දුක වනසන සැප ගෙනදෙන කාලේ
අද හිඟමන හෙට රජවන කාලේ
පින පලදෙන පව යට යන කාලේ
කල දුටු කල වල ඉහගනු රාළේ
සක්වල ජය ගන්නේ
මම රොකට් එකෙන් යන්නේ
මාතලි ගෙන්වන්නේ
මගෙ ඩ්රයිවර් කරගන්නේ
නන්දන උයනෙන් කොටසක් කුලියට අරගන්නේ
කප්රුක බදු ගන්නේ
මම සක්විති රජ වන්නේ
වාසනාව පයට පෑගුණා නේ //
අමෘතයෙන් ගැලුමක් ගෙන නොමිලෙ බෙදා දෙන්නේ
මල් හීසර දහසක් මම සල්ලි වලට ගන්නේ
අනංගයට අභියෝගෙට සටනට සැරසෙන්නේ
එතකොට මගෙ පින් පාටට කෙල්ලන් රැවටෙන්නේ
වාසනාව පයට පෑගුණා නේ //
දුක වනසන සැප ගෙනදෙන කාලේ
අද හිඟමන හෙට රජවන කාලේ
පින පලදෙන පව යට යන කාලේ
කල දුටු කල වල ඉහගනු රාළේ ....//
යේහ්... යං යං යං යං යං හායි
හහ්හහ් හහ්හහ් හහ්හහ් හා
මෙහෙට වරෙන් අල්මේදා
මෙහෙට වරෙන් අල්මේදා
හහ්හ හා
ගායනය - එම්.එස්. ප්‍රනාන්දු, මිල්ටන් මල්ලවාරච්චි සහ ෆ්‍රෙඩී සිල්වා
පද - සිරි කුලරත්න
සංගීත අධ්‍යක්ෂණය - සුමේධ හේවාවිතාරණ
1974 දී තිරගතවූ "වස්තුව" චිත්‍රපටියේ ගීයකි.

No comments:
Post a Comment