Sunday, January 13, 2019

මගෙ පොඩි යාලූ


මගෙ පොඩි යාලූ
නෙළමුද ඕලූ..//

ගඟට යමූ ඔරු පදිමූ
මල් නෙළමූ කවි කියමූ..//

මගෙ පොඩි යාලූ නෙළමුද ඕලූ

හඳ වැටිලා - වතුරේ
බොඳ වෙනවා - මිතුරේ
තරු ඉහිලා - අඳුරේ
හිනැහෙනවා - ඉවුරේ..//

කිරල ගොමු වෙත ඇදෙමූ
ගෙඩි කඩමු ගොඩට යමු

මගෙ පොඩි යාලූ
නෙළමුද ඕලූ....//

පිනි වැහැලා - මුතුසේ
මල මුදුනේ - දිලිසේ
මා වවුලෝ - රහසේ
ඉගිලෙනවා - අහසේ...//

කිරල ගොමු වෙත ඇදෙමූ
ගෙඩි කඩමු ගොඩට යමු

මගෙ පොඩි යාලූ
නෙළමුද ඕලූ..//

ගඟට යමූ ඔරු පදිමූ
මල් නෙළමූ කවි කියමූ..//

මගෙ පොඩි යාලූ නෙළමුද ඕලූ //

ගායනය - නිමන්ත හේෂාන් ගමගේ

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - සරත් වික්‍රම

No comments: