Showing posts with label චන්ද්‍රාණි ගුණවර්ධන. Show all posts
Showing posts with label චන්ද්‍රාණි ගුණවර්ධන. Show all posts

Thursday, August 8, 2019

ගගන තලේ විමන් අරා


ගගන තලේ විමන් අරා
සමන් වැලක සුවඳ පෙරා
ඔබ හද මල් පිපෙන තුරා
ඔබට වාසනා

දෑස කඳුළු දිය උතුරා
දෝතක මල් මුතු වරුසා
හදක විමන් පිරෙන තුරා
ඔබට වාසනා

ගගන තලේ විමන් අරා
සමන් වැලක සුවඳ පෙරා

කුංකුම අංජන තවරා
ආදරයෙන් බැලුම් හෙළා ...//

මා සමගින් පැතුම් පිරූ
ඔබට වාසනා

ගගන තලේ විමන් අරා
සමන් වැලක සුවඳ පෙරා
ඔබ හද මල් පිපෙන තුරා
ඔබට වාසනා

ගගන තලේ විමන් අරා
සමන් වැලක සුවඳ පෙරා

සඳ එළියක සිහිල පතා
හිරු ගිණිදැල් දවන තුරා...//

වේදනාව මට හිමිමුත්
ඔබට වාසනා

ගගන තලේ විමන් අරා
සමන් වැලක සුවඳ පෙරා
ඔබ හද මල් පිපෙන තුරා
ඔබට වාසනා

දෑස කඳුළු දිය උතුරා
දෝතක මල් මුතු වරුසා
හදක විමන් පිරෙන තුරා
ඔබට වාසනා

ගගන තලේ විමන් අරා
සමන් වැලක සුවඳ පෙරා

ගායනය - චන්ද්‍රානි ගුණවර්ධන
පද - ජයන්ති කස්තුරිආරච්චි
තනුව - ‍ෂෙල්ටන් ප්‍රේමරත්න

Friday, January 25, 2019

නැන්දල හතර දෙනා


සමනොල කන්දෙන් සිරිපා වැඳගෙන
සතර දිසාවෙන් බැස යනවා
වැඩිමල් නැන්දා මහවැලි නැන්දා
නෑ ළඟ නැන්දා කැලණියෙ නැන්දා
මද්දුම නැන්දා කළුතර නැන්දා
බාලම නැන්දා වලවේ නැන්දා
බාලම නැන්දා වලවේ නැන්දා

මේ ලොකු නැන්දල හතර දෙනා මට
හරිම ආදරෙයි අම්මා විලසට
අපේ තාත්තා වපුරණ කුඹුරට
ආකාසෙන් එනවැහි නැති කාලෙට
දිය කළගෙඩි උකුළෙන් ගෙන තාලෙට
එනවා නැන්දල හතර දෙනා
එනවා නැන්දල හතර දෙනා

සමනොල කන්දෙන් සිරිපා වැඳගෙන
සතර දිසාවෙන් බැස යනවා
වැඩිමල් නැන්දා මහවැලි නැන්දා
නෑ ළඟ නැන්දා කැලණියෙ නැන්දා
මද්දුම නැන්දා කළුතර නැන්දා
බාලම නැන්දා වලවේ නැන්දා
බාලම නැන්දා වලවේ නැන්දා

සීතල පැන් ගෙන නෑගම් එනකොට
හරිම ලස්සණයි ගම්මානය මට
අපේ සීයලා පුරාණයේ සිට
ආශාවෙන් බැත කමත කරන විට
දිය කළගෙඩි උකුළෙන් ගෙන තාලෙට
එනවා නැන්දල හතර දෙනා ////.

ගායනය - චන්ද්‍රානි ගුණවර්ධන සහ පිරිස

Wednesday, January 23, 2019

බකුසු ඉස්කෝලේ



වත්ත පහළ කොරවක්කුන්නේ කොරවක්කුන්නේ
කුරු කුරු කුරු ක්‍රෑස් ක්‍රෑස් හඬ නැඟුණේ
තුන් තුත්තිරි තුන් තුත්තිරි බිම සෙවණේ
පළඟැටියන් රූං රූං හඬ නැඟුණේ

බකුසු ඉස්කෝලේ
පුංචි ඉස්කෝලේ

බබුට බයේ නුදුවාලා
බබු එනතුරු නැවතීලා

බබුට බයේ නුදුවාලා
බබු එනතුරු නැවතීලා
අකුරු කරන්නට එනවා
ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ
ගල් අරඹේ

වත්ත පහළ කොරවක්කුන්නේ කොරවක්කුන්නේ
කුරු කුරු කුරු ක්‍රෑස් ක්‍රෑස් හඬ නැඟුණේ
තුන් තුත්තිරි තුන් තුත්තිරි බිම සෙවණේ
පළඟැටියන් රූං රූං හඬ නැඟුණේ

බකුසු ඉස්කෝලේ
පුංචි ඉස්කෝලේ

ඔළිඳ පබළු මාල සදන්
කුන්දු අතට තෑගි අරන්

ඔළිඳ පබළු මාල තනන්
පුංචි අපට තෑගි අරන්
කුරු කරන්නට එනවා
ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ
ගල් අරඹේ

වත්ත පහළ කොරවක්කුන්නේ කොරවක්කුන්නේ
කුරු කුරු කුරු ක්‍රෑස් ක්‍රෑස් හඬ නැඟුණේ
තුන් තුත්තිරි තුන් තුත්තිරි බිම සෙවණේ
පළඟැටියන් රූං රූං හඬ නැඟුණේ

බකුසු ඉස්කෝලේ
පුංචි ඉස්කෝලේ ....///

ගායනය - චන්ද්‍රානි ගුණවර්ධන සමහ ළමා පිරිස

Friday, November 30, 2018

හඳ පායා සිනාසේවී




හඳ පායා සිනාසේවී
ඔබගෙ මූණේ උදාවී ඒ ...//

රස පෑරූ ගමේ මනහාරී මගේ
මනහාරී මගේ මැණිකේ
හඳ පායා සිනාසේවී
ඔබගෙ මූණේ උදාවී ඒ

ඔබ ඊයේ හැන්දෑවේ
ගැයූ පැල් කවියේ රාවේ
තව මහදේ රැඳී
රස පෑරී නැඟේ
රස පෑරී නැඟේ සුහදේ

හඳ පායා සිනාසේවී
ඔබගෙ මූණේ උදාවී ඒ

හේනේ කුරක්කන්
සුළඟේ සැලෙද්දී
හේනේ කුරක්කන්
සුළඟේ සැලෙද්දී

ඔබගේ මුහුණෙ සොබා මැවුණා
ඔබගේ මුහුණෙ සොබා මැවුණා
සේදී සේදී ගොස් පාළුව රජවූ
මා හද රසයෙන් පිරුණා

හඳ පායා සිනාසේවී
ඔබගෙ මූණේ උදාවී ඒ

බාලේ සිටන් අපී රස ගී ගයලා
බාලේ සිටන් අපී රස ගී ගයලා

එක්ව විහිළු කළා නොවෙදෝ
එක්ව විහිළු කළා නොවෙදෝ
සිහිවේ සිතූ දේ ඵල බරවීලා
කුරහන් පැසුණා නොවේදෝ

හඳ පායා සිනාසේවී
ඔබගෙ මූණේ උදාවී ඒ ...//

රස පෑරූ ගමේ මනහාරී මගේ
මනහාරී මගේ මැණිකේ
හඳ පායා සිනාසේවී
ඔබගෙ මූණේ උදාවී ඒ

ගායනය - චන්ද්‍රාණි ගුණවර්ධන සහ දේවානන්ද වෛද්‍යස්කර
පද - මඩවල එස්. රත්නායක
තනුව - දේවානන්ද වෛද්‍යස්කර


(චිත්‍රය ජෝර්ජ් කීට් ශිල්පියාගේ ය)