Showing posts with label ශ්‍රියා කාරියවසම්. Show all posts
Showing posts with label ශ්‍රියා කාරියවසම්. Show all posts

Sunday, September 25, 2016

මේ කොයි යන්නේ
















මේ කොයි යන්නේ
රයිගම් යන්නේ
කවදද එන්නේ
නැත අප දන්නේ

උඩින් ගියොත් සිරස බිඳෙයි
බිමින් ගියොත් තිඹොල් ඇණෙයි ..//

මේ කොයි යන්නේ
රයිගම් යන්නේ

කුරිරු ගොර සපුන් ගහණයි වනන්තරේ
වල්මත් නොවී යන ගමනක් හෙමින් සැරේ

සතුන් පනී
දෙබරු අණී
සොර මුළු සේසත පැහැර ගනී ..//

මේ කොයි යන්නේ
රයිගම් යන්නේ

බාර හාර වී පුද පෙත් නොකළාට
අටවිසි බුදුන්ගේ සරණයි නුඹලාට

ගමන දුරයි
මඟ කටුකයි
පා යුග පැකිළෙයි බලාගෙනයි ...//

මේ කොයි යන්නේ
රයිගම් යන්නේ
කවදද එන්නේ
නැත අප දන්නේ

උඩින් ගියොත් සිරස බිඳෙයි
බිමින් ගියොත් තිඹොල් ඇණෙයි ..////..

ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ ශ්‍රියා කාරියවසම් ඇතුළු පිරිස
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - රෝහණ වීරසිංහ
සෙයිලම චිත්‍රපටියේ ගීයකි.

සිංහල සැහැලි අතර කෙළි සැහැලි ගොන්නට වැටෙන සහැල්ලක් මේ ගීයට පාදක කරගෙන ඇත.
විකිපීඩියා හී මෙසේ විස්තර කර ඇත.
පළමු වැන්නා - මේ කොයි යන්නේ
දෙවැන්නා - රයිගම් යන්නේ
ප - කවදා එන්නේ
දෙ - ඉරිදා එන්නේ
ප - මක්ක ගේන්නේ
දෙ - කැවුම් ගේන්නේ
ප - කාටද දෙන්නේ
දෙ - නැන්දට දෙන්නේ
ප - මේ කොයි පාරේ
දෙ - රයිගම් පාරේ

මේ ක්‍රීඩාවෙහි දී ඉරටු කැබෙල්ලක් හෝ ගල්කැටයක් මුදු‍නෙහි තැබූ වැලි දෝතක් ගත් පැටියකු ගේ දෙ ඇස් දෙ අත්ලෙන් වසාගත් තව පැටියෙක් ඔහු ගමන් කරවන ගමන් මේ කොයි යන්නේ ආදියෙන් අසන ප්‍රශ්නවලට අනිකා රයිගම් යන්නේ ආදී උත්තර දෙයි. මෙසේ අස අසා උත්තර ලැබ ලැබ වටෙන් වටේ ගොස් එක් තැනක දෝතෙහි තුබූ දෙය තබන්ට සලස්වා පෙරසේම වැසු ඇස් ඇති ව කෙළිමඬලට පමුණුවා තමා විසින් තැබූ දෙය සෙවීමට අණ කරයි. සොයා ගත හොත් ඔහු දිනන්නේ ය.