Showing posts with label එම්.ඩබ්. පීරිස්. Show all posts
Showing posts with label එම්.ඩබ්. පීරිස්. Show all posts

Sunday, January 13, 2019

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි..//

හබුන් කටයි කියාලා
බත් දෙකටක් කවාලා..//

වතුර ටිකක් පොවාලා
උකුළ උඩින් දමාලා..//

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි..//

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි//
දොයි දොයි දොයි කියාලා බයි බයි බයි ගයාලා//
සැනසිල්ලේ හිතාලා නැළවිල්ලක් ගොතාලා//
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි//

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි..//

ඔන්න බබෝ ඇතින්නී
ගල් අරඹේ සිටින්නී..//

ගලින් ගලට පනින්නී
බබුට බයේ දුවන්නී..//

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි..//

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි..//

හොඳ එළියක් පෙනෙන්නේ
හඳ මාමයි එබෙන්නේ..//

කිරියි පැණියි ගෙනෙන්නේ
මගෙ දූටත් බෙදන්නේ..//

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි..//

ගායනය - වජිරා බාලසූරිය
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව - එම්.ඩබ්. පීරිස්