Saturday, July 27, 2019

උදාවෙන්න මේ රාත්‍රියේ

උදාවෙන්න මේ රාත්‍රියේ
නෙළාගන්න ඔබෙ කාන්තියේ
මගේ දුක් දරාගන්න
හිත් යහන සරසන්න
සඳුනේ නැගෙන් රාත්‍රියේ

උයනේ පීදී
සුවඳින් නෑවී .....//
කැකුළක් ලෙසේ කේතකී
මා වෙත එයි ඈ
පෙර මග සරසා
සඳුනේ නැගෙන් රාත්‍රියේ

උදාවෙන්න මේ රාත්‍රියේ
නෙළාගන්න ඔබෙ කාන්තියේ
මගේ දුක් දරාගන්න
හිත් යහන සරසන්න
සඳුනේ නැගෙන් රාත්‍රියේ

දියඹේ බිහි වී
වෙරළේ මියැදී ...//
රළ වැල් ලෙසේ සාගරේ
මා හැර යයි ඈ
තනියට ළංවී
සඳුනේ නැගෙන් රාත්‍රියේ

උදාවෙන්න මේ රාත්‍රියේ
නෙලාගන්න ඔබෙ කාන්තියේ
මගේ දුක් දරාගන්න
හිත් යහන සරසන්න
සඳුනේ නැගෙන් රාත්‍රියේ

ගායනය - බණ්ඩාර අතාවුද
පද - බන්දුල නානායක්කාරවසම්
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

No comments: