Showing posts with label ෂෙල්ටන් වීරරත්න. Show all posts
Showing posts with label ෂෙල්ටන් වීරරත්න. Show all posts

Thursday, March 7, 2019

ඈත රන් විමන් තුළින්


ඈත රන් විමන් තුළින්
පාට සේලයෙන් සැදී ...//
මුදු සීත හිම මුදුන් අතරින්
එබී බලනවා...
ආහ හා... ආහා හා... ආහා හා... ආහහා...

මේ ලොවින් එ‍හා සිටන්
ඈත ලෝකයෙන් ඇවිත් ...//
මුදු නීල පීත ලෝහිත පැහැ
ඈත දිලෙනවා...
ආහ හා... ආහා හා... ආහා හා... ආහහා...

රෑට තරු දහස් ගණන්
ඈත සුරපුරෙන් වැටී ...//
අද රෑට අද රෑට අද රෑට දිලෙනවා
ආහ හා... ආහා හා... ආහා හා... ආහහා...

ගීත රාවයෙන් සැලී
දෑත ආදරෙන් වෙලී ...//
ඔබ කීව පෙම් කතා ඇසුරෙන්
ගීත මැවෙනවා...
ආහ හා... ආහා හා... ආහා හා... ආහහා...

රෑට තරු දහස් ගණන්
ඈත සුරපුරෙන් වැටී ...//
අද රෑට අද රෑට අද රෑට දිලෙනවා
ආහ හා... ආහා හා... ආහා හා... ආහහා...

ගායනය - ප්‍රියා සූරියසේන
පද - ෂෙල්ටන් වීරරත්න
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන