Monday, April 1, 2019

මා ආදරෙයි නංගියෙ

මා ආදරෙයි නංගියෙ මා ආදරෙයි
මගේ ආදරේ මුතු කැට මෙන් සාගරේ
නැළවී නැළවී
හිනැහී හිනැහී
හදෙහී සැමදා පවතී ....//

ඔබෙ සුරතල් මුහුණ බලන්නට මම හරි ආසයි
ඔබේ බොළඳ කතා අසන්නට මම හරි ආසයි ...//
සෙල්ලම් කරලා
මිදුලේ දුවලා
ජම්බු වගේ ඔබේ මුහුණ රතු වෙනවට ආසයි

මා ආදරෙයි නංගියෙ මා ආදරෙයි
මගේ ආදරේ මුතු කැට මෙන් සාගරේ
නැළවී නැළවී
හිනැහී හිනැහී
හදෙහී සැමදා පවතී

සණ්ඩු කරන්නට මා හා සැමදා හරි සූරයි
බිංදු බිංදු වැස්සේ සෙල්ලම් කරන්න ආසයි
පාඩම් කරලා
මිදුලේ දුවලා
ජම්බු වගේ ඔබේ මුහුණ රතු වෙනවට ආසයි

මා ආදරෙයි නංගියෙ මා ආදරෙයි
මගේ ආදරේ මුතු කැට මෙන් සාගරේ
නැළවී නැළවී
හිනැහී හිනැහී
හදෙහී සැමදා පවතී ....//

ගායනය - ගෝල්ඩන් චයිම්ස් (අනිල් භාරතී)
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
1972 වසරේ නිකුත් කළ "කිරි මුහුද" EP තැටියට අඩංගු වූ ගීයකි.

(EP Lotus / LECL 001 GC 001)

No comments: