අලුත් සහල් මංගල්ලය කාලෙට
අත මිට හිඟ නැති පින්කම් කාලෙට
යාග පොළේ ......
යාග පොළේ බෙර හඬ නද දීමට
අපි එනවා යළි ඔය ගම්මානෙට
අපි එනවා යළි ඔය ගම්මානෙට
ඉල්ලන පලියට බහ දුන් කාලේ
අහවර විය ගම්වල අද කාලේ
හිත නම්මන්නට පෑවට ලීලේ
පින්කම් කාලෙට විතරද ආලේ
පින්කම් කාලෙට විතරද ආලේ
වේල දෙවේලට කුස පුරවන්නයි
තම්මැට්ටම් බෙර හඬ නංවන්නේ
ආල සිනා ....
ආල සිනා පෑ නුඹ දැක ගන්නයි
පින්කම් කාලෙට ගම රට එන්නේ
පින්කම් කාලෙට ගම රට එන්නේ
ලෙන්ගතු කම යයි උඩු ගම් බැද්දේ
අපි නවතිනවා අපෙ ගම් මැද්දේ
නිනව් නෙවෙන්නට ඔය බෙර සද්දේ
නාවත් කම් නැහැ මේ අවුරුද්දේ
අපි එනවා යළි ඔය ගම් පැත්තේ
නාවත් කම් නැහැ මේ ගම් පැත්තේ ....///
ගායනය - නීලා වික්‍රමසිංහ සමග මහාචාර්ය සනත් නන්දසිරි
පද - අශෝක කෝවිලගේ
සම්ප්‍රදායික ජන ගී නාද (කෙළි ගී) රටා ඇසුරින් සැකසුණු ගායනයකි.
චිත්‍රය ජෝර්ජ් කීට් ශිල්පියාගේ නිර්මාණයකි.

No comments:
Post a Comment