Showing posts with label දයාන් විතාරණ. Show all posts
Showing posts with label දයාන් විතාරණ. Show all posts

Saturday, May 23, 2015

නමක් නොදන්නා මලක්

නමක් නොදන්නා මලක්
පිපී
තනිවී
හිඳී ප්‍රභාතයෙන්
නමක් නොදන්නා රුවක්
ගැටී
දෙනෙතේ
වෙලී සමාධියෙන් ...//

පෙරුම් පිරූ හැටි දන්නේ මල පමණයි
පෙති ඇරෙනා තුරු
ලොවක් පෙලූ දුක දන්නේ නෙත පමණයි
ඔබ දකිනා තුරු
ඔබ දකිනා තුරු

නමක් නොදන්නා මලක්
පිපී
තනිවී
හිඳී ප්‍රභාතයෙන්
නමක් නොදන්නා රුවක්
ගැටී
දෙනෙතේ
වෙලී සමාධියෙන්

පැතුම් තඩාගය ඉතිරී ඔබ දෙනෙතයි
මට පිදුවේ මධු
සුපෙම් සරා රැය නිමවී ඔබ පමණයි
ළඟ රැඳි මා සඳු
ළඟ රැඳි මා සඳු

නමක් නොදන්නා මලක්
පිපී
තනිවී
හිඳී ප්‍රභාතයෙන්
නමක් නොදන්නා රුවක්
ගැටී
දෙනෙතේ
වෙලී සමාධියෙන්

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී සහ දයාන් විතාරණ
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

Anyone who has the link can play this song in your "Smart Phone"

Thursday, April 9, 2015

පුරා පන්සාළිස් වසක්


පුරා පන්සාළිස් වසක් ලෝ සතුන් දම් මිහිරෙන් පෙවූ ඒ
තථාගත බුදු සමිඳුගේ හඬ නතර වී ඇත
නතර වී

පුරා පන්සාළිස් වසක් ලෝ සතුන් දම් මිහිරෙන් පෙවූ ඒ
තථාගත බුදු සමිඳුගේ හඬ නතර වී ඇත
නතර වී


බමුණු දම් අඳුරෙන් වෙලා
සදා පීඩිත නන් දනන්
දුකඳුරින් ගලවාලු 'තුම් ඒ
මහා කරුණා සයුර බුදු හද නතර වී ඇත
නතර වී

හන්දදානි භික්ඛවේ ආමන්තයාමී වෝ
වයදම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ

කුළුණු ගුණයෙන් සැනසු සව් සත
දුටු දනන් හද බැ‍‍ඳේ නිරන්තර
දුකඳුරින් ගලවාලු 'තුම් ඒ
සදිසි නිලුපුල් බුදු ගෙ නෙත් යුග පියවෙලා ඇත
පියවෙලා

පුරා පන්සාළිස් වසක් ලෝ සතුන් දම් මිහිරෙන් පෙවූ ඒ
තථාගත බුදු සමිඳුගේ හඬ නතර වී ඇත
නතර වී

පුරා පන්සාළිස් වසක් ලෝ සතුන් දම් මිහිරෙන් පෙවූ ඒ
තථාගත බුදු සමිඳුගේ හඬ නතර වී ඇත
නතර වී

ගායනය ප්‍රදීපා ධර්මදාස සමග දයාන් විතාරණ
පද රචනය - දෙල්දූවේ ඤාණසුමන හිමි
තනුව හා සංගීතය - සංගීත් වික්‍රමසිංහ

Thursday, March 26, 2015

තුඟු ගිරි කුළු සිප

තුඟු ගිරි කුළු සිප ඇදෙන වලාකුළු කොහි යනවද නුඹලා
එකලා මගෙ හදවත වෙත එනු මැන කවියක් වී සැණෙනා ...//

මල් ගොමු සිප එන සිහිල් පවන් රොද තුරුලිය සනසවනා
මිතුරේ ඇවිදින් මා හද සනසන් ගී පද වැල් දවටා

තුඟු ගිරි කුළු සිප ඇදෙන වලාකුළු කොහි යනවද නුඹලා
එකලා මගෙ හදවත වෙත එනු මැන කවියක් වී සැණෙනා

ගලින් ගලට පැන කෙළිනා දිය කඳ හෝ හෝ හෝ නදිනා
මා හද ගීයට තනුවක් වනු මැන රිදී සිනා නඟලා

තුඟු ගිරි කුළු සිප ඇදෙන වලාකුළු කොහි යනවද නුඹලා
එකලා මගෙ හදවත වෙත එනු මැන කවියක් වී සැණෙනා

ගායනය - දයාන් විතාරණ
පද රචනය - යශෝධා විමලධර්ම
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ