Showing posts with label ෂර්මිලා ෆොන්සේකා. Show all posts
Showing posts with label ෂර්මිලා ෆොන්සේකා. Show all posts

Tuesday, January 22, 2019

සමන් වැලේ මල්



සමන් වැලේ මල් ජයට පිපීලා
මුළු මිදුලම සුවඳයි
අපේ මේ මුළු මිදුලම සුවඳයි ...//

හැම ගෙදරම මල් රුවට පිපේ නම්
ගම්මානෙමැ සොඳුරුයි
දුවේ මේ ගම්මානෙමැ සොඳුරුයි

ගමින් ගමට මල් කැකුළු පිපෙන විට
මගෙ රට හරි සුවඳයි
පියාණෙනි මගෙ රට හරි සුවඳයි

රටින් රටට සුව සුවඳ දුවන විට
මුළු ලෝකෙමැ සුවඳයි
දුවේ මේ මුළු ලෝකෙමැ සුවඳයි

සමන් වැලේ මල් ජයට පිපීලා
මුළු මිදුලම සුවඳයි
අපේ මේ මුළු මිදුලම සුවඳයි ...//

හැම ගෙදරම මල් රුවට පිපේ නම්
ගම්මානෙමැ සොඳුරුයි
දුවේ මේ ගම්මානෙමැ සොඳුරුයි

සමන් මලක් වී පිපෙන්න ආසයි
මගෙ මේ ගේ මිදුලේ
පියාණෙනි මගෙ මගෙ මේ ගේ මිදුලේ

සමන් වැලක් වී පිපෙන් දුවේ
ජීවිත මල් ගොමුවේ
පරවී වැටුණත් මිනිස් මලේ
පවතී සුවඳ ලොවේ

සමන් වැලේ මල් ජයට පිපීලා
මුළු මිදුලම සුවඳයි
අපේ මේ මුළු මිදුලම සුවඳයි ...//

හැම ගෙදරම මල් රුවට පිපේ නම්
ගම්මානෙමැ සොඳුරුයි
දුවේ මේ ගම්මානෙමැ සොඳුරුයි

ගායනය - සී.ඩී. ෆොන්සේකා සහ ෂර්මිලා ෆොන්සේකා
පද - කලාශූරී අරිසෙන් අහුබුදු
තනුව - සී.ඩී. ෆොන්සේකා