Showing posts with label කරුණාරත්න ජයතිලක. Show all posts
Showing posts with label කරුණාරත්න ජයතිලක. Show all posts

Friday, December 6, 2013

ඉරට උඩින්

ඉරට උඩින් සිංදු කියන
මාල ගිරව් රෑන
මිදුල පුරා හිනැහෙනවා
කිරිසුදු හඳපාන
දෙනෙත් පියවෙන ගානේ
පෙනෙයි මිහිරි හීන
මේ ඔක්කොම නුඹ හින්දයි
මට සෙනෙහස පාන

පාන්දරින් මලිති බටිති සිංදු ඇහෙන කොට
නාන මංකඩේ කෙකටිය කැකුළු පිපෙන කොට
හීන්සීරුවේ ගොම්මන් අඳුර වැටෙන කොට
වාන් දමන හිතේ සතුට කියන්න බෑ මට

වංකගිරියෙ රටා පැදුර පිලේ එලාගෙන
වැවට උඩින් පායන හඳ දිහා බලාගෙන
හීන් හඬින් රහස් කියන දෑස් පියාගෙන
ඉන්න දවස එනතුරු මං ඉන්නෙ බලාගෙන

ඉරට උඩින් සිංදු කියන
මාල ගිරව් රෑන
මිදුල පුරා හිනැහෙනවා
කිරිසුදු හඳපාන
දෙනෙත් පියවෙන ගානේ
පෙනෙයි මිහිරි හීන
මේ ඔක්කොම නුඹ හින්දයි
මට සෙනෙහස පාන

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - කරුණාරත්න ජයතිලක

තනුව - සුනිල් දයානන්ද කෝනාර



2011 වසරේදී නිකුත්වූ මල් වැහි පොද සංයුක්ත තැටියට ඇතුළත් වූ ගීයකි.