Wednesday, January 23, 2019

බකුසු ඉස්කෝලේ



වත්ත පහළ කොරවක්කුන්නේ කොරවක්කුන්නේ
කුරු කුරු කුරු ක්‍රෑස් ක්‍රෑස් හඬ නැඟුණේ
තුන් තුත්තිරි තුන් තුත්තිරි බිම සෙවණේ
පළඟැටියන් රූං රූං හඬ නැඟුණේ

බකුසු ඉස්කෝලේ
පුංචි ඉස්කෝලේ

බබුට බයේ නුදුවාලා
බබු එනතුරු නැවතීලා

බබුට බයේ නුදුවාලා
බබු එනතුරු නැවතීලා
අකුරු කරන්නට එනවා
ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ
ගල් අරඹේ

වත්ත පහළ කොරවක්කුන්නේ කොරවක්කුන්නේ
කුරු කුරු කුරු ක්‍රෑස් ක්‍රෑස් හඬ නැඟුණේ
තුන් තුත්තිරි තුන් තුත්තිරි බිම සෙවණේ
පළඟැටියන් රූං රූං හඬ නැඟුණේ

බකුසු ඉස්කෝලේ
පුංචි ඉස්කෝලේ

ඔළිඳ පබළු මාල සදන්
කුන්දු අතට තෑගි අරන්

ඔළිඳ පබළු මාල තනන්
පුංචි අපට තෑගි අරන්
කුරු කරන්නට එනවා
ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ
ගල් අරඹේ

වත්ත පහළ කොරවක්කුන්නේ කොරවක්කුන්නේ
කුරු කුරු කුරු ක්‍රෑස් ක්‍රෑස් හඬ නැඟුණේ
තුන් තුත්තිරි තුන් තුත්තිරි බිම සෙවණේ
පළඟැටියන් රූං රූං හඬ නැඟුණේ

බකුසු ඉස්කෝලේ
පුංචි ඉස්කෝලේ ....///

ගායනය - චන්ද්‍රානි ගුණවර්ධන සමහ ළමා පිරිස

No comments: