පියාගේ උදව්වෙනි. ක්‍රිස්ටෝෆර් පෝල් ගේ සිත දැඩිව මේ ගීයට ආකර්ෂණය වුණි. ඔහු ගුණරත්න අබේසේකරයන් ලවා මේ තනුවට සිංහල වචන යොදා ගීයක් ලියවා ගත්තේය.
එසේ බිහිවූ ගීයයි "හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නඟා"
මේ තනුවේ විකසනයන් රැසක් ඇති බව මා සඳහන් කළා.
La Danza (1835) ඒ අතර ජනප්‍රිය ගීයක්.



