හිත ආලෙන් මුදා
ගන්න මායම් කළා
මම හීනෙන් අපේ
ලෝකෙ සායම් කළා
ඔබ සායම්
මකාලන්න වෑයම් කළා
මම දෑසින් කළා
ඔබට පෙම් යෝජනා
ඔබ කළා යෝජනා
වලට චෝදනා
මම මෑතින් ඉඳන්
දකිම් වේදනා
ඇයි ඔයා බැලුවෙ
ඇස් දිහා මගේ නාඬනා
පෙම් වසන්තේ
ඇවිත් නැද්ද තාමත් ඔහේ
පාළුයි වගේ
නැද්ද තාමත් හිතේ
වසන්තේ ඇවිත්
බොහෝම කාලයක් මෙහේ
අපේ ආදරේ
භාවනාවක් වගේ
ආලෙන් වෙලා ගන්න
කෝලම් කළා
හිත ආලෙන් මුදා
ගන්න මායම් කළා
මම හීනෙන් අපේ
ලෝකෙ සායම් කළා
ඔබ සායම්
මකාලන්න වෑයම් කළා
ගායනය - අතුල
අධිකාරි සමග සමිතා මුදුන්කොටුව
පද රචනය = මාධව
හේවාවසම්
තනුව හා සංගීතය - මාධව
හේවාවසම්Aalen Welaganna Kolam Kala - Athula Adikari & Samitha Mudunkotuwa
No comments:
Post a Comment