Showing posts with label හේම ශ්‍රී ද අල්විස්. Show all posts
Showing posts with label හේම ශ්‍රී ද අල්විස්. Show all posts

Thursday, August 8, 2019

හංසියක සේ


හංසියක සේ රැඳෙන්නෙමී දෝතේ
හඬ හඬා මා ගයන්නෙමී ගීතේ ...//
හංසියක සේ රැඳෙන්නෙමී දෝතේ

විල් ජලාශේ සුසීතලේ සරමී
නිල් අහසේ ඉගිල්ලෙමී හඬමී
සිහිනයක් සේ ඔයා පිදූ ප්‍රේමේ
සෝචනීයයි මගේ සදා ජීවේ

හංසියක සේ රැඳෙන්නෙමී දෝතේ
හඬ හඬා මා ගයන්නෙමී ගීතේ
හංසියක සේ රැඳෙන්නෙමී දෝතේ

හංස ගීතේ ඉතින් ප්‍රියේ නෑසේ
දුර අනන්තේ අරන් යමී රහසේ ...//
ඔබෙ සුගන්දේ මැකී ගියා පෙරදා
හමුනොවේවී මෙයින් මතූ කිසිදා

හංසියක සේ රැඳෙන්නෙමී දෝතේ
හඬ හඬා මා ගයන්නෙමී ගීතේ ...//
හංසියක සේ රැඳෙන්නෙමී දෝතේ

ගායනය - රූපා ඉන්දුමතී
පද - හේම ශ්‍රී ද අල්විස්
තනුව - ෂෙල්ටන් පෙරේරා

Wednesday, July 31, 2019

සතුට සැනසුම් සුවේ බලා

සතුට සැනසුම් සුවේ බලා
සීත සුළඟට තුරුල් වෙලා
ඈත අහසේ පියාසලා
එන්න කුරුලනි ඉගිල්ලිලා ....//
සතුට සැනසුම් සුවේ බලා

සෙනෙහෙ නිල්වන් නුවන් ගැබේ
ඔබේ රුව එහි ඇඳී තිබේ ...//
ඉවුර අසබඩ සඳුන් ගසේ
කුරුළු පවුලක් සුවෙන් වෙසේ

සතුට සැනසුම් සුවේ බලා
සීත සුළඟට තුරුල් වෙලා
ඈත අහසේ පියාසලා
එන්න කුරුලනි ඉගිල්ලිලා
සතුට සැනසුම් සුවේ බලා

එකට එක්වී සිනාවෙලා
වෙනින් රටකට ඉගිල්ලිලා ...//
සුවැති මල් බර වෙසක් මහේ
කූඩු හදමුද අපිත් එහේ

සතුට සැනසුම් සුවේ බලා
සීත සුළඟට තුරුල් වෙලා
ඈත අහසේ පියාසලා
එන්න කුරුලනි ඉගිල්ලිලා ....//
සතුට සැනසුම් සුවේ බලා

ගායනය - ලතා දිසානායක
පද රචනය - හේමශ්‍රී ද අල්විස්
සංගීතය - වික්ටර් දළුගම

1963 වසරේ දී ඉන්දියාවේ තිරගතවූ "Periya Idathu Penn" චිත්‍රපටියට, පී. සුශීලා සමග ටී.එම්. සෞන්දරරාජා ගායනා කළ, "Andru Vanthathum Ithe Nila" යන ගීයේ තනුවට නිමවූ ගීයකි.

මුල් ගීය


පසු කලෙක කළ ගායනයක්


ඊටත් පසු කලෙක කළ ගායනයක්

අයි.ටී.එන්. රූපවාහිනියේ "Chat N Music" වැඩ සටහනේ ලතා දිසානායක මහත්මිය මෙසේ ගැයුවා.


දමිළ ගීය

ஆண்: அன்று வந்ததும் இதே நிலா  குழு: சச் சச் சா
ஆண்: இன்று வந்ததும் அதே நிலா  குழு: சச் சச் சா
ஆண்: என்றும் உள்ளது ஒரே நிலா  குழு: சச் சச் சா
ஆண்: இருவர் கண்ணுக்கும் ஒரே நிலா ஆஆஆ
இருவர் கண்ணுக்கும் ஒரே நிலா

பெண்: ஆஆ இருவர் கண்ணுக்கும் ஒரே நிலா
அன்று வந்ததும் இதே நிலா  குழு: சச் சச் சா
பெண்: இன்று வந்ததும் அதே நிலா  குழு: சச் சச் சா
பெண்: என்றும் உள்ளது ஒரே நிலா  குழு: சச் சச் சா
பெண்: இருவர் கண்ணுக்கும் ஒரே நிலா
இருவரும்: ஆஆ இருவர் கண்ணுக்கும் ஒரே நிலா

ஆண்: அம்பிகாபதி கண்ட நிலா அமராவதியைத் தின்ற நிலா
பெண்: அம்பிகாபதி கண்ட நிலா அமராவதியைத் தின்ற நிலா
இருவரும்: கம்பன் பாடிய வெள்ளி நிலா
கவியில் ஆடிய பிள்ளை நிலா ஆஆஆ
கவியில் ஆடிய பிள்ளை நிலா

இருவரும்: அன்று வந்ததும் இதே நிலா  குழு: சச் சச் சா
இருவரும்: இன்று வந்ததும் அதே நிலா  குழு: சச் சச் சா
இருவரும்: என்றும் உள்ளது ஒரே நிலா  குழு: சச் சச் சா
இருவரும்: இருவர் கண்ணுக்கும் ஒரே நிலா ஆஆஆ
இருவர் கண்ணுக்கும் ஒரே நிலா

ஆண்: காதல் ரோமியோ கண்ட நிலா கன்னி ஜூலியட் வென்ற நிலா
இருவரும்: காதல் ரோமியோ கண்ட நிலா கன்னி ஜூலியட் வென்ற நிலா
பெண்: பாவை லைலா பார்த்த நிலா பாலை வனத்தின் வண்ண நிலா
இருவரும்: பாவை லைலா பார்த்த நிலா பாலைவனத்தின் வண்ண நிலா ஆஆஆ
இருவரும்: பாலை வனத்தின் வண்ண நிலா

பெண்: நாடுதோறும் வந்த நிலா நாகரிகம் பார்த்த நிலா
ஆண்: நாடுதோறும் வந்த நிலா நாகரிகம் பார்த்த நிலா
இருவரும்: பார்த்து பார்த்து சலித்ததிலா பாதி தேய்ந்தது வெள்ளி நிலா ஆஆஆ
பாதி தேய்ந்தது வெள்ளி நிலா

இருவரும்: அன்று வந்ததும் இதே நிலா  குழு: சச் சச் சா
இருவரும்: இன்று வந்ததும் அதே நிலா  குழு: சச் சச் சா
இருவரும்: என்றும் உள்ளது ஒரே நிலா  குழு: சச் சச் சா
இருவரும்: இருவர் கண்ணுக்கும் ஒரே நிலா ஆஆஆ
இருவர் கண்ணுக்கும் ஒரே நிலா ஆஆஆ
இருவர் கண்ணுக்கும் ஒரே நிலா

Male: Andru vandhadhum Idhae nila  Chorus: cha cha cha
Male: Indru vandhadhum Adhae nila  Chorus: cha cha cha
Male: Endrum ulladhu Orae nila  Chorus: cha cha cha
Male: Iruvar kannukum Orae nila aaaa
Iruvar kannukum Orae nila
Female: Aa aa iruvar Kannukum orae nila
Andru vandhadhum Idhae nila  Chorus: cha cha cha
Female: Indru vandhadhum Adhae nila  Chorus: cha cha cha
Female: Endrum Ulladhu orae nila  Chorus: cha cha cha
Female: Iruvar kannukum Orae nila
Both: Aaaa iruvar Kannukum orae nila

Male: Ambigapathi kanda nila Amaravathiyai thindra nila
Female: Ambigapathi kanda nila Amaravathiyai thindra nila
Both: Kamban Paadiya velli nila Kaviyil aadiya Pillai nila aaa
Kaviyil aadiya Pillai nila

Both: Andru Vandhadhum idhae nila  Chorus: cha cha cha
Both: Indru Vandhadhum adhae nila  Chorus: cha cha cha
Both: Endrum Ulladhu orae nila  Chorus: cha cha cha
Both: Iruvar Kannukum orae nila aaaa
Iruvar Kannukum orae nila

Male: Kaadhal romeo Kanda nila kanni juliet Vendra nila
Both: Kaadhal Romeo kanda nila Kanni juliet vendra nila
Female: Paavai laila Paartha nila paalaivanathin Vanna nila
Both: Paavai Laila paartha nila Paalaivanathin vanna nila aaaa
Paalaivanathin Vanna nila

Female: Naaduthorum Vandha nila nagareegam Paartha nila
Male: Naaduthorum Vandha nila nagareegam Paartha nila
Both: Paarthu Paarthu salithadhila Paadhi theindhadhu Velli nila aaaa
Paadhi theindhadhu Velli nila

Both: Andru Vandhadhum idhae nila  Chorus: cha cha cha
Both: Indru Vandhadhum adhae nila  Chorus: cha cha cha
Both: Endrum Ulladhu orae nila  Chorus: cha cha cha
Both: Iruvar Kannukum orae nila aaaa
Iruvar Kannukum orae nila aaaa
Iruvar Kannukum orae nila

Singers - T. M. Soundararajan & P. Susheela
Lyricist - Kannadasan
Composer - Viswanathan Ramamoorthy
Movie - Periya Idathu Penn (1963)

දමිළ ගීයේ අවස්ථා දෙකක් චිත්‍රපටියේ ඇතුළත් වුණා.
මේ එම ගීයේ "සොම්නස්" ගැයුමයි.


ගීයේ "දොම්නස්" ගායනය සහිත රූප රාමු.

Saturday, March 28, 2015

ආදරේ කියන්න දන්නෙ නෑ



ආදරේ කියන්න දන්නෙ නෑ
ආදරේ කරන්න දන්නෙ නෑ
ඈත මෑත දෝ යොවුන් හදේ ද දන්නෙ නෑ
කවුද මේක මැව්වෙ දන්නෙ නෑ ...//

සිනිඳු මල් වලින් පෙනෙන්නෙ නෑ (පෙනෙන්නෙ නෑ)
මුහුදු රැල්ලකින් නැගෙන්නෙ නෑ (නැගෙන්නෙ නෑ)
පාට දේව දුන්නකින්ද නෑ පෙනෙන්නෙ නෑ
කවුද මේක මැව්වෙ දන්නෙ නෑ
පාට දේව දුන්නකින්ද නෑ පෙනෙන්නෙ නෑ
කවුද මේක මැව්වෙ දන්නෙ නෑ

ආදරේ කියන්න දන්නෙ නෑ
ආදරේ කරන්න දන්නෙ නෑ
ඈත මෑත දෝ යොවුන් හදේ ද දන්නෙ නෑ
කවුද මේක මැව්වෙ දන්නෙ නෑ

නිල් වලා තුලින් පෙනෙන්නෙ නෑ (පෙනෙන්නෙ නෑ)
තාරකා තුලින් දිලෙන්නෙ නෑ (දිලෙන්නෙ නෑ)
සීත රෑ සුළං තුලින්ද නෑ දැනෙන්නෙ නෑ
කවුද මේක මැව්වෙ දන්නෙ නෑ
සීත රෑ සුළං තුලින්ද නෑ දැනෙන්නෙ නෑ
කවුද මේක මැව්වෙ දන්නෙ නෑ

ආදරේ කියන්න දන්නෙ නෑ
ආදරේ කරන්න දන්නෙ නෑ
ඈත මෑත දෝ යොවුන් හදේ ද දන්නෙ නෑ
කවුද මේක මැව්වෙ දන්නෙ නෑ  ...//

ගායනය - ත්‍රී සිස්ටර්ස්
පද රචනය - හේම ශ්‍රී ද අල්විස්
තනුව හා සංගීතය - වික්ටර් දළුගම

Friday, March 27, 2015

නෙත් යුග රන් තරු


නෙත් යුග රන් තරු යුවළ තමයි
තොල් පෙති නාදළු වලට සමයි
මගෙ හද ඔබෙ සුව යහන තමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි

අඳුරින් බර වැලි කතරෙ පවා
ආලෝකය දෙමි උදය හවා
ගිමනට සීතල සෙවණ මවා
දිය දහරක් වෙමි පවස නිවා
දිය දහරක් වෙමි පවස නිවා

නෙත් යුග රන් තරු යුවළ තමයි
තොල් පෙති නාදළු වලට සමයි
මගෙ හද ඔබෙ සුව යහන තමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි

රළ ලෙස ජීවන දිය දහරේ
අත ගෙන එමි ඔබ යන පාරේ
සුපුරුදු ගතිගුණ නොම නෑරේ
දුක හෝ සැප විඳගමු මිහිරේ
දුක හෝ සැප විඳගමු මිහිරේ

නෙත් යුග රන් තරු යුවළ තමයි
තොල් පෙති නාදළු වලට සමයි
මගෙ හද ඔබෙ සුව යහන තමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි

ගායනය - ත්‍රී සිස්ටර්ස්
පද රචනය - හේම ශ්‍රී ද අල්විස්
තනුව හා සංගීතය - වික්ටර් දළුගම

Wednesday, December 4, 2013

සුපිපෙන මලකින්



සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා
ආදරයේ බිඟු යාද එමල හැර දාලා
දුක දී ආදරයේ බිඟු යාද එමල හැර දාලා ...//

වනේ මලකට ළංවෙලා
රහස් හෙමිහිට කොඳුරලා ...//

සීත සුළඟේ සැරි සරා
පාමි පෙම් රැඟුමක් නුරා ...//

සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා
ආදරයේ බිඟු යාද එමල හැර දාලා
දුක දී ආදරයේ බිඟු යාද එමල හැර දාලා

වැල්ල සිපගෙන ආදරේ
රැල්ල පෙරළේ සාගරේ ...//

නැද්ද බඹරෝ මා කෙරේ
මුලදි පිදු ඒ ආදරේ ...//

සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා
ආදරයේ බිඟු යාද එමල හැර දාලා
දුක දී ආදරයේ බිඟු යාද එමල හැර දාලා ...//

ගායනය: අමිතා වැදිසිංහ
පද රචනය: හේම ශ්‍රී ද අල්විස්
තනුව: වික්ටර් දළුගම

Saturday, November 30, 2013

මයුරාසන මත වැඩ හිඳිනා


මයුරාසන මත වැඩ හිඳිනා
කඳ සුරිඳුනි ඔද තෙද රඳනා
හද උතුරන සෝ දුක කියමී
හිමි පා මුල මම වැඳ වැටෙමී
මයුරාසන මත වැඩ හිඳිනා
කඳ සුරිඳුනි ඔද තෙද රඳනා

මුහුණු සයකි අත් දොළසින් සොබනා
සවන යොමනු කඳ සුරිඳේ …//
මිනිසා මිනිසට ගරහන්නේ
මවුපියො නෑ ඔහු හඳුනන්නේ

මයුරාසන මත වැඩ හිඳිනා
කඳ සුරිඳුනි ඔද තෙද රඳනා
හද උතුරන සෝ දුක කියමී
හිමි පා මුල මම වැඳ වැටෙමී
මයුරාසන මත වැඩ හිඳිනා
කඳ සුරිඳුනි ඔද තෙද රඳනා

ශක්තිය බලපා යුක්තිය පාගා
පුහු මානය හද රන්දා …//
වස්තුව නිල බලතල හින්දා
මිනිසා මිනිසට දෙයි නින්දා

මයුරාසන මත වැඩ හිඳිනා
කඳ සුරිඳුනි ඔද තෙද රඳනා
හද උතුරන සෝ දුක කියමී
හිමි පා මුල මම වැඳ වැටෙමී
මයුරාසන මත වැඩ හිඳිනා
කඳ සුරිඳුනි ඔද තෙද රඳනා

ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය: හේම ශ්‍රී ද අල්විස්
තනුව: ආචාර්ය වික්ටර් රත්නායක