Showing posts with label අමල් පෙරේරා. Show all posts
Showing posts with label අමල් පෙරේරා. Show all posts

Thursday, February 15, 2018

විරාග රාගය




විරාග රාගය අතරේ තනි වූ ආලය
විරාම දෙයි එක් හදකට පුදා පරාජය

විරාග රාගය අතරේ තනි වූ ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාගය

ඔබ අඩවන් නෙතු
කරමින් ඈ නතු
ඇගේ පහන් ලොව ඈ මනසින් බිඳහල දා
ඈ මුකුලිත වූවා

කර ගනු බෑ සතු
නොරිසි ඔබේ සිතු
ඈතින් ඔබෙ මුණිවර මනසින් පෙම් කළ දා
ඈ අසරණ වූවා


විරාග රාගය අතරේ තනි වූ ආලය
විරාම දෙයි එක් හදකට පුදා පරාජය

විරාග රාගය අතරේ තනි වූ ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාගය

නුරා එගිනි දළු
ඈ දවමින් ගෙතු
සලෙල ගීතයට ඇය තනුවක් කර ගත් දා
ඈ ලොව අහිමි වුණා

ඔබේ මිලින ගති
ඇයට නොවේ රිසි
පෙමින් තොරව ඇගේ දිවිය කතරක් වූදා
ඈ මවෙතට ආවා

විරාග රාගය අතරේ තනි වූ ආලය
විරාම දෙයි එක් හදකට පුදා පරාජය

විරාග රාගය අතරේ තනි වූ ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාගය

ගායනය - අමරසිරි පීරිස් සමග අමල් පෙරේරා
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - සුරේෂ් මාලියද්දේ

මෙම ගීයේ රූප රචනය - තිසර ඉඹුලාන
කැමරා අධ්‍යක්ෂණය - චන්න දේශප්‍රිය
රඟපෑවා - මහේන්ද්‍ර පෙරේරා, යශෝධා විමලධර්ම සමගින් හේමාල් රණසිංහ

Monday, May 25, 2015

විමනේ දිනිඳු මගේ



විමනේ දිනිඳු මගේ
ඔබ වේ සසර මඟේ
සඳ රැසේ එළිය සේ බිළිඳු සිනා සැලේ //

ජීවිතේ සිහිනයේ සුවඳ විහිදුවා
ගීතයේ මිහිසරේ මිහිර අතුරලා
සොඳුරු මේ දිවිතෙරේ //
තරුව ඔබය සදා

පුතුගේ සිඟිති නෙතේ
ඔබගේ මුහුණ පෙනේ
සඳ රැසේ එළිය සේ බිළිඳු සිනා සැලේ

ම් ම් ම්...
ම් ම් ම්...

මිරිඟුවේ තිමිරයේ හැබෑ රුව වෙලා
ඝණඳුරේ පහන සේ විමන දිදුළවා
රුදුරු මේ මං පෙතේ //
තරුව ඔබය සදා

විමනේ දිනිඳු මගේ
ඔබ වේ සසර මඟේ
සඳ රැසේ එළිය සේ බිළිඳු සිනා සැලේ

ගිනිදැල් සතර දෙසේ
රසුදැල් නඟන ලෙසේ
ඔබද හා පුතු සදා රකිමි දෙනෙත ලෙසේ ///

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී සහ අමල් පෙරේරා
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ