Showing posts with label ලක්ෂ්මන් හේවාවිතාරණ. Show all posts
Showing posts with label ලක්ෂ්මන් හේවාවිතාරණ. Show all posts

Monday, May 4, 2015

මල් කැකුළකට ආදරේ කියන්න

මල් කැකුළකට ආදරේ කියන්න
තහනම් නෑ පුංචි සමනලුන්ට
ළඟට ළංව කවි කියන්න අවසර ඇත්නම්
මට සිඹින්න තහනම් ඇයි ඔය සුදු කම්මුල්

අහස තරම් දුරක ඉඳන්
පිනි වැස්සක් බිමට එවා
ඔබෙ කෙහෙරැළි සිපගන්නට
අහසට හැකි නම්
ඒ කෙහෙරැළි සිපගන්නට ඇයි මට තහනම්

මල් කැකුළකට ආදරේ කියන්න
තහනම් නෑ පුංචි සමනලුන්ට
ළඟට ළංව කවි කියන්න අවසර ඇත්නම්
මට සිඹින්න තහනම් ඇයි ඔය සුදු කම්මුල්

ගහ කොළ නටුවලට හොරෙන්
මහ රෑ ඔබ ළඟට ඇවිත්
ඔබෙ සියොලඟ සිපගන්නට
සුළඟට හැකිනම්
ඒ සියොලඟ සිපගන්නට ඇයි මට තහනම්

මල් කැකුළකට ආදරේ කියන්න
තහනම් නෑ පුංචි සමනලුන්ට
ළඟට ළංව කවි කියන්න අවසර ඇත්නම්
මට සිඹින්න තහනම් ඇයි ඔය සුදු කම්මුල්

ගායනය - ලක්ෂ්මන් හේවාවිතාරණ
පද රචනය - ශාන්ත කුමාර විතාන
තනුව හා සංගීතය - ලක්ෂ්මන් හේවාවිතාරණ

එපා වෙන්නට පෙර ඔබට

එපා වෙන්නට පෙර ඔබට
මට අවසරයි නික්මී යන්න
ලියූ දහසක් කවි වලින් මට
එකම කවියක්වත් දෙන්න ...//

නිදා නොනිදා පහන් කළ රෑ
කෙතරම්ද මේ අහස යට ...//
කියා ගන්නට බැරිව හිටි දුක්
දන්නෙ කවුරුද ඔබම මිස

එපා වෙන්නට පෙර ඔබට
මට අවසරයි නික්මී යන්න
ලියූ දහසක් කවි වලින් මට
එකම කවියක්වත් දෙන්න

මලානික වූ මලක් ආයෙත්
පිපේවිද කොයි කවර ලෙස ...//
පිපේ නම් ඒ ඔබටමයි
කාට අයිතිද ඔබට මිස

එපා වෙන්නට පෙර ඔබට
මට අවසරයි නික්මී යන්න
ලියූ දහසක් කවි වලින් මට
එකම කවියක්වත් දෙන්න

ගායනය - ලක්ෂ්මන් හේවාවිතාරණ
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව හා සංගීතය - රෝහණ වීරසිංහ