Showing posts with label සුනිමල් විතානගේ. Show all posts
Showing posts with label සුනිමල් විතානගේ. Show all posts

Monday, April 6, 2015

විජ්ජුලතාවිය

විජ්ජුලතාවිය
ලොව සැරසූ ලිය
මාලති මාලිය
හදවත්ධාරිය
මිහිකත ධරණිය
කුණ්ඩලකේශීය

යශෝධරා වු උත්තම මෑණිය
ඔබ කුලවමියයි
රංජනියයි ලෝකේ
ලෝකේ
ලෝකේ

ඉන්දීවරියේ
අප්සරාවියේ
විලි වැඩුනා ලද මල්වරියේ
ධරිත ප්‍රභාවයි
ශෂ්‍යලේඛාවයි
හැම දන හද සොමි රුවන් ගැබේ
චිත්තග සජ්ජිත
සමන්ත භද්‍රය
ඔබයි සදා ලෝකේ
චිත්තග සජ්ජිත
සමන්ත භද්‍රය
ඔබයි සදා ලෝකේ

තිසර ධේනුවේ
හද විල් තෙරෙහී
සදා සරණ ලද පින්බරියේ
ඉන්ද්‍ර දිශාවයි දිවි සූර්යාවයි
ලලිත සිතක නිති ජයක් ඇඹේ
චිත්තග සජ්ජිත
සමන්ත භද්‍රය
ඔබයි සදා ලෝකේ
චිත්තග සජ්ජිත
සමන්ත භද්‍රය
ඔබයි සදා ලෝකේ

විජ්ජුලතාවිය
ලොව සැරසූ ලිය
මාලති මාලිය
හදවත්ධාරිය
මිහිකත ධරණිය
කුණ්ඩලකේශීය

යශෝධරා වු උත්තම මෑණිය
ඔබ කුලවමියයි
රංජනියයි ලෝකේ
ලෝකේ
ලෝකේ

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - සුනිමල් විතානගේ
තනුව - රංග දසනායක