Showing posts with label චන්ද්‍රිකා සිරිවර්ධන. Show all posts
Showing posts with label චන්ද්‍රිකා සිරිවර්ධන. Show all posts

Saturday, December 23, 2017

චාන්දනී පායලා

චාන්දනී පායලා ආදරේ
නාමල් සුගන්දේ වසන්තේ පුරා

චාන්දනී පායලා ආදරේ
නාමල් සුගන්දේ වසන්තේ පුරා

නෑඹුල් නෙතින් කළ ආරාධනාවේ
රැහැනින් වෙළී සිත ඉවසුම් නොදේ

ආයෙත් වසන්තය මුතුලැල් සලන්නා
නාමල් නෙළන්නයි ඇරයුම් කළේ

මල්මාලියේ ඔබෙ පැතුම මා
ඒ පැතුම මේ සසරෙ සපුරා රැඳේ

චාන්දනී පායලා ආදරේ
නාමල් සුගන්දේ වසන්තේ පුරා

ආවත් නැගී නුඹ ඈතින් ඉඳින් සඳ
නාමල් විමානේ අපටයි සඳේ

සිහිනෙන් පැතූ සුව සංකල්පනාවේ
නාමල් නෙළන්නට සඳරැස් හැලේ

මල්මාලියේ ඔබෙ පැතුම මා
ඒ පැතුම මේ සසරෙ සපුරා රැඳේ

චාන්දනී පායලා ආදරේ
නාමල් සුගන්දේ වසන්තේ පුරා

චාන්දනී පායලා ආදරේ
නාමල් සුගන්දේ වසන්තේ පුරා
චාන්දනී පායලා ආදරේ


ගායනය - විශාරද ගුණදාස කපුගේ සමග විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන
පද රචනය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ
තනුව - පීටර් සිරිවර්ධන

සංගීතය - ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න

Monday, January 23, 2017

අරන්යානි දෙව් දූ ඇවිදින්


අරන්යානි
අරන්යානි
අරන්යානි

අරන්යානි දෙව් දූ ඇවිදින්

අරන්යානි දෙව් දූ ඇවිදින්

අර්.. අයිරෙ අයිරෙ අයිරා..

දේව සභාවම සොයනතර ඈ ....
දේව සභාවම සොයනතර ඈ .......
පිටව ගිහී .... ඉඊ ඉඊ ඉඊ ඊ........න් දෙව් ලොවින්

අරන්යානි දෙව් දූ ඇවිදින්
සඳ පා...යන තුරු රෑ අහස අරා(ආ.. ආ... ආ....)

දේව සභාවට
සදා දෙවාවද
වෙහෙසෙන දෙවිවරු නිදි නොලබාවිද
බලන්න ආවේ...(ඇය ගෙන ගිය හිත)

අඳුර තරම් සුව එළවන සළුවක් (සුව සළුව...ක්)
නිදිබර නෙත් මෙන් ගැඹුරුම දහමක්
මේ ලෙසමැ හද බියවන සතුටක්
වෙනත් කොහිද ඇත්තේ(වෙලා රැය කරා (..අරන්යානී ...)
අපට රෑ ගෙනත්

කුමරුනී කුමකට තැවෙනු සොවින් ...

ගායනය - දිලිකා අබේසේකර සහ චන්ද්‍රිකා සිරිවර්ධන
පද - ජයන්ත චන්ද්‍රසිරි
තනුව හා සංගීතය - නදීක ගුරුගේ

මහරජ ගැමුණු සිනමා සිත්තමෙන් ....