Wednesday, January 23, 2019

වැලි පොල්කට්ටට



 වැලි පොල්කට්ටට බෙලිකටු හැන්දට
කොස් කොළ ගොට්ටට ආයුබොවන්
ඉතින් ආයුබෝවන් ...//

බංකු ලෑල්ලට රෙදි පොරවාලා
සාරි පොඩිත්තක් ඉඟ දවටාලා ...//
ගෙයි මිදුලේ ඉඳ නැළවූ කාලෙට
ඉතින් ආයුබෝවන්

වැලි පොල්කට්ටට බෙලිකටු හැන්දට
කොස් කොළ ගොට්ටට ආයුබොවන්
ඉතින් ආයුබෝවන්

වේවැල අරගෙන පුටුවට තලලා
හුණු කූරෙන් ගෙයි බිත්තියෙ ලියලා ...//
ටීචර් වීලා ඉගැන්ණු කාලෙට
ඉතින් ආයුබෝවන්

වැලි පොල්කට්ටට බෙලිකටු හැන්දට
කොස් කොළ ගොට්ටට ආයුබොවන්
ඉතින් ආයුබෝවන්

මින් පසු ගෙදරින් පිටත නොයන්නයි
ගුරුහරුකම් පිළිපැද හැසිරෙන්නයි ...//
හෙට ගෙට එන වැඩිහිටි කාලෙට දැන්
මෙන්න ආයුබෝවන්

වැලි පොල්කට්ටට බෙලිකටු හැන්දට
කොස් කොළ ගොට්ටට ආයුබොවන්
ඉතින් ආයුබෝවන් ...//

ගායනය - පේෂලා මෙන්ඩිස්
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - පුණ්‍යසිරි මහවත්ත

No comments: