Showing posts with label ගෝල්ඩන් චයිම්ස්. Show all posts
Showing posts with label ගෝල්ඩන් චයිම්ස්. Show all posts

Monday, April 1, 2019

තරිකිට තිරිකිට තෙයි

තරිකිට තිරිකිට තෙයි තෙතෙයි තෙයි
කොකෙක් වෙලේ නටතෙයි

උගේ නැටුම් දැක අගේට වෙල ළඟ නැන්ද නැටුම් නටතෙයි
තෙතෙයි තෙයි මාම බලන් ඉඳිතෙයි

අතේ වළලු නටතෙයි තෙතෙයි තෙයි
කරේ මාල නටතෙයි

මගෙ සුදු නෑනා මදෙස බලාගෙන මෙන්න මෙහෙම නටතෙයි
තෙතෙයි තෙයි දීග යන්න නටතෙයි

තරිකිට තිරිකිට තෙයි තෙතෙයි තෙයි
කොකෙක් වෙලේ නටතෙයි

උගේ නැටුම් දැක අගේට වෙල ළඟ නැන්ද නැටුම් නටතෙයි
තෙතෙයි තෙයි මාම බලන් ඉඳිතෙයි

අතේ වළලු නටතෙයි තෙතෙයි තෙයි
කරේ මාල නටතෙයි

මගෙ සුදු නෑනා මදෙස බලාගෙන මෙන්න මෙහෙම නටතෙයි
තෙතෙයි තෙයි දීග යන්න නටතෙයි

ගායනය - ගෝල්ඩන් චයිම්ස් (ක්ලැරන්ස් විජේවර්ධන)
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
1972 වසරේ නිකුත් කළ "The Dynamic New Sound of the Golden Chimes - Volume 2" EP තැටියට අඩංගු වූ ගීයකි.
(EP Sooriya / CHB 022)

සඳයි තරුයි රැයයි හිරුයි

සඳයි තරුයි රැයයි හිරුයි මගේ මේ ලොවේ
මමයි ඔබයි අපේ සිතයි සදා වෙන්නොවේ

මඳ සිනහා රතු දෙතොලේ
මට නොපෙනී හද හැකිලේ ...//

සඳයි තරුයි රැයයි හිරුයි මගේ මේ ලොවේ
මමයි ඔබයි අපේ සිතයි සදා වෙන්නොවේ

මඳ සිනහා රතු දෙතොලේ
මට නොපෙනී හද හැකිලේ ...//

මා සොඳුරු මිහිරි සිහින ඔබ ගැන දුටිමී
ඒ සිහින සැබෑ ලොවේ මිය යනු දුටිමී
කොවුල් ගීත මගෙ සවණේ පිළිරැව් දුන්නා
අවුල් වී මගේ ගත සිත මට දුක දුන්නා

මඳ සිනහා රතු දෙතොලේ
මට නොපෙනී හද හැකිලේ ...//

සඳයි තරුයි රැයයි හිරුයි මගේ මේ ලොවේ
මමයි ඔබයි අපේ සිතයි සදා වෙන්නොවේ

මඳ සිනහා රතු දෙතොලේ
මට නොපෙනී හද හැකිලේ ...//

මා සොඳුරු මිහිරි සිහින ඔබ ගැන දුටිමී
ඒ සිහින සැබෑ ලොවේ මිය යනු දුටිමී
කොවුල් ගීත මගෙ සවණේ පිළිරැව් දුන්නා
අවුල් වී මගේ ගත සිත මට දුක දුන්නා

මඳ සිනහා රතු දෙතොලේ
මට නොපෙනී හද හැකිලේ ...//

සඳයි තරුයි රැයයි හිරුයි මගේ මේ ලොවේ
මමයි ඔබයි අපේ සිතයි සදා වෙන්නොවේ

මඳ සිනහා රතු දෙතොලේ
මට නොපෙනී හද හැකිලේ ...//

ගායනය - ගෝල්ඩන් චයිම්ස් ( අනිල් භාරතී සහ ලාංකිකා පෙරේරා)
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
1972 වසරේ නිකුත් කළ "The Dynamic New Sound of the Golden Chimes - Volume 2" EP තැටියට අඩංගු වූ ගීයකි.
(EP Sooriya / CHB 022)

පැරණි ගායනයක්


නව ගායනයක්

අද වේ ඉරු දින

අද වේ ඉරු දින
ඔබ හමුවේවි ද
ඔබ හා බැඳි හද
අද නොතැවේවි ද
මගෙ හද විල මැද
සැලෙන ඕළු කොඳ
අද සුපිපේවි ද
මගෙ සිත තුටු වේවි ද .....//

සතියේ දින හත
ගැණ ගැණ මගෙ සිත
ඉරිදා දින මත
පැතුම් ඇඳී ඇත
සඳ පායන තුරු
කුමුදු පිපෙන තුරු
මම ඉමි නිරතුරු
එන ඉරිදා වන තුරු

අද වේ ඉරු දින
ඔබ හමුවේවි ද
ඔබ හා බැඳි හද
අද නොතැවේවි ද
මගෙ හද විල මැද
සැලෙන ඕළු කොඳ
අද සුපිපේවි ද
මගෙ සිත තුටු වේවි ද

ඔබෙ සියුමැලි වත
පණ ගන්වයි සිත
පැටලී හදවත
සැමදා පවතිනු ඇත
ඉරිදා දිනකට
ඇති මගෙ සහතුට
මැන බර කිරුමට
හැකි වේවිද කෙනෙකුට

අද වේ ඉරු දින
ඔබ හමුවේවි ද
ඔබ හා බැඳි හද
අද නොතැවේවි ද
මගෙ හද විල මැද
සැලෙන ඕළු කොඳ
අද සුපිපේවි ද
මගෙ සිත තුටු වේවි ද ....//

ගායනය - ගෝල්ඩන් චයිම්ස් (අනිල් භාරතී)
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන

1972 වසරේ නිකුත් කළ "The Dynamic New Sound of the Golden Chimes - Volume 2" EP තැටියට අඩංගු වූ ගීයකි.

(EP Sooriya / CHB 022)

බෙත්ලෙහෙම් පුරේ

බෙත්ලෙහෙම් පුරේ
දිළිඳු ගව ලෙනේ
ඔරුව තුලේ සිසිලෙ නිදයි
ජේසු බිළින්දා
ජේසු බිළින්දා

ළෙලෙන කැන් දිදී (හා.. හා හා හ හා....)
අමුතු තරුවකී ...//
අඳුර මැදින් එළිය මවයි
ජේසු බිළින්දා
ජේසු බිළින්දා

බෙත්ලෙහෙම් පුරේ
දිළිඳු ගව ලෙනේ
ඔරුව තුලේ සිසිලෙ නිදයි
ජේසු බිළින්දා
ජේසු බිළින්දා

නිරිඳුන් තිදෙනා (හා.. හා හා හ හා....)
තරුවෙන් දිලෙනා ...//
මඟ අහගෙන යති දැකුමට
ජේසු බිළින්දා
ජේසු බිළින්දා

බෙත්ලෙහෙම් පුරේ
දිළිඳු ගව ලෙනේ
ඔරුව තුලේ සිසිලෙ නිදයි
ජේසු බිළින්දා
ජේසු බිළින්දා

සත වෙත කරුණා (හා.. හා හා හ හා....)
පිණි දිය ගලනා ...//
මුදු උල්පත පාදා දුණි
ජේසු බිළින්දා
ජේසු බිළින්දා

බෙත්ලෙහෙම් පුරේ
දිළිඳු ගව ලෙනේ
ඔරුව තුලේ සිසිලෙ නිදයි
ජේසු බිළින්දා
සාමෙ රජින්දා
ජේසු බිළින්දා
සාමෙ රජින්දා

ගායනය - ගෝල්ඩන් චයිම්ස් (අනිල් භාරතී)
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
1972 වසරේ නිකුත් කළ "කිරි මුහුද" EP තැටියට අඩංගු වූ ගීයකි.
(EP Lotus / LECL 001 GC 001)

මෙම ගීයේ ගායන ඉතා විශාල ප්‍රමාණයක් ඇත. විශේෂයෙන්ම නත්තල් සමයේදී අනිල් භාරතී විසින්ම විවිධ අයුරින් (පද පේලි අඩු කර, අලංකාර එකතු කරමින් හෝ අඩු කරමින්) කළ ගායනා රැසකි.
එසේ හෙයින් පැරණි ගායනයක් හා නව ගායනයක් ලෙස ගී දෙකක් ඉදිරිපත් කරමි. පද නව ගායනයට අනුවයි.

පැරණි ගායනයක්


නව ගායනයක්

මා ආදරෙයි නංගියෙ

මා ආදරෙයි නංගියෙ මා ආදරෙයි
මගේ ආදරේ මුතු කැට මෙන් සාගරේ
නැළවී නැළවී
හිනැහී හිනැහී
හදෙහී සැමදා පවතී ....//

ඔබෙ සුරතල් මුහුණ බලන්නට මම හරි ආසයි
ඔබේ බොළඳ කතා අසන්නට මම හරි ආසයි ...//
සෙල්ලම් කරලා
මිදුලේ දුවලා
ජම්බු වගේ ඔබේ මුහුණ රතු වෙනවට ආසයි

මා ආදරෙයි නංගියෙ මා ආදරෙයි
මගේ ආදරේ මුතු කැට මෙන් සාගරේ
නැළවී නැළවී
හිනැහී හිනැහී
හදෙහී සැමදා පවතී

සණ්ඩු කරන්නට මා හා සැමදා හරි සූරයි
බිංදු බිංදු වැස්සේ සෙල්ලම් කරන්න ආසයි
පාඩම් කරලා
මිදුලේ දුවලා
ජම්බු වගේ ඔබේ මුහුණ රතු වෙනවට ආසයි

මා ආදරෙයි නංගියෙ මා ආදරෙයි
මගේ ආදරේ මුතු කැට මෙන් සාගරේ
නැළවී නැළවී
හිනැහී හිනැහී
හදෙහී සැමදා පවතී ....//

ගායනය - ගෝල්ඩන් චයිම්ස් (අනිල් භාරතී)
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
1972 වසරේ නිකුත් කළ "කිරි මුහුද" EP තැටියට අඩංගු වූ ගීයකි.

(EP Lotus / LECL 001 GC 001)

කිරි මූද කළඹාලා ගෙනා

කිරි මූද කළඹාලා ගෙනා මගේ කුඩා පුතුටයි
මුතු මාලිගාවෙන් මා ගෙනා පැතුම් මගේ පුතුටයි ...//

ගීතයයි මලයි
සීන ලෝකයයි
රන් තරුයි සඳයි
පුතේ ඔබේ තමයි
සීනෙකින් ඔබේ
දෙතොල් සැලී ඉබේ
තරු මෙන් ගුවන් ගැබේ
දිලෙයි දෙනෙත් ඔබේ

කිරි මූද කළඹාලා ගෙනා මගේ කුඩා පුතුටයි
මුතු මාලිගාවෙන් මා ගෙනා පැතුම් මගේ පුතුටයි

තාත්තගේ සිතේ
පැතුම් පිරී ඇතේ
අම්මගේ සිතේ
සෙනේ පිරී ඇතේ
ඔබේ කුඩා නෙතේ
කැළුම් බැලුම් පුතේ
සදා අපේ සිතේ
රැඳී තිබෙයි පුතේ

කිරි මූද කළඹාලා ගෙනා මගේ කුඩා පුතුටයි
මුතු මාලිගාවෙන් මා ගෙනා පැතුම් මගේ පුතුටයි

හා... අආ... හා හා හා.......
හා හා හා....... හආ......
හා හා හා.......  ////.

ගායනය - ගෝල්ඩන් චයිම්ස් (ක්ලැරන්ස් විජේවර්ධන)
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
1972 වසරේ නිකුත් කළ "කිරි මුහුද" EP තැටියට අඩංගු වූ ගීයකි.

(EP Lotus / LECL 001 GC 001)

Sunday, March 31, 2019

මලයි වැලයි එක වාගේ

මලයි වැලයි එක වාගේ
ඔබයි ප්‍රියේ නෙත මාගේ

සිනා කැළුම් (හා හහ හා හා)
මට ඈගේ (හා හහ හා ) ...//

සාගරයේ මුතු හා සමගින්
ආදරයේ දෙවොලට කැපවී

සීතල සෙවණේ (ආ....
මගෙ හද නිවුණේ (ආ....
ඔබ ගැන සිතුවිලි මතුවීලා

මලයි වැලයි එක වාගේ
ඔබයි ප්‍රියේ නෙත මාගේ

සිනා කැළුම් (හා හහ හා හා)
මට ඈගේ (හා හහ හා ) ...//

සිහින ලොවක් මැද තනි වෙන්න
මට ආසයි ඔබෙ අත ගෙන යන්න

මා සතු මිහිරේ (ආ....
සැනසුම ඔබවේ (ආ....
ඔබ මා පණ සේ රැක ගන්න

මලයි වැලයි එක වාගේ
ඔබයි ප්‍රියේ නෙත මාගේ

සිනා කැළුම් (හා හහ හා හා)
මට ඈගේ (හා හහ හා ) ...//

පළිඟු මිණි තලා කඳු මත්තේ
පුලින තැනිතලා වන පෙත්තේ

මා සැරි සරමී (ආ....
ඔබ ගැන සිතමී (ආ....
ඒ ගැන පමණයි සිත ඇත්තේ

මලයි වැලයි එක වාගේ
ඔබයි ප්‍රියේ නෙත මාගේ

සිනා කැළුම් (හා හහ හා හා)
මට ඈගේ (හා හහ හා ) ...//

මලයි වැලයි එක වාගේ
ඔබයි ප්රියේ නෙත මාගේ ....///

ගායනය - ගෝල්ඩන් චයිම්ස් (ක්ලැරන්ස් විජේවර්ධන සහ ලාංකිකා පෙරේරා)
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
1971 වසරේ නිකුත් කළ "මාගේ වියෝවෙන්" තැටියට ඇතුළත් වූ ගීයකි.

සුරඟන වෙස්වලා


සුරඟන වෙස්වලා
සලා උකුළු තලා
රඟන ලියන් බලා
නෙත් බිඟු මත් වෙලා ....//

තිසර පැටින් ළැමා
කියන රහස කිමා ...//

සැලෙන මෙවුල්දමා
විසිතුරැ නැත නිමා ...//

සුරඟන වෙස්වලා
සලා උකුළු තලා
රඟන ලියන් බලා
නෙත් බිඟු මත් වෙලා

ඉඳු දුනු බැමි නිලා
දෙනයන ළංවෙලා ....//

රසයට මං බලා
දන මන මත් කළා ...//

සුරඟන වෙස්වලා
සලා උකුළු තලා
රඟන ලියන් බලා
නෙත් බිඟු මත් වෙලා ...//

ගායනය - ගෝල්ඩන් චයිම්ස් (ක්ලැරන්ස් විජේවර්ධන)
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
1971 ජූනි මස නිකුත් කළ "Mage Viyowen" EP තැටියට ඇතුළත් වූ ගීයකි.
(EP Supertone / VTA-10

මුල් ගීය


ක්ලැරන්ස් පසු කලෙක කළ ගායනයක්

මගෙ පැල්පතේ මා

මගෙ පැල්පතේ මා
අඳුරේ වෙලී මා
තනියේ ගැලී මා
ගයමී මෙසේ
කඳුළයි සිනාවයි
ඔබගේ කතාවයි
ගමනේ ලතාවයි
සිහිවේ හදේ

මගෙ ජීවිතේ ඔබ නිසා ඇත වෙන්වී
කවදත් ඔබයි ආදරේ මට ළංවී
මාගේ සිතේ සැනසුමක් ඇතිවේනම්
ඒ ඔබ ගැනයි ආදරේ සැක නෑ දැන්

මගෙ පැල්පතේ මා
අඳුරේ වෙලී මා
තනියේ ගැලී මා
ගයමී මෙසේ
කඳුළයි සිනාවයි
ඔබගේ කතාවයි
ගමනේ ලතාවයි
සිහිවේ හදේ

ඔබ කී ගොතා රස කතා අද වාගේ
සිහිවේ ළයේ සැනසුමයි දුක මාගේ
සැමදා මෙසේ සිත සිතා මම ඉන්නම්
ලැබුණොත් ප්‍රියේ වාසනා අත ගන්නම්

මගෙ පැල්පතේ මා
අඳුරේ වෙලී මා
තනියේ ගැලී මා
ගයමී මෙසේ
කඳුළයි සිනාවයි
ඔබගේ කතාවයි
ගමනේ ලතාවයි
සිහිවේ හදේ

ගායනය - ගෝල්ඩන් චයිම්ස් (ක්ලැරන්ස් විජේවර්ධන)
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
ගෝල්ඩන් චයිම්ස් නිකුත් කළ The Dynamic New Sound of the Golden Chimes තැටියට ඇතුළත් වූ ගීයකි. (1971 EP Sooriya / CHB 014)

Friday, March 29, 2019

කිමද නාවේ


කිමද නාවේ ඇයි නාවේ තරහ වී
කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
පෙර නූයේ ඇයි වූයේ අද වගේ
කිමද නාවේ ඇයි නාවේ අද ඔයා

හැමදාම බලා සිටියා
මගෙ කවුළුව ළඟට වෙලා ..//
කවදාවත්
නෑ වූයේ මේ වාගේ

කිමද නාවේ ඇයි නාවේ තරහ වී
කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
පෙර නූයේ ඇයි වූයේ අද වගේ
කිමද නාවේ ඇයි නාවේ අද ඔයා

මගෙ පැල්පත අද පාළුයි
නිහඬයි අඳුරයි ඇත්තේ ....//
කවදාවත්
නෑ වූයේ මේ වාගේ

කිමද නාවේ ඇයි නාවේ තරහ වී
කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
පෙර නූයේ ඇයි වූයේ අද වගේ
කිමද නාවේ ඇයි නාවේ අද ඔයා

ගායනය - ගෝල්ඩන් චයිම්ස් (ක්ලැරන්ස් විජේවර්ධන සහ ලාංකිකා පෙරේරා)
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන


1970 වසරේ ක්ලැරන්ස් මූන්ස්ටෝන් කණ්ඩායම හැර ගොස් ගෝල්ඩන් චයිම්ස් කණ්ඩායම නිර්මාණය කළේය. කිමද නාවේගීය, 1971 ජනවාරියේ නිකුත් කළ ඔවුන්ගේ The Dynamic New Sound of the Golden Chimes ඇල්බමයට ඇතුළත්වූ ගීයකි.