Showing posts with label සුනිල් සාන්ත. Show all posts
Showing posts with label සුනිල් සාන්ත. Show all posts

Monday, September 13, 2021

ලලිත ලවංග ලතා

ලලිත ලවංග ලතා පරිශීලන කෝමල මලය සමීරේ
මධුකර නිකර කරම්බිත කෝකිල කූජිත කුංජ කුටීරේ

විහරති හරිරිහ සරස වසන්තේ
නෘත්‍යති යුවති ජනේන සමං සබි විරහි ජනස්‍ය දුරන්තේ
විරහි ජනස්‍ය දුරන්තේ

උන්මද මදන මනෝරථ පථික වධූජන ජනිත විලාපේ
අලිකුල සංකුල කුසුම සමූහ නිරාකුල බකුල කලාපේ

විහරති හරිරිහ සරස වසන්තේ
නෘත්‍යති යුවති ජනේන සමං සබි විරහි ජනස්‍ය දුරන්තේ
විරහි ජනස්‍ය දුරන්තේ

මෘග මද සෞරභ රභස වසම්වද නව දල මාල තාමාලේ
යුව ජන හෘ(රි)දය විදාරණ මනසිජ නඛ රුසි කිම්සුඛ ජාලේ

විහරති හරිරිහ සරස වසන්තේ
නෘත්‍යති යුවති ජනේන සමං සබි විරහි ජනස්‍ය දුරන්තේ
විරහි ජනස්‍ය දුරන්තේ

මදන මහීපති කණක දණ්ඩ රුසි කේසර කුසුම විකාසේ
මිලිත සිලී මුඛ පාටල පටල කර්ත ස්මර තූණ විලාසේ

විහරති හරිරිහ සරස වසන්තේ
නෘත්‍යති යුවති ජනේන සමං සබි විරහි ජනස්‍ය දුරන්තේ
විරහි ජනස්‍ය දුරන්තේ

විගලිත ලජ්ජිත ජගදවලෝකන තරුණ කරුණ ක්‍රිත හාසේ
විරහි නික්‍රතන කුන්ත මුඛාක්‍රිති කේතක දන්තුරිතාසේ

විහරිත හරිරිහ සරස වසන්තේ
නෘත්‍යති යුවති ජනේන සමං සබි විරහි ජනස්‍ය දුරන්තේ
විරහි ජනස්‍ය දුරන්තේ

මාධවිකා පරිමල ලලිටි නව මාලති ජාති සුගන්ධව්
මුනි මනසාමපි මෝහන කාරිනි තරුණාකාරන බන්ධව්

විහරති හරිරිහ සරස වසන්තේ
නෘත්‍යති යුවති ජනේන සමං සබි විරහි ජනස්‍ය දුරන්තේ
විරහි ජනස්‍ය දුරන්තේ

සංගීතය සහ ගායනය - සුනිල් සාන්ත
ගී පද - සකු බසින් ලියැවුණු ශ්‍රී ජයදේව ගෝස්වාමි ලියූ ගීත ගෝවින්දයෙන්
තනුව - ඉන්දියානු කෝවිල්වල සහ විවිධ නැටුම් වර්ගවල දී වැයෙන ගී නාද මාලා ඇසුරෙන්


මෙම සංස්කෘත ගීයේ ගායනා විශාල ප්‍රමාණයක් අන්තර්ජාලයේ තිබේ. සුනිල් සාන්තයන්ගේ ගායනය හා කොතරම් සමීප දැයි පහත ගීය අසා බලන්න.

lalita lavanga lata parishIlana komala malaya samIre
madhukara nikara karambita kokila kujita kujna kutire

virahati haririha sarasa vsante
nrtyati yuvati janena samam sakhi virahi janasya durante
virahi janasya durante

unmada madana manoratha pathika vadhujana janita vilape
alikula samkula kusuma samuha nirakula varula kalape

virahati haririha sarasa vsante
nrtyati yuvati janena samam sakhi virahi janasya durante
virahi janasya durante

mrgamada saurabha rabhasa vashamvada navadalamala tamale
yuvajana hrdaya vidarana manasija nakharuci kimshuka jale

madana mahIpati kanaka dandaruci kesara kusuma vikase
milita shilImukha patala patala krta smaratuna vilase

virahati haririha sarasa vsante
nrtyati yuvati janena samam sakhi virahi janasya durante
virahi janasya durante

vikalita lajjita jagadava lokana taruna karuna krta hase
virahi nikrntana kunta mukhakrti ketaki danturitashe

virahati haririha sarasa vsante
nrtyati yuvati janena samam sakhi virahi janasya durante
virahi janasya durante

madhavika parimala milite navamalikayati sugandhau
muni manasamapi mohanakarini taruna karana bandhau

virahati haririha sarasa vsante
nrtyati yuvati janena samam sakhi virahi janasya durante
virahi janasya durante

sphuradati mukta lata parirambhana mukulita pulakita cute
brndaAvana vipine parisara parigata yamunajala pute

virahati haririha sarasa vsante
nrtyati yuvati janena samam sakhi virahi janasya durante
virahi janasya durante

shrI jayadeva bhanitamitamidam udayati hari carana smrti saram
sarasa vasanta samaya vana varnanam anugatamadana vikaram

virahati haririha sarasa vsante
nrtyati yuvati janena samam sakhi virahi janasya durante
virahi janasya durante

ललिता लवंगा लता पैरिश इलाना कोमला मलाया समीरे
मधुकर निकारा करम्बिता कोकिला कुजिता कुजना कुटीरे

विरहति हरिरिहा सरसा वसांते
नृत्याति युवती जनेना सामं सखी विराही जनस्य दूरंते
विराही जनस्य दूरंते

उन्मदा मदन मनोरथ पथिका वधुजन जनिता विलापे
अलीकुला समकुला कुसुमा समुहा निरकुल वरुला कलापे

विरहति हरिरिहा सरसा वसांते
नृत्याति युवती जनेना सामं सखी विराही जनस्य दूरंते
विराही जनस्य दूरंते

मृगमादा सौरभ रभास वशंवाद नवादलमाला तमाले
युवाजन हृदय विदरण मनसिजा नखरुचि किंशुका जले

मदन महिपति कनक दंडरुचि केसर कुसुमा विकासे
मिलिशिया शिलइमुखा पाताल पाताल क्रता स्मारकुना विलासे

विरहति हरिरिहा सरसा वसांते
नृत्याति युवती जनेना सामं सखी विराही जनस्य दूरंते
विराही जनस्य दूरंते

अभी तक कोई समीक्षा नहीं है, क्या आप अपनी समीक्षा सबमिट करना चाहेंगे?
विराही निरंताना कुंता मुखाकृति केतकी दंतुरीताशे

विरहति हरिरिहा सरसा वसांते
नृत्याति युवती जनेना सामं सखी विराही जनस्य दूरंते
विराही जनस्य दूरंते

माधविका परिमल मिलिट नवमालिकायति सुगंधौ
मैं मनसामपि मोहनकारिणी से छुटकारा पाना चाहता हूं

विरहति हरिरिहा सरसा वसांते
नृत्याति युवती जनेना सामं सखी विराही जनस्य दूरंते
विराही जनस्य दूरंते

स्फुरदती मुक्ता लता परिरम्भन मुकुलिता पुलकिता क्यूट
बृंदाअवन विपिन परिसर परिगत यमुनाजला पुते

विरहति हरिरिहा सरसा वसांते
नृत्याति युवती जनेना सामं सखी विराही जनस्य दूरंते
विराही जनस्य दूरंते

श्री जयदेव भनीतामितामिदं उदयति हरि कैराना स्मृति सरम
सरसा वसंत समय वन वर्णनं अनुगतमदन विकारम्:

विरहति हरिरिहा सरसा वसांते
नृत्याति युवती जनेना सामं सखी विराही जनस्य दूरंते
विराही जनस्य दूरंते


වරද ඇතොත් සමා වී පෙන්වා දෙන්න.

Thursday, July 29, 2021

සුමනෝ සුමනෝ

සුමනෝ සුමනෝ
මැණිකේ
යන්නේ කොහෙදෝ කඩිමුඩියේ
තවම නෑනේ අඳුරු වැටුණේ //
පොඩ්ඩකට නවතින්
සුමනෝ සුමනෝ 

අතරමග රැක බලා සිටියා
නොඉවසිල්ලෙන් මගෙ පොඩි මැණිකේ සුමනෝ
පස්ස නොබලා යන්න යන්නේ ඇයි ද මැණිකේ
මගෙ කිරිමැණිකේ සුමනෝ
සුමනෝ ..... ඕ...ඔඔඔඔ ඕ..
මැණිකේ සුමනෝ
මැණිකේ
යන්නේ කොහෙදෝ කඩිමුඩියේ
තවම නෑනේ අඳුරු වැටුණේ //
පොඩ්ඩකට නවතින්
සුමනෝ සුමනෝ 

දෑස නොහෙලා වේලි වේලී
මඟ බලා සිටියා... //

ඇයි ද මේ ඇයි ද මේ
ඇයි ද මේ ඇයි ද මේ
පැත්ත නොබලා යන්න යන්නේ
තරහයෙන් වාගේ
සුමනෝ සුමනෝ 
මැණිකේ
යන්නේ කොහෙදෝ කඩිමුඩියේ
තවම නෑනේ අඳුරු වැටුණේ //
පොඩ්ඩකට නවතින්
සුමනෝ සුමනෝ 

කලබලෙන් කලබලෙන්
විදුලියෙන් මෙන් යන්නේ.....
ඇයි සුමනෝ 

ඔබ ද තනිවී මා ද තනිකර
යන්නෙ ඇයි මැණිකෝ ...//

කලබලෙන් කලබලෙන්
විදුලියෙන් මෙන් යන්නෙ කොයිදෝ
මොහොතකට නවතින්

සුමනෝ සුමනෝ 
මැණිකේ
මැණිකේ

තරහවෙන් ඇයි යන්න යන්නේ
මා එපා වී දෝ
මා එපා වී දෝ
පෙම් ලොවේ රඟපෑව කාලේ
මතක ඇති නොවෙදෝ

මල්සරා මල්සරා
හීයෙකින් විද්දා ද සුමනෝ
ඇස කොණින් බැලුවේ

සුමනෝ සුමනෝ 
මැණිකේ
මැණිකේ

ගායනය - සුනිල් සාන්ත
පද - සුනිල් සාන්ත
තනුව - අනිල් බිස්වාස්

1943 දී තිරගතවූ, "කිස්මට්" චිත්‍රපටියේ වූ ගීයක්, චිත්‍රපටිය තුළ අවස්ථා දෙකකදී ගැයෙනවා. ඉන් එකක් අමීර්බායි කර්නාතකී ගායිකාව විසිනුත් අනෙක් ගීය අශෝක් කුමාර් විසිනුත් ගායනා වුණා. එම ගීයේ තනුවටයි සුනිල් සාන්තයන් "සුමනෝ සුමනෝ" ගීය ගැයුවේ.



හින්දි ගීය

Dheere dheere aa re
Baadal dheere aa re
Baadal dheere dheere jaa
Meraa bulbul so meraa bulbul
So rahaa hai shor
Gul na machaa o dheere

Raat dhundhalii ho gayii hai
Saarii duniyaa so gayii hai
Raat dhundhalii ho gayii hai
Sarhila ke kah rahii hain
Phool kyaarii men so gayii
So gayii so gayii  so gayii
Lailaa kisii ke intazaarii mein so gayii
Lailaa kisii ke intazaarii mein
Merii lailaa ko o baadal
Tu nazar na lagaa
O baadal tu nazar na lagaa
Meraa bulabul so rahaa hai
Meraa bulabul so rahaa hai
Shor gul na machaa dheere dheere

Ta na naa ta na naa ta na na na naa
Ta na naata na na na naa

O gaane vaale dheere gaanaa
Geet tu apanaa
Kyon are tut jaayegaa kisii kii
Aankh kaa sapanaa
Tut jaayegaa kisii kii
Aankh kaa sapanaa
Chupake chupake kah rahaa hai
Chupake chupake kah rahaa hai
Mujh se meraa dil aa gayii dekho
Musaafir pyaar kii manzil
Musaafir pyaar kii manzil

Kaun gaataa hai rubaaii re
Phir ye kis kii yaad aayii re
Phir ye kis kii yaad aayii re
Kis ne pahanaa dii hai bolo
Kis ne pahanaa dii hai
Mujh ko prem kii maalaa
Kis ne merii zindagii
Kaa rang badal daalaa
Tum kahoge priit is ko
Tum kahoge pyaar
Main kahun, haan
Main kahun do dil mile hain
Khil gayaa sansaar
Main kahun do dil mile hain
Khil gayaa sansaar
Do dilon kii ye kahaanii do
Dilon kii ye kahaanii
Tu bhii sunataa jaa
O baadal tu bhii sunataa jaa

धीरे धीरे ा रे
बादल धीरे ा रे
बादल धीरे धीरे जा
मेरा बुलबुल सो मेरा बुलबुल
सो रहा है शोर
गुल न मचा ो धीरे

रात धुंधली हो गयी है
सारी दुनिया सो गयी है
रात धुंधली हो गयी है
सरहिला के कह रही हैं
फूल क्यारी में सो गयी
सो गयी सो गयी  सो गयी
लैला किसी के इंतजारी में सो गयी
लैला किसी के इंतजारी में
मेरी लैला को ो बादल
तू नज़र न लगा
ओ बादल तू नज़र न लगा
मेरा बुलबुल सो रहा है
मेरा बुलबुल सो रहा है
शोर गुल न मचा धीरे धीरे

ता ना ना ता ना ना ता ना ना ना ना
ता न नाता न न न ना

ओ जाने वाले धीरे गाना
गीत तू अपना
क्यों अरे टूट जाएगा किसी की
आँख का सपना
टूट जाएगा किसी की
आँख का सपना
चुपके चुपके कह रहा है
चुपके चुपके कह रहा है
मुझ से मेरा दिल आ गयी देखो
मुसाफिर प्यार की मंज़िल
मुसाफिर प्यार की मंज़िल

कौन गाता है रुबाई रे
फिर ये किस की याद आयी रे
फिर ये किस की याद आयी रे
किस ने पहना दी है बोलो
किस ने पहना दी है
मुझ को प्रेम की माला
किस ने मेरी ज़िंदगी
का रंग बदल डाला
तुम कहोगे प्रीत इस को
तुम कहोगे प्यार
मैं कहूं
मैं कहूं दो दिल मिले हैं
खिल गया संसार
मैं कहूं दो दिल मिले हैं
खिल गया संसार
दो दिलों की ये कहानी दो
दिलों की ये कहानी
तू भी सुनता जा
ओ बादल तू भी सुनता जा

Singers - Amirbai Karnataki, Ashok Kumar
Lyricist - Ramchandra Baryanji Dwivedi (Kavi Pradeep)
Composer - Anil Krishna Biswas
Movie - Kismet 1943

අශෝක් කුමාර් ගැයූ ගීය



අමීර්බායි කර්නාතකී ගැයූ ගීය

Wednesday, November 13, 2019

බොන්දුරේ


ඕ.. බොන්දුරේ .. (එඑ ඒඒ...
බොන්දුරේ .. (ඒඒ...
බොන්දුරේ .. (ඒඒ...

නා බොන්දුරේ
තුර්ෂතෙ මොර් බාහ්බරකාදා
තුර්ෂතෙ මොර් ප්‍රේම් රකා දායෙ ෂුණා බොන්දුරේ
තුර්ෂතෙ මොර් බාහ්බරකාදා

ඕ බොන්දුරේ .. (එඑ ඒඒ...

අමි ඡේදෙ ෂෙතයි ෂෙතයි තුමී
තුමර් නමර් දොනිරෙ බොන්දු
තුමර් නමර් දොනී
අමි ඡේදෙ ෂෙතයි ෂෙයිතො කොලී

අමි ඡේදෙ ෂෙතයි ෂෙයිතො කොලී
නෙයිතො කොලෝන් කිණී එලෝ
ජාම් කොලෝන් කිණී ෂුණා බොන්දුරේ
තුර්ෂතෙ මොර් බාහ්බරකාදා

තුර්ෂතෙ මොර් ප්‍රේම් රකා දායෙ ෂුණා බොන්දුරේ
තුර්ෂතෙ මොර් බාහ්බරකාදා
ඕ බොන්දුරේ ........ (එඑ ඒඒ...

ඕ බොන්දුරේ
අමර් බඩී ගැරලේ බොන්දු
ලොකේ කොර්බෙ තොතිරෙ බොන්දු
ලොකේ කොර්බෙ තොතී
අමි නිතො මතෙ අප්නො හොතී

අමි නිතො මතෙ අප්නො හොතී
ගොලයි පොබෝ රොෂි එලෝ
ගොලයි ෂණෝ පෂී ෂුණා බොන්දුරේ
තුර්ෂතෙ මොර් බාහ්බරකාදා

තුර්ෂතෙ මොර් ප්‍රේම් රකා දායෙ ෂුණා බොන්දුරේ
තුර්ෂතෙ මොර් බාහ්බරකාදා

ඕ බොන්දුරේ ................................ (එඑ ඒඒ...
ඕ බොන්දුරේ

අමර් බඩී නජා බොන්දු පොරේ බඩී ජයියෝ
තුමි ෂොජා පොතේ කොයියා කොතා

තුමි ෂොජා පොතේ කොයියා කොතා
රධා රෙෂෝ නාය තුමී
රධා රෙෂෝ නාය ෂුණා බොන්දුරේ
තුර්ෂතෙ මොර් බාහ්බරකාදා

තුර්ෂතෙ මොර් ප්‍රේම් රකා දායෙ ෂුණා බොන්දුරේ
තුර්ෂතෙ මොර් බාහ්බරකාදා

ඕ බොන්දුරේ ................................ (එඑ ඒඒ... එඑ ඒඒ... එඑ ඒඒ...

ඕ බොන්දුරේ
ඕ බොන්දුරේ ................................ (එඑ ඒඒ... එඑ ඒඒ... එඑ ඒඒ... ඒ ඒඒ ඒඒ ඒඒ ඒඒ
ඕ බොන්දුරේ
තුර්ෂතෙ මොර් බාහ්බරකාදා

තුර්ෂතෙ මොර් ප්‍රේම් රකා දායෙ ෂුණා බොන්දුරේ
තුර්ෂතෙ මොර් බාහ්බරකාදා

ඕ බොන්දුරේ

තුර්ෂතෙ මොර් ප්‍රේම් රකා දායෙ ෂුණා බොන්දුරේ
තුර්ෂතෙ මොර් බාහ්බරකාදා


ඕ බොන්දුරේ

අමර් බඩී නජා බොන්දු පොරේ බඩී ජයියෝ
තුමි ෂොජා පොතේ කොයියා කොතා

තුමි ෂොජා පොතේ කොයියා කොතා
රධා රෙෂෝ නාය තුමී
රධා රෙෂෝ නාය ෂුණා බොන්දුරේ
තුර්ෂතෙ මොර් බාහ්බරකාදා

ඕ බොන්දුරේ ................................ (එඑ ඒඒ... එඑ ඒඒ... එඑ ඒඒ...

ඕ බොන්දුරේ ................................ (එඑ ඒඒ... එඑ ඒඒ... එඑ ඒඒ... ඒ ඒඒ ඒඒ ඒඒ ඒඒ

ගායනය - සුනිල් සාන්ත
බෙන්ගාලි ජන ගීයකි.



Bondure - Sunil Santha

Thursday, August 15, 2019

සරග මල


සරග මල
පලන ගල
ළග මලබර වරල
සරග මල
පලන ගල
ළග මලබර වරල


මහනෙල සපුකුසුමක
අතිනි ගත හෙළිලම්බුයුක

සරග මල
පලන ගල
ළග මලබර වරල

ළග මලබර වරල


වරල
වරල
වරල
වරල

මහනෙල සපුකුසුමක අතිනි ගත
අතිනි ගත

මහනෙල සපු
මහනෙල සපු
මහනෙල සපු කුසුමක
අතිනි ගත
අතිනි ගත
අතිනි ගත
අතිනි ගත

මහනෙල සපු කුසුමක අතිනි ගත හෙළිලම්බුයුක

සරග සරග සරග මල
පලන පලන පලන ගල


සරග සරග සරග මල
පලන පලන පලන ගල


සරග මල
පලන ගල
ළග මලබර වරල

මහනෙල සපුකුසුමක අතිනි ගත
හෙළිලම්බුයුක

සරග මල
පලන ගල
ළග මලබර වරල

සරග මල
පලන ගල
ළග මලබර වරල

මහනෙල සපුකුසුමක අතිනි ගත
හෙළිලම්බුයුක

සරග සරග සරග මල
පලන පලන පලන ගල


සරග සරග සරග මල
පලන පලන පලන ගල


සරග මල
පලන ගල
ළග මලබර වරල

මහනෙල සපුකුසුමක අතිනි ගත
හෙළිලම්බුයුක

ගායනය - සුනිල් සාන්ත සමග නාලිනී රණසිංහ සහ පිරිස
පද - සීගිරි කුරුටු ගී අතරින්
නාද රටා - සුනිල් සාන්ත


සුවඳ මල් පැලඳි,  මලින් බර වරලින් යුතු, ගලෙහි ඇලුණු රූමත් කතක්, මහනෙල් හා සපු කුසුමක් අතින් ගත්තීය.

Saraga Mala - Sunil Santha & Nalini Ranasinha

Wednesday, August 14, 2019

සී රජු යසස සිරි


සී රජු යසස සිරි
තුඹු මුළු ලොව් පැතිරී
නිලුපුල් ඇසුන් අසිරි බැලුමො සිහිගිරි

නිලුපුල්
නිලුපුල්
නිලුපුල් ඇසුන් අසිරි

නිලුපුල් ඇසුන් අසිරි බැලුමො සිහිගිරි
සී රජු යසස සිරි
යසස සිරි
යසස සිරි

තුඹු මුළු ලොව් පැතිරී
ලොව් පැතිරී
ලොව් පැතිරී

නිලුපුල් නිලුපුල්
නිලුපුල් නිලුපුල්

නිලුපුල් ඇසුන් අසිරි
නිලුපුල් ඇසුන් අසිරි
නිලුපුල් ඇසුන් අසිරි
නිලුපුල් ඇසුන් අසිරි

අසිරි අසිරි අසිරි අසිරි
අසිරි අසිරි ඇසුන් අසිරි

අසිරි අසිරි අසිරි අසිරි
බැලුමො බැලුමො ඇසුන් අසිරි

අසිරි අසිරි අසිරි අසිරි
නිලුපුල් ඇසුන් අසිරි බැලුමො සිහිගිරි
බැලුමො බැලුමො සිහිගිරි
බැලුමො බැලුමො සිහිගිරි


සී රජු යසස සිරි
තුඹු මුළු ලොව් පැතිරී
නිලුපුල් ඇසුන් අසිරි බැලුමො සිහිගිරි


සී රජු යසස සිරි
තුඹු මුළු ලොව් පැතිරී
නිලුපුල් ඇසුන් අසිරි බැලුමො සිහිගිරි

නිලුපුල්
නිලුපුල්
නිලුපුල් ඇසුන් අසිරි

නිලුපුල් ඇසුන් අසිරි බැලුමො සිහිගිරි

සී රජු යසස සිරි
යසස සිරි
යසස සිරි

තුඹු මුළු ලොව් පැතිරී
ලොව් පැතිරී
ලොව් පැතිරී

නිලුපුල් නිලුපුල්
නිලුපුල් නිලුපුල්

නිලුපුල් ඇසුන් අසිරි
නිලුපුල් ඇසුන් අසිරි
නිලුපුල් ඇසුන් අසිරි
නිලුපුල් ඇසුන් අසිරි

අසිරි අසිරි අසිරි අසිරි
අසිරි අසිරි ඇසුන් අසිරි

අසිරි අසිරි අසිරි අසිරි
බැලුමො බැලුමො ඇසුන් අසිරි

අසිරි අසිරි අසිරි අසිරි
නිලුපුල් ඇසුන් අසිරි බැලුමො සිහිගිරි
බැලුමො බැලුමො සිහිගිරි
බැලුමො බැලුමො සිහිගිරි


සී රජු යසස සිරි
තුඹු මුළු ලොව් පැතිරී
නිලුපුල් ඇසුන් අසිරි බැලුමො සිහිගිරි


ගායනය - සුනිල් සාන්ත සමග නාලිනී රණසිංහ සහ පිරිස
පද - සීගිරි කුරුටු ගී අතරින්
නාද රටා - සුනිල් සාන්ත


මුළු ලොව පතළා වූ යසස සහ සිරියද ඇති සිංහ රාජයාද, අසිරිමත් නිලුපුල් ඇස් (ඇත්තියන්ද) සිහිගිරියේදී බැලුවෙමු.

See Raju Yasas Siri - Sunil Santha & Nalini Ranasinha

හමල් මරු


හමල් මරු
ජහස් සුයූ
හස්සන් දල්ලා
තුරු ගල් කොහල් හූ
මල ගල්හි හැල්ලා
ගණනින් මුත් කලබ්
කළ තම්බල පල්ලා
පැරැය දිගැස් ත දුන්
හස්සුන් කුම් වාල්ලා


හමල් මරු ජහස් සුයූ හස්සන් දල්ලා
තුරු ගල් කොහල් හූ මල ගල්හි හැල්ලා


හමල් මරු
ජහස් සුයූ
හස්සන් දල්ලා
තුරු ගල් කොහල් හූ
මල ගල්හි හැල්ලා
ගණනින් මුත් කලබ්
කළ තම්බල පල්ලා
පැරැය දිගැස් ත දුන්
හස්සුන් කුම් වාල්ලා


හමල් මරු ජහස් සුයූ හස්සන් දල්ලා
තුරු ගල් කොහල් හූ මල ගල්හි හැල්ලා
ගණනින් මුත් කලබ්
කළ තම්බල පල්ලා
පැරැය දිගැස් ත දුන් හස්සුන් කුම් වාල්ලා


ගණනින් මුත් කලබ්
කළ තම්බල පල්ලා
පැරැය දිගැස් ත දුන් හස්සුන් කුම් වාල්ලා
...//

හමල් මරු
ජහස් සුයූ (හස්සන් දල්ලා) ...///


ගායනය - සුනිල් සාන්ත සමග නාලිනී රණසිංහ සහ පිරිස
පද - සීගිරි කුරුටු ගී අතරින්
නාද රටා - සුනිල් සාන්ත


සුළඟ හැමීය. දළු ආ දහස්‌ සුවහස්‌ ගණන් ගස්‌ බිම පතිත විය. කොහා නාද පැවැත්වීය. මලය පර්වතයෙන් දිය ඇලි පතිත විය. කදෝ කිමියන් විසින් රාත්‍රිය තඹවන් ළා දළු පැහැ ගන්වන ලදී. දිගැසිය තී දුන් හසුනින් කවර පිහිටාධාරද?

Hamal Maru - Sunil Santha & Nalini Ranasinha

Tuesday, August 13, 2019

වලාකුළින් බැස


https://ijoear.com/Paper-October-2015/IJOEAR-OCT-2015-11.pdf


වලාකුළින් බැස
සමන් කුළත් වැඳ
එලෝ බලා යනවා
අනේ මගෙන්
වැඩ ගනිව් ගනිව්
හඬ හඬා ඔහේ යනවා


දැවේ දැවේ බිම් දිදී රදස් දුම්
බැලූ බැලූ හැමතේ
යවව් යවව් මා එහේ මෙහේ හා
ගිමන් නිවා පොළවේ


වලාකුළින් බැස
සමන් කුළත් වැඳ
එලෝ බලා යනවා
අනේ මගෙන්
වැඩ ගනිව් ගනිව්
හඬ හඬා ඔහේ යනවා


දැවේ දැවේ බිම් දිදී රදස් දුම්
බැලූ බැලූ හැමතේ
යවව් යවව් මා එහේ මෙහේ හා
ගිමන් නිවා පොළවේ


එදා රටේ මේ දනෝ තැතින් මා
තැනින් තැනේ රඳවා
මගෙන් වැඩක් ගෙනැ
මටත් වැඩක් කොටැ
ලොවේ නමක් තැබුවා


වලාකුළින් බැස
සමන් කුළත් වැඳ
එලෝ බලා යනවා
අනේ මගෙන්
වැඩ ගනිව් ගනිව්
හඬ හඬා ඔහේ යනවා


එදා රටේ මේ දනෝ තැතින් මා
තැනින් තැනේ රඳවා
මගෙන් වැඩක් ගෙනැ
මටත් වැඩක් කොටැ
ලොවේ නමක් තැබුවා


වැඩක් නොගත් දිය හඬා දොඩා මේ
මුවේ බලා යනවා
හැපී සිඳී සිඳු තෙරේ වැදී
කරදියෙන් එලෝ යනවා


වලාකුළින් බැස
සමන් කුළත් වැඳ
එලෝ බලා යනවා
අනේ මගෙන්
වැඩ ගනිව් ගනිව්
හඬ හඬා ඔහේ යනවා


වැඩක් නොගත් දිය අඬා දොඩා මේ
මුවේ බලා යනවා
හැපී සිඳී සිඳු තෙරේ වැදී
කරදියෙන් එලෝ යනවා


වලාකුළින් බැස
සමන් කුළත් වැඳ
එලෝ බලා යනවා
අනේ මගෙන්
වැඩ ගනිව් ගනිව්
හඬ හඬා ඔහේ යනවා


ගායනය - අයිවෝ ඩෙනිස් සමග නාලිනී රණසිංහ සහ පිරිස
පද - අරිසෙන් අහුබුදු
තනුව - සුනිල් සාන්ත



Walakulin Besa Saman Kulath Wenda - Ivor Denis & Nalini Ranasinha

Monday, May 13, 2019

සුදට සුදේ වලාකුළයි

සුදට සුදේ වලාකුළයි නිල් අහසේ පාවෙන්නේ
කන්ද උඩින් පණිවිඩයයි පුතුට මගේ ගෙන එන්නේ
දොයි දොයි දොයි දොයිය පුතා
බයි බයි බයි බයිය පුතා

සුරංගනාවනුයි වලාකුළ ඔසවා ගෙන එන්නේ
හඳ මාමයි සිනාසිසී රිදී පාන අල්ලන්නේ
දොයි දොයි දොයි දොයිය පුතා
බයි බයි බයි බයිය පුතා

හඳ පානේ මඳ සුළඟයි ඒ පණවිඩ කියවන්නේ
අහසේ රන් තරු අතරින් දෙවියන් එය ලියවන්නේ
දොයි දොයි දොයි දොයිය පුතා
බයි බයි බයි බයිය පුතා

නව මූණෙකි පුතුගෙ වගේ කන්දේ ඒ බැබලෙන්නේ
ඒ මූණයි මේ මූණයි තව ටිකකින් සිප ගන්නේ
දොයි දොයි දොයි දොයිය පුතා
බයි බයි බයි බයිය පුතා

ගායනය - ලතා වල්පොල
පද - අරිසෙන් අහුබුදු
තනුව - සුනිල් සාන්ත
සංගීතය - ආර්. මුත්තුසාමි
1960 දී තිරගතවූ "සංදේශය" චිත්‍රපටියේ ගීයකි.

මුල් ගීය


පසු කලෙක කළ ගායනයක්

රැජිණ මමයි අපේ රාජ්ජේ

හා.. අඅආ.. අඅආ.... අඅආඅ  අආ..

රැජිණ මමයි අපේ රාජ්ජේ
රැජිණ මමයි රැජිණ මමයි රැජිණ මමයි අපේ රාජ්ජේ

මගෙ සැමියා රජා තමයි
ඔහුගෙ අණට කැලේ සැලෙයි
ගසුත් වැලුත් ගලුත් නැමෙයි අපේ රාජ්ජේ
රැජිණ මමයි අපේ රාජ්ජේ

සෙබළු අපියි අපේ රාජ්ජේ
සෙබළු අපියි සෙබළු අපියි සෙබළු අපියි අපේ රාජ්ජේ

ඒ කන්දත් අපේ තමයි
මේ කන්දත් අපේ තමයි
කඳු යායම අපේ තමයි අපේ රාජ්ජේ
රැජිණ මමයි අපේ රාජ්ජේ

සෙබළු අපියි අපේ රාජ්ජේ
සෙබළු අපියි සෙබළු අපියි සෙබළු අපියි අපේ රාජ්ජේ

අපේ බලේ කඩුවෙ බලේ
අපේ බලේ දුන්නෙ බලේ
අපේ බලේ සමගි බලේ අපේ රාජ්ජේ
රැජිණ මමයි අපේ රාජ්ජේ
රැජිණ මමයි අපේ රාජ්ජේ
රැජිණ මමයි රැජිණ මමයි රැජිණ මමයි අපේ රාජ්ජේ

ගායනය - ලතා වල්පොල, ධර්මදාස වල්පොල, මොහිදීන් බෙග් සහ පිරිස
පද - අරිසෙන් අහුබුදු
තනුව - සුනිල් සාන්ත
සංගීතය - ආර්. මුත්තුසාමි
1960 දී තිරගතවූ "සංදේශය" චිත්‍රපටියේ ගීයකි.

මුල් ගීය



නව ගායනයක්

රෑන ගිරා රෑන අඹේ මී බිබී

රෑන ගිරා රෑන අඹේ මී බිබී //
රන ගිරවී රන ගිරවයි සොයන්නේ
ඇගෙ මිහිරා ඈම සොයා ඒ
කන්ද උඩින් පියා සලාලා
මාගේ සුදා
මාගේ සුදා
තාම නෑ

ආහා ආ.... අඅඅ ආ.... අඅඅ ආ....

ඕලු නිළී මාල ගෙතී පේළි වී
ඇගෙ මිහිරා කොයිද කියා සොයන්නේ
වන බඹරා ඈම සොයා ඒ
කන්ද උඩින් පියා සලාලා
මාගේ සුදා
මාගේ සුදා
තාම නෑ

ආහා ආ.... අඅඅ ආ.... අඅඅ ආ....

විල් කුමරී රැල්ල නඟා රඟාලා
ඇගෙ මිහිරා එන මඟමයි බලන්නේ
කඳු රැළියා ඈම සොයා ඒ
කන්ද උඩින් පියා සලාලා
මාගේ සුදා
මාගේ සුදා
තාම නෑ

ආහා ආ.... අඅඅ ආ.... අඅඅ ආ.... //

මා මිහිරා ඔබ අතරද සිටින්නේ
ඔහු සොයමින් මා එනවා මේ
ගීත ගයා රඟා රඟාලා
මාගේ සුදා
මාගේ සුදා
තාම නෑ

ගායනය - ලතා වල්පොල
පද - අරිසෙන් අහුබුදු
තනුව - සුනිල් සාන්ත
සංගීතය - ආර්. මුත්තුසාමි
1960 දී තිරගතවූ "සංදේශය" චිත්‍රපටියේ ගීයකි.