Sunday, March 22, 2015

අහිමි වුනත් නුඹ ලඳේ

අහිමි වුණත් නුඹ ලඳේ මට අඬන්න අවසර නෑ

අහිමි වුණත් නුඹ ලඳේ මට අඬන්න අවසර නෑ
වෙලෙන් එහා ඉඳ
නුඹේ සුවඳ වත
එතී ආ සුළං
මගෙ මුව සිම්බා
අහිමි වුණත් නුඹ ලඳේ මට අඬන්න අවසර නෑ

නොපැතූ අතකට
අත දුන් දවසේ
හෙළූ දුක් සුසුම්
මගෙ මුව සිම්බා
අහිමි වුණත් නුඹ ලඳේ මට අඬන්න අවසර නෑ

නුඹ කැන්දන් ගිය
මංගල රිය නැගි
දූලි වලාවෝ
මගෙ මුව සිම්බා
අහිමි වුණත් නුඹ ලඳේ... මට අඬන්න අවසර නෑ

කියා ගන්න බැරි
දුකක් නිමන්නට
නෙත හෙළු කඳුළක්
මගෙ මුව සිම්බා
අහිමි වුණත් නුඹ ලඳේ... මට අඬන්න අවසර නෑ ///

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - ගාමිණී ෆොන්සේකා
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

No comments: