Showing posts with label සරත් වික්‍රම. Show all posts
Showing posts with label සරත් වික්‍රම. Show all posts

Sunday, January 13, 2019

මගෙ පොඩි යාලූ


මගෙ පොඩි යාලූ
නෙළමුද ඕලූ..//

ගඟට යමූ ඔරු පදිමූ
මල් නෙළමූ කවි කියමූ..//

මගෙ පොඩි යාලූ නෙළමුද ඕලූ

හඳ වැටිලා - වතුරේ
බොඳ වෙනවා - මිතුරේ
තරු ඉහිලා - අඳුරේ
හිනැහෙනවා - ඉවුරේ..//

කිරල ගොමු වෙත ඇදෙමූ
ගෙඩි කඩමු ගොඩට යමු

මගෙ පොඩි යාලූ
නෙළමුද ඕලූ....//

පිනි වැහැලා - මුතුසේ
මල මුදුනේ - දිලිසේ
මා වවුලෝ - රහසේ
ඉගිලෙනවා - අහසේ...//

කිරල ගොමු වෙත ඇදෙමූ
ගෙඩි කඩමු ගොඩට යමු

මගෙ පොඩි යාලූ
නෙළමුද ඕලූ..//

ගඟට යමූ ඔරු පදිමූ
මල් නෙළමූ කවි කියමූ..//

මගෙ පොඩි යාලූ නෙළමුද ඕලූ //

ගායනය - නිමන්ත හේෂාන් ගමගේ

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - සරත් වික්‍රම

Wednesday, April 8, 2015

හඬ හඬා තැවෙන මතකයෙන්

හඬ හඬා තැවෙන මතකයෙන්
පිසදමා කඳුළු මුළුමනින්
මලක් සිතා ළංවෙමින්
සිඹිමි නුඹව සෙනෙහසින් ...//
හඬ හඬා තැවෙන මතකයෙන්
පිසදමා කඳුළු මුළුමනින්

සයුරු දියේ යට කිමිදී
ගෙනා මුතු අහුර සේ ...//
මා සිත් දිය ගැඹරේ කිමිදී
ඔබ ගෙනා ආදරේ මේ

හඬ හඬා තැවෙන මතකයෙන්
පිසදමා කඳුළු මුළුමනින්

කුරුලු තටුවකින් ගිලිහී
සෙවූ සිත සුමුදු වී ...//
රෑ අහසේ නිල් එළි දල්වා
නෙතු ඔබේ දිලී දිලෙනා

හඬ හඬා තැවෙන මතකයෙන්
පිසදමා කඳුළු මුළුමනින්
මලක් සිතා ළංවෙමින්
සිඹිමි නුඹව සෙනෙහසින්
හඬ හඬා තැවෙන මතකයෙන්
පිසදමා කඳුළු මුළුමනින්

ගායනය – ප්‍රදීපා ධර්මදාස
පද රචනය - රත්මලේ බන්දුල ගුණවර්ධන
තනුව හා සංගීතය - සරත් වික්‍රම

Anyone who has the link can play this song in your "Smart Phone"