Saturday, March 21, 2015

හා මල් පිපෙන්නෙ

හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නඟා
මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා ...//

ගමේ උපන් සිරියාවිය හැඩකාරිය සුකුමාලිය ඔබෙ රුව හන්දා
පැල්කවියට ගැමි ගීයට කවුරුත් මන බැන්දා
කණට කරට රන් අබරණ මුතු මාලය පට සේලය මට නැති හන්දා
මගේ පැලට එළිය දෙන්න ඔබ කැමතිද මන්දා

හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නඟා
මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා ...//

අහල පහළ නිළමෙලාට ටිකිරිලාට ගෙදර අයට බොරුවක් කියලා
ඔරු පදින්න ගී ගයන්න ඔබ එනවද මැණිකා
උදේ සවස මේ දොළ ළඟ අර වැට ළඟ ගං ඉවුරේ මම නැවතී ඉන්නම්
පෝය දාට වන්දනාවෙ නුවර යන්න එන්නම්

හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා ...//

ගමේ උපන් සිරියාවිය හැඩකාරිය සුකුමාලිය ඔබෙ රුව හන්දා
පැල්කවියට ගැමි ගීයට කවුරුත් මන බැන්දා
කණට කරට රන් අබරණ මුතු මාලය පට සේලය මට නැති හන්දා
මගේ පැලට එළිය දෙන්න ඔබ කැමතිද මන්දා

හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නඟා
මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා ...//

ගායනය - ක්‍රිස්ටෝෆර් පෝල්
පද රචනය - ගුණරත්න අබේසේකර
තනුව - ඉතාලි ජන නාද රටා ඇසුරින් පාඔලෝ සිටෝරෙල්ලෝ (Paolo Citorello)
"Luna Mezzo Mare," 
ඉතාලි ගීයේ තනුවට නිර්මානය වූවකි.



ඉතාලි ගීයේ පද

C'è 'na luna mezz'u mare
Mamma mia m'a maritare
Figlia mia a cu te dare
Mamma mia pensace tu
 
Se te piglio lu pesciaiole
Isse vai isse vene
Sempe lu pesce mane tene
Se ce 'ncappa la fantasia
Te pesculia figghiuzza mia
 
Là lariulà pesce fritt'e baccalà
Uei cumpà, un calamare c'eggi'accattà
 
C'è 'na luna mezz'u mare
Mamma mia m'a maritare
Figlia mia a cu te dare
Mamma mia pensace tu
 
Se te piglio lu pulezia
Isse vai isse vene
Semp'a scuppetta mane tene
Se ce 'ncappa la fantasia
Te scuppettea figghiuzza mia
 
Là lariulà pesce fritt'e baccalà
Uei cumpà 'na scuppetta c'eggi'accattà


මේ තනුවේ උප්පත්තිය 1835 තරම් ඈත දී සිදුවූවකි.

Paolo Citorello සිසිලියානු නාවිකයෙකි. තම මුහුදු ගමන් වලදී මව් බිමේ ජන ගී නිතර ගයමින් විනෝද වූවෙකි.   නවසිය විසි ගණන් වල අග භාගයේ එක් මුහුදු ගමනක් නිමා කර ඔහු මව් බිමට එන්නේ  ගී නිර්මානයක් ද සමගින්ය. ඒ "Luna Mezzo Mare" නම් ගීයයි. විවාහ වීමට සිතා සිට්න තරුණියක  හා ඇගේ මව අතර වන සංවාදයක් මේ ඉතාලියානු ගීයට පාදක වී ඇත. 

ජනප්‍රිය ගීතයක් බවට පත්වන මේ ගීයේ තැටියක් 1927 සැප්තැම්බරයේ අමෙරිකාවේ දී නිකුත් වෙයි. එම තැටියේ Paolo Citorello ගේ නම සඳහන් වන්නේ “Citarella” ලෙසිණි. ගීය හඳුන්වා දී තිබුණේ “Luna Mezzomare” යනුවෙනි. 


කෙසේ වුවත් මේ ගීය ඉතාලියානු ජන ගී නාද රටා මුසුව විකසනය වූවකි.


පසු කලෙක මේ ගීය වඩාත් ජනප්‍රිය වන්නේ අමෙරිකාවේ වාසය කළ ඉතාලියානු ජාතිකයෙකු වූ "Lou Monte" නමිණි.

එම ගීය යුරෝපයේ "Lazy Mary" ලෙස ප්‍රකටය. Lou Monte මේ ගීය ප්‍රථම වරට නිකුත් කළේ 1956 දීයි.


1957 දිනෙක අපේ ගුවන් විදුලියේ තැටි ගබඩාවේ වූ මේ ගීය ක්‍රිස්ටෝෆර් පෝල් ට ශ්‍රවණය කරන්නට ලැබුණේ ආරියසේන මිල්ලවිතානාච්චි නම් ගුවන් විදුලි ශිල්පියාගේ උදව්වෙනි. ක්‍රිස්ටෝෆර් පෝල් ගේ සිත දැඩිව මේ ගීයට ආකර්ෂණය වුණි. ඔහු ගුණරත්න අබේසේකරයන් ලවා මේ තනුවට සිංහල වචන යොදා ගීයක් ලියවා ගත්තේය.

එසේ බිහිවූ ගීයයි "හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නඟා"


මේ තනුවේ විකසනයන් රැසක් ඇති බව මා සඳහන් කළා.


La Danza (1835) ඒ අතර ජනප්‍රිය ගීයක්.



No comments: