Sunday, January 13, 2019

අන්න අන්න නැගෙනහිරින්


අන්න අන්න නැගෙනහිරින් හිරු පායනවා //
වෙල් යායේ නිල්වන් පැල සුළඟෙ නටනවා //
සිනාසිසී රන් හිරු රැස් කිරණ සලනවා
වෙල අද්දර වැවේ වතුර තරග නඟනවා //

අසබඩ දිය පිරි වැව් දැක ගොයම සිනාසේ //
ලක් පොළවේ සරු බව දැක ගොයම සිනාසේ
සිරි ලක පැතු මුදු හිරු දැක ගොයම සිනාසේ
වල් නෙලුමට යන අප දැක ගොයම සිනාසේ //

අන්න අන්න නැගෙනහිරින් හිරු පායනවා //
වෙල් යායේ නිල්වන් පැල සුළඟෙ නටනවා //
සිනාසිසී රන් හිරු රැස් කිරණ සලනවා
වෙල අද්දර වැවේ වතුර තරග නඟනවා //

ඈත ඈත අර බලන්න හරි මැද කුඹුරේ //
රන් කරලක් කිරි වැදිලා බත් පැල අතරේ
පුංචි අපේ ඩාබිදුවල මහිමය පැතිරේ
අපේ හිතත් කිරි වැදිලා සොම්නස ඉතිරේ //

අන්න අන්න නැගෙනහිරින් හිරු පායනවා //
වෙල් යායේ නිල්වන් පැල සුළඟෙ නටනවා //
සිනාසිසී රන් හිරු රැස් කිරණ සලනවා
වෙල අද්දර වැවේ වතුර තර නඟනවා //

ගායනය - නිරංජලා සරෝජිනී සමග ගීතා කාන්ති ජයකොඩි
පද රචනය - අඥාතයි
තනුව - අඥාතයි

No comments: