Showing posts with label මාධව හේවාවසම්. Show all posts
Showing posts with label මාධව හේවාවසම්. Show all posts

Sunday, November 12, 2017

ආලෙන් වෙලා ගන්න

ආලෙන් වෙලා ගන්න කෝලම් කළා
හිත ආලෙන් මුදා ගන්න මායම් කළා
මම හීනෙන් අපේ ලෝකෙ සායම් කළා
ඔබ සායම් මකාලන්න වෑයම් කළා

මම දෑසින් කළා ඔබට පෙම් යෝජනා
ඔබ කළා යෝජනා වලට ‍චෝදනා
මම මෑතින් ඉඳන් දකිම් වේදනා
ඇයි ඔයා බැලුවෙ ඇස් දිහා මගේ නාඬනා

පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ
පාළුයි වගේ නැද්ද තාමත් හිතේ
වසන්තේ ඇවිත් බොහෝම කාලයක් මෙහේ
අපේ ආදරේ භාවනාවක් වගේ

ආලෙන් වෙලා ගන්න කෝලම් කළා
හිත ආලෙන් මුදා ගන්න මායම් කළා
මම හීනෙන් අපේ ලෝකෙ සායම් කළා
ඔබ සායම් මකාලන්න වෑයම් කළා

ගායනය - අතුල අධිකාරි සමග සමිතා මුදුන්කොටුව
පද රචනය = මාධව හේවාවසම්
තනුව හා සංගීතය - මාධව හේවාවසම්


Aalen Welaganna Kolam Kala - Athula Adikari & Samitha Mudunkotuwa