Showing posts with label සුමේධ හේවාවිතාරණ. Show all posts
Showing posts with label සුමේධ හේවාවිතාරණ. Show all posts

Tuesday, February 26, 2019

දුක වනසන


දුක වනසන සැප ගෙනදෙන කාලේ
අද හිඟමන හෙට රජවන කාලේ
පින පලදෙන පව යට යන කාලේ
කල දුටු කල වල ඉහගනු රාළේ

සක්වල ජය ගන්නේ
මම රොකට් එකෙන් යන්නේ
මාතලි ගෙන්වන්නේ
මගෙ ඩ්‍රයිවර් කරගන්නේ
නන්දන උයනෙන් කොටසක් කුලියට අරගන්නේ
කප්රුක බදු ගන්නේ
මම සක්විති රජ වන්නේ
වාසනාව පයට පෑගුණා නේ //

අමෘතයෙන් ගැලුමක් ගෙන නොමිලෙ බෙදා දෙන්නේ
මල් හීසර දහසක් මම සල්ලි වලට ගන්නේ
අනංගයට අභියෝගෙට සටනට සැරසෙන්නේ
එතකොට මගෙ පින් පාටට කෙල්ලන් රැවටෙන්නේ
වාසනාව පයට පෑගුණා නේ //

දුක වනසන සැප ගෙනදෙන කාලේ
අද හිඟමන හෙට රජවන කාලේ
පින පලදෙන පව යට යන කාලේ
කල දුටු කල වල ඉහගනු රාළේ ....//

යේහ්... යං යං යං යං යං හායි
හහ්හහ් හහ්හහ් හහ්හහ් හා
මෙහෙට වරෙන් අල්මේදා
මෙහෙට වරෙන් අල්මේදා
හහ්හ හා

ගායනය - එම්.එස්. ප්‍රනාන්දු, මිල්ටන් මල්ලවාරච්චි සහ ෆ්‍රෙඩී සිල්වා
පද - සිරි කුලරත්න
සංගීත අධ්‍යක්ෂණය - සුමේධ හේවාවිතාරණ
1974 දී තිරගතවූ "වස්තුව" චිත්‍රපටියේ ගීයකි.

Thursday, February 21, 2019

අපි උපන්න ලෝකේ මේක

අපි උපන්න ලෝකේ මේක
අපට හැදුණාලු ඒ දේස
මේකෙ තියෙන සෑම දේක
රස විඳින්න ඕනේ
විනෝදවන්න ඕනේ

තටු සිඳිච්ච ඊයේ වගේම අනාගතේ
ගැන සිතා සිතේ මවාලා වැඩක් නොවේ
අද ලැබිච්ච ඵල නෙළාලා විනෝදයේ
සමනලුන් වගේම සිටීම වේ මේ ජීවිතේ

පැණි පිරිච්ච මාලතීලා හා සිනාවෙවී
අද ගෙවෙද්දි යාවි රොන් සිඳීලා මිලාන වී
ඒ වාගෙ සිතා බලාලා මේ ලෝකයේ
නෙත ගැටිච්ච සෑම දේ ලබාලා විනෝදවී

අපි උපන්න ලෝකේ මේක
අපට හැදුනලු ඒ දේස
මේකෙ තියෙන සෑම දේක
රස විඳින්න ඕනේ
විනෝදවන්න ඕනේ

රස විඳින්න ඕනේ
විනෝදවන්න ඕනේ

ගායනය - එම්.එස්. ප්‍රනාන්දු
පද රචනය - රංජිත් ප්‍රේමතිලක
තනුව - සුමේධ හේවාවිතාරණ
1973 දී තිරගතවූ හත්දින්නත් තරු චිත්‍රපටියේ ගීයක්.