Showing posts with label අශෝක කෝවිලගේ. Show all posts
Showing posts with label අශෝක කෝවිලගේ. Show all posts

Friday, August 2, 2019

යෞවනයේදී අතිනත අල්ලා


යෞවනයේදී අතිනත අල්ලා
උයන් තෙරේ පිය නැඟුව අපී
සැඳෑ සමේදිත් ඒ අත අල්ලා
වෙද ගෙදරට පිය නඟන හැටී


රෝස සුවඳ මට දැණුනයි
පැරණි උයන් තෙර පෙනුනයි
ප්‍රේමය කවදත් තරුණයි

අප දෙදෙනා නම් මහලුයි
දෙදෙනා නම් මහලුයි

සියුම් දුකක් හෝ සිතට දැනේනම්
එපා උයන් තෙර දිහා බලන්නට
වෙද ගෙදරට යමු පසුකර මල් වතු
අබල දුබල ගති නිවා දමන්නට


ලෝකයෙ වෙනසත් පුදුමයි
කාලයෙ වෙනසත් අරුමයි
වෙනස් නූයෙ අප දෙදෙනයි
ඒ නිසාම සිත තරුණයි

දෙදෙනා නම් මහලුයි

අපගෙන් හිස්වුණු උයන් තෙරට දැන්
අලුත් පෙම්වතුන් රන්න ඇතී
උපැස් යුවල යටැසින් නොබලනු මැන
දුකෙන් වගේ මල් සිනාසෙතී


පෙම් පත් ගිලිහී වැටුණයි
බණ පොත් අත මත රැඳුණයි
බුදු බණ මහිමය පෙනුනයි
සසරේ ගමනද දුකමයි

සසරේ ගමනද දුකමයි
දෙදෙනා නම් මහලුයි


ගායනය - නීලා වික්‍රමසිංහ සමග කපිල හේරත්
පද - අශෝක කෝවිලගේ
තනුව - නීලා වික්‍රමසිංහ

තුන් සිත දැහැන් ගතවෙනා

තුන් සිත දැහැන් ගතවෙනා
සිතුවිලි සසල කරවනා
පද වැල් අතර ගැයෙන
ස්වරයේ සප්ත වර්ණ
හිත ළඟ ගයනවද ඔයා


තුන් පැය අතර නිමවෙනා
මතකය අතර රැඳවෙනා
සිනමා පටයෙ රැඳෙන
සුන්දර සිහින රැඟුම
හිත ළඟ රඟනවද ඔයා


නෙතකට කඳුළ ගෙන දෙනා
නරඹන සිත ද හඬවනා (හහ් හහ් හහ් හා..)
දුක් බර ප්‍රේම රැඟුම (ලල ලල ලාල ලාල)
සුන්දර පියවි ලොවක (ලල ලල ලාල ලාල)
රඟන්න කියන්නට එපා

තනිකම සිතට කැඳවනා
තනිවම සිතෙන් වැළපෙනා (හහ් හහ් හහ් හා..)
දුක් බර විරහ ගැයුම (ලල ලල ලාල ලාල)
සුන්දර පියවි ලොවක (ලල ලල ලාල ලාල)
ගයන්න කියන්නට එපා

තුන් සිත දැහැන් ගතවෙනා
සිතුවිලි සසල කරවනා
පද වැල් අතර ගැයෙන
ස්වරයේ සප්ත වර්ණ
හිත ළඟ ගයනවද ඔයා


තුන් පැය අතර නිමවෙනා
මතකය අතර රැඳවෙනා
සිනමා පටයෙ රැඳෙන
සුන්දර සිහින රැඟුම
හිත ළඟ රඟනවද ඔයා


පෙම්බර වදන් නැළවෙනා
දුක්බර දෙබස් නම් එපා (හහ් හහ් හහ් හා..)
සිනමා ලොවක මිසක (ලල ලල ලාල ලාල)
දිවියක සැබෑ ලොවක (ලල ලල ලාල ලාල)
දුක් බර චරිතයක් එපා

සුන්දර අදහසක් කියා
දුක් බර පද වැලක් ලියා (හහ් හහ් හහ් හා..)
සත්සර අතර මිසක (ලල ලල ලාල ලාල)
සුන්දර සැබෑ ලොවක (ලල ලල ලාල ලාල)
දුක් බර ගැයුම නම් එපා

තුන් සිත දැහැන් ගතවෙනා
සිතුවිලි සසල කරවනා
පද වැල් අතර ගැයෙන
ස්වරයේ සප්ත වර්ණ
හිත ළඟ ගයනවද ඔයා


තුන් පැය අතර නිමවෙනා
මතකය අතර රැඳවෙනා
සිනමා පටයෙ රැඳෙන
සුන්දර සිහින රැඟුම
හිත ළඟ රඟනවද ඔයා


හිත ළඟ ගයනවද ඔයා
හිත ළඟ රඟනවද ඔයා
හිත ළඟ ගයනවද ඔයා
හිත ළඟ රඟනවද ඔයා
හිත ළඟ ගයනවද ඔයා
හිත ළඟ රඟනවද ඔයා
 

ගායනය - නීලා වික්‍රමසිංහ සහ කමල් අද්දරආරච්චි
පද - අශෝක කෝවිලගේ
නාද සැකසුම - නීලා වික්‍රමසිංහ

Thursday, August 1, 2019

කොළොම් තොටට රෑ වෙලා



කළු දුම් රොටු වියන උඩින්
රෑ තරු මල් පායලා
හෝරා කටු වලට යටින්
මහ දහවල සේදිලා

කොළොම් තොටට රෑ වෙලා
කොළොම් තොටට රෑ වෙලා


කොළොම් තොටට රෑ වෙලා
කොළොම් තොටට රෑ වෙලා


දූවිලි මල් පලස උඩින් මධු සුවඳයි ගලන්නේ
වෙණ නද තුළ රෑ අවදිව පස් ඉඳුරන් රඟන්නේ
දහවල සිල් ගත් මහතුන් පන් සිල් පද බිඳින්නේ
නුවරට තනි රකින පහන් විතරයි එය දකින්නේ

කොළොම් තොටට රෑ වෙලා
කොළොම් තොටට රෑ වෙලා


රන් කිරි කට නොගෑ එවුන් අව නීතිය රකින්නේ
තුන්වන සිල් පදය බිඳින ළඳුන් දසත සරන්නේ
කුසගිණි අවි ගත් හින්දයි උන් සිල් පද බිඳින්නේ
දහවල දුටු කොළොම් තොට ද රෑ අවදිව ඉඳින්නේ

කළු දුම් රොටු වියන උඩින්
රෑ තරු මල් පායලා
හෝරා කටු වලට යටින්
මහ දහවල සේදිලා

කොළොම් තොටට රෑ වෙලා
කොළොම් තොටට රෑ වෙලා

 

කොළොම් තොටට රෑ වෙලා
කොළොම් තොටට රෑ වෙලා


කොළොම් තොටට රෑ වෙලා
කොළොම් තොටට රෑ වෙලා


කොළොම් තොටට රෑ වෙලා
කොළොම් තොටට රෑ වෙලා


ගායනය - නීලා වික්‍රමසිංහ
පද - අශෝක කෝවිලගේ
තනුව - නීලා වික්‍රමසිංහ

Sunday, July 28, 2019

අලුත් සහල් මංගල්ලය කාලෙට


අලුත් සහල් මංගල්ලය කාලෙට
අත මිට හිඟ නැති පින්කම් කාලෙට
යාග පොළේ ......
යාග පොළේ බෙර හඬ නද දීමට
අපි එනවා යළි ඔය ගම්මානෙට
අපි එනවා යළි ඔය ගම්මානෙට


ඉල්ලන පලියට බහ දුන් කාලේ
අහවර විය ගම්වල අද කාලේ
හිත නම්මන්නට පෑවට ලීලේ
පින්කම් කාලෙට විතරද ආලේ
පින්කම් කාලෙට විතරද ආලේ


වේල දෙවේලට කුස පුරවන්නයි
තම්මැට්ටම් බෙර හඬ නංවන්නේ
ආල සිනා ....
ආල සිනා පෑ නුඹ දැක ගන්නයි
පින්කම් කාලෙට ගම රට එන්නේ
පින්කම් කාලෙට ගම රට එන්නේ


ලෙන්ගතු කම යයි උඩු ගම් බැද්දේ
අපි නවතිනවා අපෙ ගම් මැද්දේ
නිනව් නෙවෙන්නට ඔය බෙර සද්දේ
නාවත් කම් නැහැ මේ අවුරුද්දේ


අපි එනවා යළි ඔය ගම් පැත්තේ
නාවත් කම් නැහැ මේ ගම් පැත්තේ ....///

ගායනය - නීලා වික්‍රමසිංහ සමග මහාචාර්ය සනත් නන්දසිරි
පද - අශෝක කෝවිලගේ
සම්ප්‍රදායික ජන ගී නාද (කෙළි ගී) රටා ඇසුරින් සැකසුණු ගායනයකි.

චිත්‍රය ජෝර්ජ් කීට් ශිල්පියනිර්මාණයකි.

Sunday, June 14, 2015

සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ

සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ
හඬා වැටෙනවා මියැසි කැලක්
කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා
මලට වඩා විෂ බමර තුඩක් ...//

වැහි කළුවර ඇති හැන්දෑ සමයක
තරුමල් පිපුණලු අහස් ගැබේ
දේවදූතයොත් හඬා වැටෙනවා
පෙම් මල් ඉහිරුණු පාර දිගේ

සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ
හඬා වැටෙනවා මියැසි කැලක්
කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා
මලට වඩා විෂ බමර තුඩක්

යෞවනයේ සිත් විෂ කළ ප්‍රේමය
කලියුගයේ ඇත පහලවෙලා
අසන්මතේ සිත් වැටහෙණු නොහැකිව
පවිත්‍ර ප්‍රේමය මහලු වෙලා

සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ
හඬා වැටෙනවා මියැසි කැලක්
කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා
මලට වඩා විෂ බමර තුඩක් ...//

ගායනය : මාලනී බුලත්සිංහල
පද රචනය : අශෝක කෝවිලගේ
තනුව - එච්. එම්. ජයවර්ධන

Wednesday, May 27, 2015

අවුකන බුදු සිවුරෙ රැලී

අවුකන බුදු සිවුරෙ රැලී
කලා වැවේ දියඹෙ සැලී
යෝධ වැවේ ගලා ඇදී
මෙසිරිසාර කෙතේ අඳී

උදා ඉරට රිදී වනින්
අමා දහම් කිරණ වසී ...//
මෙත් කරුණා සීත නලින්
නැමී කරල් හිමිට වඳී

අවුකන බුදු සිවුරෙ රැලී
කලා වැවේ දියඹෙ සැලී
යෝධ වැවේ ගලා ඇදී
මෙසිරිසාර කෙතේ අඳී

පෝය රෑට මීරි සරින්
බුදු ගුණ ගායනා ඇසේ ...//
හිමි කරුණා දෑස් අගින්
නිවන් අමා මිහිර පෙරේ

අවුකන බුදු සිවුරෙ රැලී
කලා වැවේ දියඹෙ සැලී
යෝධ වැවේ ගලා ඇදී
මෙසිරිසාර කෙතේ අඳී

යෝධ වැවේ ගලා ඇදී
මෙසිරිසාර කෙතේ අඳී ...///

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - කෝන්වැවේ ආරියරත්න
තනුව - අශෝක කෝවිලගේ

Monday, December 2, 2013

පාරු පාලමෙන්

පාරු පාලමෙන් කොළඹට ගැල් පේළිය සැපත් වුණා
ගෑස් පහට ළං වෙනකොට අපි හොඳටම හවස් වුණා
සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් වුණා
කයිමන් දොරකඩ ඉඳපන් මං එනතුරු සෙලෙස්තිනා

කොළඹ රටේ ඉපදුණාට මටම ඔබින සෙලෙස්තිනා
බේරෙ වැවට හඳ පෑව්ව වාගෙයි මට උඹේ සිනා
කබා කුරුත්තාව ඇඳන් මුතු දෙපොටක් ගෙලේ දමා
සාන්ත බස්තියන් ඇලේ පාරු පදිමු සෙලෙස්තිනා

මහ මංකඩ කවි මඬුවක් හෙට හවසට පැවැත්වෙනා
නම් දරාපු කවි කාරයො එහි එන වග කතා වුණා
ට්‍රෑම් කාර් එකේ ගිහින් කවි අහමුද සෙලෙස්තිනා
ඉංගිරීසි රැජිණ වගේ මට නම් උඹ සෙලෙස්තිනා

පාරු පාලමෙන් කොළඹට ගැල් පේළිය සැපත් වුණා
ගෑස් පහට ළං වෙනකොට අපි හොඳටම හවස් වුණා
සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් වුණා
කයිමන් දොරකඩ ඉඳපන් මං එනතුරු සෙලෙස්තිනා

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - අශෝක කෝවිලගේ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ


මේ ගීය එළිදකින්නේ 2001 වසරේ නිකුත්වූ "පාරු පාලමෙන්"  කැසට් පටය හා සංගත තැටියෙන්.