Sunday, January 13, 2019

අපි සෙල්ලම් බත් උයමූ


අපි සෙල්ලම් බත් උයමූ
පූසිට දෙකටක් කවමූ ...//

පහළ ලි‍ඳෙන් දිය ඇදලා
අඹ ගස යට ලිප බැඳලා...//
නිමලා වැලි හාල් ගරා ලිප උඩ තැබුවා //

අපි සෙල්ලම් බත් උයමූ
පූසිට දෙකටක් කවමූ...//
ගඩොල් කුඩෙන් මිරිස් තනා
වතුර සමග එකට අනා...//
මිරිස් මාළු හොදි උයන්නෙ පුංචි සිරිමලී //

අපි සෙල්ලම් බත් උයමූ
පූසිට දෙකටක් කවමූ...//

සුමනා මැල්ලුම ලිවුවා
පත්මා කරවල ඉවුවා...//
ලී කොටයෙන් උම්බලකඩ හොද්දට දැම්මා //

අපි සෙල්ලම් බත් උයමූ
පූසිට දෙකටක් කවමූ...//

ගඩොල් කුඩෙන් මිරිස් තනා
වතුර සමග එකට අනා...//
මිරිස් මාළු හොදි උයන්නෙ පුංචි සිරිමලී //

අපි සෙල්ලම් බත් උයමූ
පූසිට දෙකටක් කවමූ...//

සුමනා මැල්ලුම ලිවුවා
පත්මා කරවල ඉවුවා...//
ලී කොටයෙන් උම්බලකඩ හොද්දට දැම්මා //

අපි සෙල්ලම් බත් උයමූ
පූසිට දෙකටක් කවමූ...//

ගායනය - සුජාතා විජේබණ්ඩාර

පද රචනය - අඥාතයි
තනුව - අඥාතයි

No comments: